BREAKING
Top Ad
Life

ඉන්දියාවේ කොවිඩ් සහන සේවාවලට උපකාර කිරීමට ජනප්‍රිය තරු එක්වෙයි

T

The Leader

August 10, 2021 • 6:28 AM

ඉන්දියාවේ කොවිඩ් සහන සේවාවලට උපකාර කිරීමට ජනප්‍රිය තරු එක්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ කොවිඩ් සහන සේවාවලට අරමුදල් එක්කාසු කිරීම සඳහා එඩ් ශිරන්, ඇනී ලෙනොක්ස් සහ සර් මික් ජැගර් වැනි ලෝක ප්‍රකට
  • ඒ අනුව, ලොව පුරා ජනප්‍රිය තරු සියයකට වැඩි පිරිසක් සහභාගී වන, "ඉන්දියාව වෙනුවෙන් අපි" මැයෙන් නම් කළ වර්චුවල් ප්‍රසංගය අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන බවයි ඊයේ (9) නිවේදනය කළේ.
  •   පැයක් 3ක් පුරා පැවැත්වෙන මෙම ප්‍රසංගය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරනු ඇත.
  • ඊට සම්මානිත සංගීතවේදී AR රහ්මාන් ඇතුළු ඉන්දීය සිනමා, සංගීත, ක්‍රීඩා, ප්‍රහසන ශිල්පින් 80කට වැඩි පිරිසක් එක්වීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංගීතවේදීන් බොලිවුඩ් තරු සමඟ එක්වී කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ලොව පුරා ජනප්‍රිය තරු සියයකට වැඩි පිරිසක් සහභාගී වන, "ඉන්දියාව වෙනුවෙන් අපි" මැයෙන් නම් කළ වර්චුවල් ප්‍රසංගය අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන බවයි ඊයේ (9) නිවේදනය කළේ.  

පැයක් 3ක් පුරා පැවැත්වෙන මෙම ප්‍රසංගය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරනු ඇත. ඒ, එහි සංවිධායකයින් වන The World We Want විසිනි.

ඊට සම්මානිත සංගීතවේදී AR රහ්මාන් ඇතුළු ඉන්දීය සිනමා, සංගීත, ක්‍රීඩා, ප්‍රහසන ශිල්පින් 80කට වැඩි පිරිසක් එක්වීමට නියමිත ය.

බොලිවුඩ් නළු රාජ්කුමාර් රාඕ විසින් ප්‍රසංගය මෙහෙයවනු ලැබේ.

මාරාන්තික කොවිඩ් දෙවැනි රැල්ලෙන් බැටකන ඉන්දියාවේ රෝහල්වලට අවශ්‍ය කරන ඔක්සිජන් සංචිත, ICU ඒකක සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රසංගයෙන් ඉන්දීය රුපියල් කෝටි 25ක අරමුදලක් එක්කාසු කිරීමට අපේක්ෂා කෙරේ.


 

 THE LEADER TV 

 
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට!
 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...