BREAKING
Top Ad
Life

සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ ඉහලම සම්මානය ලංකාවට

T

The Leader

October 21, 2021 • 2:22 AM

සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ ඉහලම සම්මානය ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 7 වැනි සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළේ දී හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනූ මෙරට තරුණ සිනමා නිර්මාණකරුවෙක් වන හසන්ත
  • සුදර්ශියේ ලේකම් ප්‍රවීන රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස්, ITN සභාපති සුදත් රෝහණ ඇතුළු පිරිසක් ඔහු පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
  • සිනමා උලෙළ ඔක්තෝබර් 12 වැනිදා සිට 14 වැනිදා දක්වා තුර්කියේ දී පැවැත්වුණි.
  • කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගෙන ඇති හසන්ත, එහි අවසන් වසරේ නිර්මාණය සඳහා "Mutton" කෙටි චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
දිසානායක ඊයේ (20) දිවයිනට පැමිණියා.

සුදර්ශියේ ලේකම් ප්‍රවීන රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස්, ITN සභාපති සුදත් රෝහණ ඇතුළු පිරිසක් ඔහු පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
 
246780534 6868627226496232 1784016827149763608 n

තුර්කියේ පැවැත්වුණු සකර්යා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට රටවල් 193කින් කෙටි චිත්‍රපට 7000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර හසන්ත දිසානායකගේ "Mutton" කෙටි චිත්‍රපටය ඒ අතුරින් හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ඉකුත් 14 වැනිදා ය. සිනමා උලෙළ ඔක්තෝබර් 12 වැනිදා සිට 14 වැනිදා දක්වා තුර්කියේ දී පැවැත්වුණි.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගෙන ඇති හසන්ත, එහි අවසන් වසරේ නිර්මාණය සඳහා "Mutton" කෙටි චිත්‍රපටය නිර්මාණය කර තිබේ. මෙය මිනිත්තු 12ක් පුරා දිවයන කෙටි චිත්‍රපටය කි.

මෙම චිත්‍රපටය භූතානයේ DRUK International Film Festival උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි විශිෂ්ට කුසලතා සම්මානය දිනා ගෙන තිබුණි.
 
hasantha disanayake ii

"Mutton" තිර රචනය සහ අධ්‍යක්ෂණය හසන්ත දිසානායක, රංගනය නදීෂානි පේලිආරච්චි, මාලක විතානගේ, තරිඳු සේනානායක සහ හෂෙන් අචින්ත්‍ය, සංගීත අධ්‍යක්ෂණය මියුරු සංගීත්, කැමරා අධ්‍යක්ෂණය චින්තක බණ්ඩාර, සංස්කරණය අනුර බණ්ඩාර, සහය අධ්‍යක්ෂණය සුමුදු ලොකුපෝතාගමගේ, කලා අධ්‍යක්ෂණය රවිශංක ගමගේ, නිෂ්පාදන කළමනාකරණය තරංගනී ගමගේ විසින් සිදු කර තිබේ.  

මෙම සිනමාපටය 2021 සුදර්ශි කෙටි චිත්‍රපට උලෙළේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

 


THE LEADER TV 
 
අංඥකොරෝස් වෙන්න ළගයි අයින් කරලා දාන්න. | ස, ගේ දැනගැනීම පිණිසයි 
 
 
ලොන්තපෝල් ඩීල් ලාන් | මොණරවිලගේ ලියමන
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...