BREAKING
Top Ad
Life

'ගීතයකට සංගීතය වුවමනා ම ද...?' මෙන්න පිළිතුර -ජයසිරි අලවත්ත

T

The Leader

October 24, 2021 • 1:29 AM

'ගීතයකට සංගීතය වුවමනා ම ද...?' මෙන්න පිළිතුර -ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදරෙයි මං ආදර සුදු කෙල්ලේ...
  • නමුදු කිසිදු සංගීත මිශ්‍රණයකින් තොර හුදෙක් වදන් වැලක් පමණක් ම යම් රිද්මයටකට, ළයාන්විත ලෙස ගැයූව ද වචන නැති සංගීත ඛාණ්ඩයක් රස විඳින ප්‍රමාණයට ම වින්දනයක් නොලැබෙතැයි බොහෝ දෙනාගේ මතය විය හැකි ය.
  •     යට සඳහන් ගීතය ශ්‍රවණය කළ මොහොත දක්වා ම මට ද එය දැනී තිබුණේ එලෙස ය.
  • එය මිථ්‍යාවක් බව ස්ඵුට වූයේ ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිරස රුපවාහිනී නාලිකාවේ විකාශනය වූ ‘‘තාත්තා’’ රුපවාහිනී නිර්මාණයේ අන්තර්ගත යට සඳහන් ගීතයට සවන් දීමෙන් සහ රස විඳීමෙන් ඉක්බිතිව ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
 
දුටු දා මා හදