BREAKING
Top Ad
Life

පොතක් ගැන කතාවක් - සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව අද සංවාදයට

T

The Leader

September 28, 2021 • 11:12 PM

පොතක් ගැන කතාවක් - සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව අද සංවාදයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ 42 වැනි වැඩසටහන අද දිනයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
  • බහුත්ව ජාන සැබැදියාව පිළිබඳ ව ද ලක්දිව ඉතිහාසය ඔස්සේ රචනා වී ඇති ප්‍රථම කෘතිය ද මෙය වේ.
  •   ඉතිහාසය ඒකමානීයව තහවුරු කොට වර්ගමූලය ක ට ආන්තික කොට ඇති මිථ්‍යාව මෙම කෘතිය ඔස්සේ බිඳ දමයි.
  • විශේෂන්ම ක්‍රිස්තු පූර්ව දහවැනි සියවසේ සිට පණ්ඩුකාභය රජතුමාගේ දේශපාලන නැගීම සිදු වූ කි :පූ 4 වෙනි සියවස දක්වා ලයමානීය භාෂා වහරකින් ලක් ඉතිහාස පවත සුකුමාල තුළින් ගොඩනඟා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (29) රාත්‍රී 9ට ඇරඹෙන සංවාදයට මුල් වන්නේ සුජිත් අක්කරවත්තගේ සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව නම් කෘතියයි. එහිදී මූලික අදහස් දක්වනුයේ අනිල් හේරත් විසිනි.


"සුකුමාල", ලංකා ජන සමාජය බිහි වීමට බලපෑ ජාන මුසුව පිළිබඳ මූලාශ්‍ර හා විත්ති අන්දර හා ඓතිහාසික සියලුම ග්‍රන්ථ සම පෙළේ තබාගෙන සිදු කරන පර්යේෂණාත්මක ඓතිහාසික නවකතාවකි.

බහුත්ව ජාන සැබැදියාව පිළිබඳ ව ද ලක්දිව ඉතිහාසය ඔස්සේ රචනා වී ඇති ප්‍රථම කෘතිය ද මෙය වේ.

එකිනෙකට වෙනස් සමාජ දේශපාලන සහ ජාන ගෝත්‍රයන්හි භාව භාවිතාව ඔස්සේ බැඳී තිබුණා වූ පහන් සරාගී ඉතිහාසය චිත්‍රණය කරන මෙම කෘතිය ජනවංශ විත්ති සහ ඓතිහාසික වංශ කෘති සියල්ලේම ඉතිහාස දැකීම් පසක් කරවමින් රචිත භාව පර්යේෂණාත්මක නවකතාවකි.

 

Sukumala 22

ඉතිහාසය ඒකමානීයව තහවුරු කොට වර්ගමූලය ක ට ආන්තික කොට ඇති මිථ්‍යාව මෙම කෘතිය ඔස්සේ බිඳ දමයි.

සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව ලක්දිව ජන සමාජයේ සුභාවිත ව පැවැති බහුත්වවාදී සුසැදිය හා එය ලෝකයා සමග බැඳී ගොඩනැගෙන ආකාරය දාර්ශනිකව ප්‍රායෝගික තලයේ සාකච්ඡා කරයි .

විශේෂන්ම ක්‍රිස්තු පූර්ව දහවැනි සියවසේ සිට පණ්ඩුකාභය රජතුමාගේ දේශපාලන නැගීම සිදු වූ කි :පූ 4 වෙනි සියවස දක්වා ලයමානීය භාෂා වහරකින් ලක් ඉතිහාස පවත සුකුමාල තුළින් ගොඩනඟා ඇත.

ශ්‍රාස්ත්‍රිය දත්ත සහ යටපත් කොට ඇති ඉතිහාස මූලාශ්‍ර සම මිශ්‍රණය කරමින් ලක් ඉතිහාසයේ පිටමං පුවත එ තුළින් පූර්ණය කරයි.

සුජිත් අක්කරවත්තගේ ග්‍රන්ථ අතර පාඨක විචාරක ප්‍රසාදය ඉහළින් ලද කෘතියක් සේ මෙම පොත විශේෂයෙන්ම සඳහන් කළ හැකි ය.

මුලින්ම 2013 වසරේ ප්‍රකාශට පත් සුකුමාල හෙවත් ජාන පූර්ණිකාව මේ වෙන විට වුන විට පස් වන මුද්‍රණ වාරයෙන්ද ප්‍රකාශයට පත්ව ඇත.

පොතක් ගැන කතාවක් වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව ඔස්සේ ද සිදුකෙරේ.

Zoom සබැඳිය පහත පරිදි වේ,

 
Zoom ID : 8503155015
Passcode : chem123
 
IMG 20210926 WA0006
 
THE LEADER TV 
 
ජනතාව ගහලා එලවන දිනය වැඩි ඈතක නෑ 
 
 
 
ඩලස්ට උඩින් මාධ්‍ය හසුරවන කෙරුමෙක් ! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...