BREAKING
Top Ad
Life

නවයුගාගේ "පොට්ටු" - ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට

T

The Leader

August 22, 2021 • 5:23 AM

 නවයුගාගේ "පොට්ටු"  - ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවයුගා කුගරාජාගේ "පොට්ටු" කෙටි චිත්‍රපටය "JCI ඉස්තාන්බුල් ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ"
  • තරුණ ක්‍රියාකාරීන් උදෙසා රටවල් 120ක පමණ ක්‍රියාත්මක වන JCI (Junior Chamber International) නම් රාජ්‍ය නොවන සංවිධානයේ ඉස්තාන්බුල් ශාඛාවේ මූලිකත්වයෙන් සංවිධාන කරනු ලබන මෙම සිනමා උලෙළ මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වරට ය.
  • එය 16 වැනිදා දක්වා පැවැත්වේ.
  • ලොව පුරා සිනමා දැක්ම, සිනමා උලෙළ සංවිධාන කරන Lift-Off Global Network විසින් කුළුඳුල් සිනමා නිර්මාණකරුවන් වෙනුවෙන් පවත්වන First-time Filmmakers Session සඳහා ද "පොට්ටු" කෙටි චිත්‍රපටය මින්පෙර සුදුසුකම් ලබා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

තරුණ ක්‍රියාකාරීන් උදෙසා රටවල් 120ක පමණ ක්‍රියාත්මක වන JCI (Junior Chamber International) නම් රාජ්‍ය නොවන සංවිධානයේ ඉස්තාන්බුල් ශාඛාවේ මූලිකත්වයෙන් සංවිධාන කරනු ලබන මෙම සිනමා උලෙළ මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වරට ය.

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යන තේමාව මූලික කරගනිමින් පැවැත්වෙන මෙවර උලෙළ ඔක්තෝබර් පළමු වැනිදා ආරම්භ කිරීමට නියමිත ය. එය 16 වැනිදා දක්වා පැවැත්වේ.

WhatsApp Image 2021 08 22 at 12.54.28 PM

ලොව පුරා සිනමා දැක්ම, සිනමා උලෙළ සංවිධාන කරන Lift-Off Global Network විසින් කුළුඳුල් සිනමා නිර්මාණකරුවන් වෙනුවෙන් පවත්වන First-time Filmmakers Session සඳහා ද "පොට්ටු" කෙටි චිත්‍රපටය මින්පෙර සුදුසුකම් ලබා තිබුණි.

 

 


"පොට්ටු"

අධ්‍යක්ෂිකා නවයුගා කුගරාජා විසින් ප්‍රධාන චරිතයට පණ පොවන "පොට්ටු" කෙටි චිත්‍රපටයේ සෙසු චරිතවලට රංගන දායකත්වය සපයන්නේ ශැරොන් ප්‍රේසි, ප්‍රියා ඩැනියෙල්, ගීතානි සෙනවිරත්න, මනුජිතා දිමන්සා, යශෝධා රාධාක්‍රිෂ්ණන්, ජුලියානා ජෝන්ෆිලිප් විසිනි.

කැමරා අධ්‍යක්ෂණයෙන් මධුනි හිරන්‍යා අලහකෝන්, නිෂ්පාදන සැලසුම්, සංස්කරණය, VFX සහ තේමා ජෝෂුවා හිබී, සංගීතයෙන් MC රාජ්, කලා අධ්‍යක්ෂණයෙන් ගෝබි රාමනන්, හඬ නිෂ්පාදනය සහ සැලසුම්කරණයෙන් නන්දා නන්දි ජයකොඩි සහ ලාල් දිසානායක, ඇඳුම් නිර්මාණයෙන් අමා විජේසේකර, අංග රචනයෙන් මදාරා ගොඩගේ, ආලෝක සැපයුම්කරණයෙන් සුන්දරේසන් ජගදීසන්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, නිෂ්පාදන කළමනාකරණයෙන් පවිත්‍රා මධුභාෂිනී, පළමු සහය අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරිස්, දෙවන සහය අධ්‍යක්ෂණයෙන් කිරුශාන්ති ඥානප්‍රකාශම්, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් චතුරංගි රසිකලා පතිරගේ, සහය-නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් පතුර්ජන් විජේසේකර ඇතුළු විශාල පිරිසක් මේ නිර්මාණ කාර්යට උර දී තිබේ.

මිනිත්තු 12ක් පුරා දිවෙන "පොට්ටු", ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ වැඩසටහන (SRP) යටතේ නිර්මාණය කෙරුණකි.

 

 සබැඳි පුවත් :

පොට්ටු කෙටි චිත්‍රපටයෙන් එන සිහින පාරමී (වීඩියෝ)


THE LEADER TV 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...