BREAKING
Top Ad
Life

ස්මාට් දේශප්‍රේමය මම මේ ගීතය තුලින් දකිනවා : යොහානි දුටු මංගල

T

The Leader

August 25, 2021 • 2:47 AM

ස්මාට් දේශප්‍රේමය මම මේ ගීතය තුලින් දකිනවා : යොහානි දුටු මංගල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා මේ වනවිට සිටින්නේ ජනප්‍රියත්වය හිනි පෙත්තේ.
  •   සම්ප්‍රදාය සහ නූතනත්වය කැටි කරගත් ශ්‍රී ලාංකේය ගායනය ලෝකෙට ගෙනියන්න පුළුවන් නූතන ශ්‍රී ලාංකික ගායිකාවක් ලෙසයි මංගල යොහානිගේ දක්ෂතාවය දැක්කේ.
  •       මේ ගෑනු ළමයා නූතන ශ්‍රී ලාංකිකයෙක්     "මම ඊටත් වඩා විශ්වාස කරනවා මේ රටේ ඉන්න තරුණ ජනතාව, මම නම් හිතන්නේ මේ මිලේනියස් කියන එහෙම නැතිනම් X, Y පරපුර Z පරපුර කියල අලුත් පරපුරක් ඇතිවෙමින් තියෙනවා.
  • මේ අයට මෙතෙක් පරණ අයට නොතිබුණ දර්ශනයක් බලාපොරොත්තුවක් ඇතිවෙමින් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඇයගේ විසින් ගයන “මැණිකේ මගේ හිතේ ” ගීත කවරයට මේ වනවිට යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ රස විඳ ඇති පිරිස මිලියන පනහකට අධික යි.

විශේෂයෙන්ම, මින් පෙර මෙරට ගායන ශිල්පිනියකට නොලැබුණු තරම් දැවැන්ත ප්‍රතිචාරයක් අපේ අසල්වැසි ඉන්දියාවෙන් ඇයට ලැබෙන්න හේතු වුණේ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් මේ ගීතය අගයමින් පළ කළ සටහනක් නිසා.

ඉන්දියාවේ සුපිරි තරුවක් අගයන කල් අපේ රටේ කාටවත් යොහානිගේ අගය දැනුනේ නැති ද ?

නැහැ, එහෙම දැනුන කෙනෙක් හිටියා. ඇය අගයපු කෙනෙක් හිටියා. ඒ තමයි මංගල සමරවීර.
 

සම්ප්‍රදාය සහ නූතනත්වය කැටි කරගත් ශ්‍රී ලාංකේය ගායනය ලෝකෙට ගෙනියන්න පුළුවන් නූතන ශ්‍රී ලාංකික ගායිකාවක් ලෙසයි මංගල යොහානිගේ දක්ෂතාවය දැක්කේ.
 

මිලියන ගණනකගේ ආදරය දිනාගන්න කලින් ඇය ගැයූ ගීතයක්, මීට වසරකට පමණ ඉහත දී මතක පද වැඩසටහනට මංගල තෝරා ගෙන තිබුණේ අන්න ඒ නිසයි.
 
 
 
මේ ගෑනු ළමයා නූතන ශ්‍රී ලාංකිකයෙක්
 
 

"මම ඊටත් වඩා විශ්වාස කරනවා මේ රටේ ඉන්න තරුණ ජනතාව, මම නම් හිතන්නේ මේ මිලේනියස් කියන එහෙම නැතිනම් X, Y පරපුර Z පරපුර කියල අලුත් පරපුරක් ඇතිවෙමින් තියෙනවා.

මෙන්න මේ අය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ අයට මෙතෙක් පරණ අයට නොතිබුණ දර්ශනයක් බලාපොරොත්තුවක් ඇතිවෙමින් තියෙනවා.


අන්න ඒ නිසා තමයි මේ අවසාන සින්දුවත් මම තෝරාගත්තේ. 

