BREAKING
Top Ad
Life

යොහානිගේ 'මැණිකේ මගේ' අද නවදිල්ලියේ

T

The Leader

September 29, 2021 • 11:28 PM

යොහානිගේ 'මැණිකේ මගේ' අද නවදිල්ලියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවූ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන
  •   ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවියගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය ආරම්භවීම හේතුවෙනි.
  •   ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.
  • සහ රැප් ගායක සතිශාන් රත්නායක සහ යොහානි ඇතුළු තවත් 5 දෙනෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):
ගුරුග්‍රෑම් අහසේ බැබලෙනු ඇත.
 
ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවියගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය ආරම්භවීම හේතුවෙනි.
 
ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.
 
ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයන් එක රැයකින් අති ක්‍රමණය කොට ජාත්‍යන්තර වේදිකාවක සංගීත රසිකයන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා ඇයට කිසිම වෙහෙසක් දරන්නට සිදු නොවීම ආශ්චර්යයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.
 
ඇගේ සංගීත කණ්ඩායම නවදෙනකුගෙන් යුත් තාරුණ්‍යයේ සුපිපි තරු නව දෙනෙක් අයත් වෙති.
 
සංගීත අධ්‍යක්ෂණය චමත් සංගිත්, ගේය පද රචනා දුලාන් ඒ.ආර්.එස්. සහ රැප් ගායක සතිශාන් රත්නායක සහ යොහානි ඇතුළු තවත් 5 දෙනෙකි.
 
8b867baaa715379bfa5e713896866f15 XL 
 
යොහානි දිලෝකා ද සිල්වා සංගීත සංදර්ශනය පවත්වන ගුරුග්‍රෑම් නගරයට පැමිණෙන සංගීත රසිකයන් පිරිස අති විශාල වනු ඇති බවට සංවිධායකයෝ විශ්වාස කරති.
 
දැනටමත් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකු ඒ.ආර්. රහුමාන්ගේ ගීතයක් අභිබවා යූටියුබ් නාලිකාවේ 6 වැනි ස්ථානයට යොහානි සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පැමිණ තිබේ.
 
මෙම සංගීත ප්‍රසංගය අද (30) දින සවස 6 ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අවශ්‍යවන ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය වැනි කටයුතු භාරදී තිබෙන්නේ එම කටයුතු පිළිබඳ හසල දැනුමක් ඇති ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වූ බුක්මයි ෂෝ නමැති සමාගමය.
 
බොලිවුඩ්හි තරු ඇතුළු ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සංගීත ශිල්පීන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මෙම සංගීත සංදර්ශනය නැරඹීම සඳහා පැමිණෙනු ඇතැයි සංවිධායකන් අදහස් පළකරති.
 
ඉන්දියාවේ ප්‍රධාන නගරයට කිට්ටුවෙන් පිහිටි හයිද්‍රාබාද්හිදී ඔක්තෝබර් 3 සවස 6 ට ඊළඟ සංගීත සංදර්ශනය පැවැත්වෙනු ඇත.
 
මෙම සංගීත සංදර්ශනවලින් පසුව යොහානි ගේ අනාගතය කුමන අතකට පෙරළේද යන්න විශ්වාස කළ නොහැකි තරමට භාරතයේ සංගීත ශ්‍රාවකයෝ උන්මාදයට පත්වී සිටිති.
 
විශාල සමාගම් ඇය වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇති අතර දැනටමත් ලෝකයේ රටවලින් ඇයට ඉල්ලීම් ගලා එන අතර වැඩි වශයෙන්ම ඒවා කළමනාකරණය කර හොඳ ප්‍රමිතියෙන් යුතුව සඳහා ඇය ඒවා කළමනාකරණය කිරීම ඉන්දියාවේ තවත් ප්‍රකට සමාගමකට පවරා තිබේ.
 
ඇයගේ සංගීත ප්‍රසංගය වෙනුවෙන් ආකර්ශනීය පෝස්ටරයක් නිර්මාණය කර ඇත.
 
 
 
යොහානි පසුගිය උතුරේ මෙහෙයුමේදී 55 වන සේනාංකයට අණදුන් මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ වැඩිමහල් දියණිය වේ.
 
ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපාධිධාරිණියකි. ඕස්ට්‍රේලියානු සරසවියක ශාස්ත්‍රපති උපාධියද හිමිකරගෙන සිටින්නීය.
 
 
රත්නපාල ගමගේ
ස්විස්ටර්ලන්තයේ සිට
lankadeepa.lk
 
 
සබැඳි පුවත් 
 
 
 
 

THE LEADER TV 
 
කොහොමද සර් කෑම? අති විශිෂ්ටයි !
 
 
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා ! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...