BREAKING
Top Ad
Life

වැඩිහිටි සිනමාවක් රටට අවශ්‍යයි චිත‍්‍රපට වාරණය කරන්න එපා..!

T

The Leader

October 22, 2021 • 3:58 AM

වැඩිහිටි සිනමාවක් රටට අවශ්‍යයි චිත‍්‍රපට වාරණය කරන්න එපා..!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ අන්තර්ජාතික තරගකාරී අංශයට තේරී පත්වුණු අශෝක හඳගමගේ "ඇල්බොරෝදා" සහ සංජීව පුෂ්පකුමාරගේ
  • රටට වැඩිහිටි සිනමාවක අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කරමින් ඔහු ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේ ය.
  • ඉතිං මම ඒ අයට සුභාශිංසන එක් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

"ආසු" යන චිත්‍රපට සංස්කෘතික පොලිසියේ පිහිතුඩුවලට කැපී නොයාවි යි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත පවසනවා.

රටට වැඩිහිටි සිනමාවක අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කරමින් ඔහු ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේ ය.

"අද වෙනකොට ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ අන්තර්ජාතික තරගකාරී අංශයට අශෝක හඳගම මහතාගේ "ඇල්බොරෝදා" සහ සංජීව පුෂ්පකුමාර මහතාගේ "ආසු" කියන චිත්‍රපටි දෙක තේරිලා තියෙනවා. ඉතිං මම ඒ අයට සුභාශිංසන එක් කරනවා.

විශේෂයෙන් මම හිතනවා අර සංස්කෘතික පොලිසියේ පිහිතුඩුවලට කැපිලා මේ චිත්‍රපටි අපේ රටේ ප්‍රදර්ශනය කරන්න බැරිවෙන විදියට නොයෙක් ඊනියා සංස්කෘතිකවාදීන්ගේ තර්ජනවලට හසු නොවේවි කියලා මං විශ්වාස කරනවා.

 

මොකද මේක ජාත්‍යන්තරය දිනපු අවස්ථාවක්, ජාත්‍යන්තරයේ වැජඹෙච්ච අවස්ථාවක්. ඉතිං අපි රටක් හැටියට සංස්කෘතිය හා කලාව කියන දේවල් එක්ක ඉස්සරහට යනකොට ගොඩක් දේවල් අපි තහනම් කරනවාට වඩා අවබෝධයෙන් යුතුව වැඩිහිටි සිනමාවක්, වැඩිහිටි සිනමාවක අවශ්‍යතාවයක් තියෙනවා කියලා මතක් කරමින් කලාවත් එක්ක වාරණය පැත්තකට දාන්න පුළුවන් සමාජයක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය මතක් කරමින් අද සුවිශේෂී කාරණාවක් තමයි මේ රටේ සිද්ධ වෙන්නෙ ...." 

 


THE LEADER TV 
 
හොරුන්ට රෙද්දෙ ගිය ගුරු සටන | මොණරවිලගේ ලියමන
 
 
විමල්ට බැසිල්ගෙන් විශේෂ සැලකිලි ! | The Leader TV | Gossip
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...