ඇත්ත වශයෙන්ම මෙතෙක් අපි කතා කළේ අතීතය ගැන නමුත් මේ අවසාන සින්දුවෙන් ඇත්ත වශයෙන්ම මේ රටේ අනාගතය ගැන විශාල බලාපොරොත්තුවක් මා තුල ඇතිවෙන්නේ... මේකේ දේශපාලනයක් ගැන නෙවෙයි කතා කරන්නේ නමුත් මේකෙන් ඇත්ත වශයෙන්ම සම්ප්‍රදාය සහ නූතනත්වය කියන දේ ඉතා ලස්සනට එකතු කරලා. .
 
මේ රට ගැන මේ වගේ ගායිකාවන් දැක්කම, මම කවුද කියලවත් දැක්කේ නැහැ මගේ අයි පෑඩ් එකේ දවසක් මං දැක්කම ඇත්ත වශයෙන්ම මට විශාල සතුටක් ඇතිවුණා මේ ගීතයට. 
 
මේක තමයි ලංකාවේ අනාගතය විය යුත්තේ. 
 
මේ ගෑනු ළමයා යොහානි, එක පැත්තකින් බොහොම පැරණි සිංහල  ගීතයක් නවීකරණය කරලා බටහිර ඔය රැප් හිපොප් සංකල්පවලට යම් කිසි විදියකින් එකතු කරගෙන අනික් පැත්තෙන් එක වෙලාවකට සාරියක් අඳිනවා, එක වෙලාවකට ඉරිච්ච ඩෙනිමක් අඳිනවා. 
 
 
නමුත් ඒ සියල්ල ඉදිරියේ මේ ගෑනු ළමයා නූතන ශ්‍රී ලාංකිකයෙක්. අන්න ඒකයි මම හිතන්නේ අද අපිට අවශ්‍ය. ශ්‍රී ලාංකිකත්වය නූතනවාදී බවට පත් කරන්න ඕන. 
 
 
මොකද අපි හැමදාම මේ ඉතිහාසය බදා ගෙන මහාවංශය විතරක් බදාගෙන එහෙම නැත්තන් දුටු ගැමුණු ගැන කතා කර කර ආපස්සට යන ජාතියකට වඩා මේ ප්‍රෞඩ ඉතිහාසයෙන් පන්නරය ලබපු නමුත් ලෝකයත් එක්ක ඉදිරියටම යන්න පුළුවන් සමානත්වයෙන් ඉදිරියට යන්න පුළුවන් සිංහල භාෂාව හොඳට කතා කරන ගමන් අපේ බෞද්ධ දර්ශනය හොඳට අදහන ගමන් අපේ චාරිත්‍ර වාරිත්‍ර හොඳට අනුගමනය කරන ගමන් ලෝකයත් එක්කත් ඉදිරියට යන්න පුළුවන් නූතනත්වයක් අපට අවශ්‍යයි.
 
මොකද දැනට අපි දේශප්‍රේමී කියලා කෑ ගහන්නේ දේශ හිතයිෂි කියලා කෑ ගහන්නේ අර පුංචි ළිඳක ඉන්න මහ ගෙම්බෝ වගේ සෙට් එකක්. 
 
ලෝකේ මොකක්ද කියලා දන්නේ නැහැ. පුංචි ළිඳේ ඉඳන් අපි පොරවල් කියලා කෑ ගැහුවට අද මුළු ලෝකෙම අපිව දාගෙන යනවා. 
 
 
නමුත් අප නූතන දේශප්‍රේමීත්වයක් ඇති කරන්න ඕන. ස්මාට් දේශප්‍රේමයක් අපි ඇතිකරන්න ඕන. අන්න ඒ ස්මාට් දේශප්‍රේමය තමයි මම මේ සින්දුව තුලින් දකින්නේ. මෙන්න මේ වගේ අලුත් ගායක ගායිකාවන් නිසා ඇතිවන සතුට සහ අනාගත බලාපොරොත්තුව මම හිතන්නේ දේශපාලන කතා 1000කින් එන බලාපොරොත්තුවට වඩා මේ වගේ සිංදුවකින් ඇතිවෙනවා."
 
 
 

The Leader TV
 

ස'ගෙ කැබිනට් මණ්ඩලේ තලේබාන් ඇමතියෙක්!

 

 

බෙහෙත් ගන්න සල්ලි නැති රටේ : කමල් ගුණරත්න තුර්කියේ ආයුද සල්පිලේ !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...