BREAKING
Top Ad
Life

දැරියන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු චීන තරුව අත්අඩංගුවට!

T

The Leader

August 2, 2021 • 2:05 AM

දැරියන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු චීන තරුව අත්අඩංගුවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන-කැනේඩියානු පොප් ගායක ක්‍රිස් වූ, ලිංගික අපයෝජන චෝදනාවලට සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  • සංගීත හෝ රංගන ක්ෂේත්‍ර තුළ ඉතා ඉහල ආර්ථික වාසි අත්වෙන අවස්ථා ලබා දෙන බව පවසමින් යොවුන් දැරියන් ලිංගික ක්‍රියා සඳහා පොළඹවා ගැනීම ගැන 19 හැවිරිදි ඩූ මෙයිසු නම් සරසවි යුවතියක් පළමු වරට අන්තර්ජාලය ඔස්සේ ක්‍රිස් වූට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.
  • මින් වසර දෙකකට ඉහත දී ක්‍රිස් විසින් තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බව ඩූ මෙයිසු විසින් පසුගියදා හෙළි කර තිබූ අතර NetEase නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා තිබුණේ තමන් ද ඇතුළුව ඔහුට හසුවූ 8 දෙනකු පිළිබඳව ඇය දන්නා බවයි.
  • මේ ගැන කිසිවකුටත් නොපවසන ලෙසට කියමින් ඇයට යුවාන් ලක්ෂ 5ක මුදලක් ගෙවූ නමුත් දැන් තමන් හඬ අවදි කිරීමට තීරණය කළේ "අසාධාරණයට ලක්වූ අන්තිමයා" තමන් විය යුතු නිසා බව ඩූ මෙයිසු කියා තිබුණා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


"ලිංගික කාර්යයන් පවත්වාගෙන යාම පිණිස කිහිප විටකදීම තරුණ කාන්තාවන් රැවටීම" ගැන අන්තර්ජාලය ඔස්සේ එල්ල වුණු චෝදනා අනුව විමර්ශන කටයුතු සිදු කරන බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

සංගීත හෝ රංගන ක්ෂේත්‍ර තුළ ඉතා ඉහල ආර්ථික වාසි අත්වෙන අවස්ථා ලබා දෙන බව පවසමින් යොවුන් දැරියන් ලිංගික ක්‍රියා සඳහා පොළඹවා ගැනීම ගැන 19 හැවිරිදි ඩූ මෙයිසු නම් සරසවි යුවතියක් පළමු වරට අන්තර්ජාලය ඔස්සේ ක්‍රිස් වූට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.

චීනය තුළ ඉතාම ජනප්‍රිය තරුවක් වන ක්‍රිස් වූ තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මින් වසර දෙකකට ඉහත දී ක්‍රිස් විසින් තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බව ඩූ මෙයිසු විසින් පසුගියදා හෙළි කර තිබූ අතර NetEase නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා තිබුණේ තමන් ද ඇතුළුව ඔහුට හසුවූ 8 දෙනකු පිළිබඳව ඇය දන්නා බවයි.  

ඉන් දෙදෙනකු බාල වයස්කාරියන් වේ.

මේ ගැන කිසිවකුටත් නොපවසන ලෙසට කියමින් ඇයට යුවාන් ලක්ෂ 5ක මුදලක් ගෙවූ නමුත් දැන් තමන් හඬ අවදි කිරීමට තීරණය කළේ "අසාධාරණයට ලක්වූ අන්තිමයා" තමන් විය යුතු නිසා බව ඩූ මෙයිසු කියා තිබුණා ය.

එසේම, ඇය මුදල නැවත ගෙවීමටත් නීති ක්‍රියාමාර්ගවලට මුහුණ දීමටත් සුදානම් බව කියා තිබුණි.



සබැඳි පුවත් :

දැරියන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීම ගැන චෝදනා එල්ල වුණු චීන තරුවට දැඩි විරෝධය !


 

THE LEADER TV 
 
ජනාධිපති ලේකම් රටම අවධානමේ දායි !
 
 
ජනපති, මිනිපිරිය බලන්න ඇමරිකාවට! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...