ජීවත්වීම, ආරක්ෂාව, සංවර්ධනය සහ සහභාගීත්වය යන ක්ෂේත්‍රයන් ඔස්සේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට 1990 දී ශ්‍රී ලංකාව අත්සන් තැබුවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ වගවන බවට ගෝලීය මට්ටමින් සහතික ලබා දෙමිනි.
ළමා අයිතිවාසිකම් ඇස් පනාපිට උල්ලංඝනය වන එවැනි පසුබිමක මෙවසරේ ද ලෝක ළමා දිනය සැමරීමට අපි සුදානම් වෙමින් සිටිමු.

“සියල්ලටම ප්‍රථම දරුවන්”
මෙවර ලෝක ළමා දින ජාතික සැමරුම නම් කර ඇත්තේ “සියල්ලටම ප්‍රථම දරුවන්” යන තේමාව යටතේ ය.
මෙම සැමරුමට සමගාමිව ජාතික ළමා නාට්‍ය, කෙටි ළමා චිත්‍රපට හා ළමා චිත්‍ර තරග සංවිධානය කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කෙරෙන බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
රටපුරා දූ දරුවන්ගේ සක්‍රීය සහභාගිත්වය සහිත වැඩසටහන් රැසකින් සමන්විත සැමරුම ළමයින්ගේ නිර්මාණාත්මක දක්ෂතා හා කුසලතා ඇගයීම අරමුණු කොටගෙන සංවිධාන කරන බව සංවිධායකයෝ වැඩිදුරටත් කියා සිටිති.
ජාතික නාට්‍ය තරගාවලිය
ජාතික නාට්‍ය තරගාවලිය සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් සීමිත හා විවෘත යන දෙඅංශයෙන් පැවැත්වෙයි.
සීමිත අංශය ළමා සමාජ හා ළමා සංවර්ධන මධ්‍යස්ථාන දරුවන් සඳහා වෙන් කර ඇති අතර විවෘත අංශය පාසල්, ජාත්‍යන්තර පාසල්, අනුමත පාසල්, දහම් පාසල්, කලායතන හා යෞවන සමාජ නියෝජනය කරන දරුවන් වනුවෙන් වෙන් කර ඇත.
“අපේ ලෝකය අපේ දෑසින්” - කෙටි ළමා චිත්‍රපට
“අපේ ලෝකය අපේ දෑසින්” යන්න තේමා කොටගත් කෙටි ළමා චිත්‍රපට තරගාවලිය ද සීමිත හා විවෘත අංශ දෙකෙන් යුක්ත ය.
සීමිත අංශය සඳහා ළමා සමාජ නියෝජනය කරන දරුවන්ට ඉදිරිපත් විය හැකි අතර විවෘත අංශය රජයේ පාසල්, දහම් පාසල් හා විශ්ව විද්‍යාල ආයතන නියෝජනය කරන සිසුන්ට වෙන් කර ඇත.

“කියන්න බැරි දේ අඳින්න - තෙලිතුඩක අසිරිය”
ළමා චිත්‍ර තරගාවලිය පැවැත්වෙනුයේ “කියන්න බැරි දේ අඳින්න තෙලිතුඩක අසිරිය” යන තේමාවෙනි.
රජයේ පාසල්, අනුමත පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් විද්‍යායතන, ළමා නිවාස හා ළමා සංවර්ධන මධ්‍යස්ථාන දරුවන්ට මෙම තරගාවලියට සහභාගි වීමට හැකි ය.
වයස් කාණ්ඩ අනුව තරග අංශ පහකි,
වයස අවුරුදු 05 – 06 අතර දරුවන් සඳහා ප්‍රාථමික අංශය
වයස අවුරුදු 07 – 09 අතර දරුවන් සඳහා පශ්චාත් ප්‍රාථමික අංශය
වයස අවුරුදු 10 – 12 අතර දරුවන් සඳහා කණිෂ්ඨ අංශය
වයස අවුරුදු 13 – 15 අතර දරුවන් සඳහා ජ්‍යෙෂ්ඨ අංශය
වයස අවුරුදු 16 – 18 අතර දරුවන් සඳහා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය
තරග පිළිබඳ සියලු තොරතුරු හා අයැදුම්පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්/ සහකාරවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්/ සහකාරවරුන් වෙතින් මෙන්ම www.probation.gov.lk සහ www.childwomenmin.gov.lk වෙබ් අඩවිවලින් ද ලබා ගැනීමට හැකි ය.
වැඩිදුර විස්තර පහත දුරකථන අංකවලින් ලබා ගැනීමට හැකි ය.
011 - 2186062 / 071 -4392846 / 076-9905750 / 076 – 9905754




