BREAKING
Top Ad
Life

සේරා ඕඩියෝ බුක්ස් කියන්නේ සුරංගනා කතාවක්...

T

The Leader

September 22, 2021 • 1:23 AM

සේරා ඕඩියෝ බුක්ස් කියන්නේ සුරංගනා කතාවක්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංජුල වෙඩිවර්ධනගේ 'ඊ ලියුං කරදහියක්' ශ්‍රව්‍ය කාව්‍යය Sera Audio Books යූටියුබයේ උඩුගත කරලා දවසක් ඇතුලත 1000 දෙනා නරඹලා. සමහර ඕපාදූප
  • විතරක් නෙවෙයි නොයෙක් විදියේ කෙනෙහිලිකම් සහ හිත් රිදීමුත් ඇති කරන ගමන්.
  • සියල්ල ඇති සැටියෙන්.) ඒත් ජිවිතේ ඒ වගේ මිනිසුන් සහ අවස්ථාවන් ඕනෑ තරම් පහුකරලා තියෙන මම මගේ සේරා ඕඩියෝ බුක්ස් කණ්ඩායම සමග නොනවතින ගමනක.
  • ශ්‍රව්‍ය පොත් කරන අතරේම මංජුල වෙඩිවර්ධනගේ මේ 'ඊ ලියුං කරදහියක්' කවිය ශ්‍රව්‍ය කවියක් බවට පත් කරන්න මම සැලසුම් කරේ හරියටම මීට අවුරුද්දකට කලින්.
අකුරු ප්‍රමාණය (Font Size):

වලට ලැබෙන views එක්ක සංසන්දනය කරොත් නම් ඔව්... දාහක් කියන්නේ බොහොම පොඩි ගානක්... ඒත් ඒක අපිට ලොකු ගානක්
.
මීට අවුරුද්දකට කලින් මම සේරා ඕඩියෝ බුක්ස් ආරම්භ කරන්නේ 'දේශි' සහ 'නිෂ් මුදියන්සේ' කියන තරුණ දරුවන් දෙන්නා එක්ක. පස්සේ කාලෙක දේව්, සශී, සත්‍යා, කසුන්, රෝහණ වගේ තරුණ දරුවන් කිහිප දෙනෙකුත් තිලින සමරසූරිය වගේ හඬ ප්‍රවීනයනුත් මේ වැඩේ එක්ක සම්බන්ධ කරගන්න මට පුළුවන් කම ලැබෙනවා.
.

තව දෙයක්. ආරම්භයේදී බොහොම ආදරෙන් මේ වැඩේට සම්බන්ධ කරගත්තු සමහරු අතරමගදී යන්නේ හේතු නොදක්වාම. විතරක් නෙවෙයි නොයෙක් විදියේ කෙනෙහිලිකම් සහ හිත් රිදීමුත් ඇති කරන ගමන්. අන්න ඒකයි මම කියන්නේ මේක සුරංගනා කතාවක් වගේ කියලා. සියල්ල සපිරි.... (පස්සේ කාලෙක ඒ කතාන්දර ලියන්න අදහසක් තියෙනවා. සියල්ල ඇති සැටියෙන්.) ඒත් ජිවිතේ ඒ වගේ මිනිසුන් සහ අවස්ථාවන් ඕනෑ තරම් පහුකරලා තියෙන මම මගේ සේරා ඕඩියෝ බුක්ස් කණ්ඩායම සමග නොනවතින ගමනක. .

126938583 100287798595842 4719552997922849691 n
.
ශ්‍රව්‍ය පොත් කරන අතරේම මංජුල වෙඩිවර්ධනගේ මේ 'ඊ ලියුං කරදහියක්' කවිය ශ්‍රව්‍ය කවියක් බවට පත් කරන්න මම සැලසුම් කරේ හරියටම මීට අවුරුද්දකට කලින්. අපේ හඬ ශිල්පිනිය 'දේශි' මේ කවිය කියවන්න ගන්නේ අවුරුද්දකට කලින් ඉඳලා. කවිය වොයිස් කරලා එවන හැම වතාවකම මම ඇයට කිව්වේ "හදිසියක් නෑ... අපි හෙමීට කරමු. තව හොඳට කවිය කියවලා තේරුම් ගන්නකො" කියල. මගේ ළමයි මගේ ඒ කියමනේ තේරුම දන්නවා. බැරිම තැන 'අක්කම ඕක කියවන්නකෝ' කියලත් ඇය කිව්වා. ඒත් අන්තිමට 'දේශි' වැඩේ හරියට කරා. 'දේව්' ඒකේ හඬ සංස්කරණය හරි අපූරුවට කළා. මංජුලගේ 'ඊ ලියුං කරදහියක්' කාව්‍යයට අපි උපරිම සාධාරණයක් ඉෂ්ඨ කළා කියල අපි හිතනවා. (අවාසනාවකට වගේ දැනට මේ දක්ෂ තරුණ දරුවන්ගේ ඇත්ත නම් ගම් හෙළි කරන්න මට පුළුවන් කමක් නෑ. ඔවුන් කැමති මේ විදියට වැඩ කරන්න. ඒත් මට ඔවුන්ගේ නම් ගම් ප්‍රසිද්ධියේ කියන්න හැකි වෙන දවසක් ඉතා ඉක්මනින් ඒවි)
.
සේරා ඕඩියෝ බුක්ස් අපි සතුටින්. අපට වචනයකින් හෝ දිරි දුන්න, වැටෙන හැම වෙලාවකම අපව තනි නොකරපු ඔබත් මේ සතුටේ හිමිකාරයන්. ('ඔබේ' පපුවට පොඩි තට්ටුවක් දාලා අහන්න. ඔබත් මේ සතුටේ ඇත්තම හිමිකාරයෙක් ද කියල.)
.
මගේ තනි හීනයකින් පටන් ගත්ත සේරා ඕඩියෝ බුක්ස් දැන් සාමුහික හීනයක් වෙලා.
.
ඔබ සියලු දෙනාටම ස්තුතියි!
.
(මේනකා ජයසුන්දර මුහුණු පොතෙනි)

 

 


THE LEADER TV 
 
ස ගේ ඇමරිකන් කතාවේ පිටපත
 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...