BREAKING
Top Ad
Life

යුද ගැටුම්වලින් පීඩිත සෝමාලියාවේ දශක තුනකට පසු සිනමා දැක්මක්!

T

The Leader

September 24, 2021 • 4:59 AM

යුද ගැටුම්වලින් පීඩිත සෝමාලියාවේ දශක තුනකට පසු සිනමා දැක්මක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද ගැටුම්වලින් හානියට පත් රට තුළ සංස්කෘතික පුනර්ජීවයක් අපේක්ෂාවෙන් සෝමාලියාව, දශක තුනකට පසු පළමු වරට චිත්‍රපට ප්‍රදර්ශනයක් පවත්වා
  • මෙම රඟහල, අප්‍රිකානු ජාතීන්ගේ අඟ (horn) ලෙසින් සැලකෙන සෝමාලියාව තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඇතිවූ ගැටුම් සිහිගන්වන ඉතිහාසයක් ඇති ස්ථානයකි.
  •   මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ඉලක්කයක් වූ මෙම රඟහල යුද ප්‍රධානින් විසින් කඳවුරක් ලෙස ද භාවිතා කර තිබුණි.
  • එසේම, ඉකුත් බදාදා (22) වනතෙක් එහි කෙදිනක හෝ සෝමාලි සිනමාපටයක් ප්‍රදර්ශනය කර තිබුණේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙනවා.

දැඩි ආරක්ෂක රැකවල් මැද මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදු කර ඇත්තේ පසුගිය බදාදා (22) එරට ජාතික රඟහලේ දී ය.

මෙම රඟහල, අප්‍රිකානු ජාතීන්ගේ අඟ (horn) ලෙසින් සැලකෙන සෝමාලියාව තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඇතිවූ ගැටුම් සිහිගන්වන ඉතිහාසයක් ඇති ස්ථානයකි.

 

5000

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ඉලක්කයක් වූ මෙම රඟහල යුද ප්‍රධානින් විසින් කඳවුරක් ලෙස ද භාවිතා කර තිබුණි. එසේම, ඉකුත් බදාදා (22) වනතෙක් එහි කෙදිනක හෝ සෝමාලි සිනමාපටයක් ප්‍රදර්ශනය කර තිබුණේ නැත.

"අද සෝමාලි ජනතාවට ඓතිහාසික රාත්‍රියක් වේවි: අවුරුදු ගාණක අභියෝගවලට පස්සේ.. බලාපොරොත්තු යළි පිබිදෙන විදිය මේකෙන් පේනවා," යැයි රඟහලේ අධ්‍යක්ෂ අබ්දිකදීර් අබ්දී යුසුෆ් චිත්‍රපට තිරගත කිරීමට පෙර පැවසුවේ ය.

"සෝමාලි ගීත රචකයින්ට, කතා කියන්නන්ට, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට වගේම නළුවොන්ට තමන්ගේ දක්ෂතා විවෘතව පෙන්නන්න ඉඩ ලබා දෙන වේදිකාවක්."

 

2824151 123086743
සෝමාලි අධ්‍යක්ෂ ඉබ්‍රහිම්ගේ "Hoos" සහ "Date from Hell" යන කෙටි චිත්‍රපට දෙක එදින පස්වරුවේ ප්‍රදර්ශනය කෙරුණි. එහි එක් ප්‍රවේශපත්‍රයක් අලෙවි කෙරුණේ ඩොලර් දහයකට වන මුත් එය බොහෝ දෙනකුට දැරිය නොහැකි මිලකි.

මාවෝ සේතුංගේ ත්‍යාගයක් ලෙස 1967 දී මොගඩිෂු නුවර ඉදිවූ මෙම රඟහල 1991 එරට සිවිල් යුද්ධයේ ඇරඹුමත් සමඟ කලා කටයුතු සඳහා විවෘත නොවුණි.

(අවාරා)

 


THE LEADER TV 
 
ලොක්කා බයවෙලා ? 
 
 
රාජ්‍ය අනුග්‍රහයෙන් කෘෂි රසායන ජාවාරමක් ! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...