BREAKING
Top Ad
Life

මැණිකේ දිවයිනට : දේශපාලනයට නම් එන්නේ නැහැ

T

The Leader

October 13, 2021 • 4:34 AM

මැණිකේ දිවයිනට : දේශපාලනයට නම් එන්නේ නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මැණිකේ මගේ හිතේ" ගීතය ගයමින් රටවල් රැසක ජනාදරයට පත් යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (12)
  • ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි යොහානිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
  • එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යොහානි පවසා සිටියේ, තමාට ඉදිරි වැඩකටයුතු පිළිබඳ බලාපොරොත්තු රැසක් ඇති බව යි.
  • පළමුවෙන් ම මගේ ඇල්බම් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

යළි දිවයිනට පැමිණියා.

සති දෙකක පමණ කාලයක් ඉන්දියාවේ රැඳී සිටිමින් නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි සංගීත ප්‍රසංග දෙකක්, ජනප්‍රිය නළු සල්මන් ඛාන් මෙහෙයවන බිග්බොස් රූපවාහිනී වැඩසටහන, රූපවාහිනී සම්මුඛ සාකච්ඡා ඇතුළු වැඩසටහන් ගණනාවකට ඇය සහභාගී වී තිබුණි.

ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි යොහානිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යොහානි පවසා සිටියේ, තමාට ඉදිරි වැඩකටයුතු පිළිබඳ බලාපොරොත්තු රැසක් ඇති බව යි.

"ඉදිරි බලාපොරොත්තු රැසක් තියෙනවා. පළමුවෙන් ම මගේ ඇල්බම් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇල්බම් එකේ කටයුතු කරගෙන යනවා මේ දවස්වල."

ඔබේ ජනප්‍රියත්වය හරහා දේශපාලනයට පැමිණීමේ අදහසක් තිබෙනවා ද යන්නෙන් විමසූ පැනයකට සිනහ මුසු මුහුණෙන් ඇය කියා සිටියේ.

"අනිවාර්යෙන් ම නෑ. මම ආටිස් කෙනෙක්. තවම සංගීත ක්ෂේත්‍රය හදාරන කෙනෙක්. ඒ මට ඇති," යනුවෙනි.

 

 


 
THE LEADER TV 
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? 
 
 
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් ! 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...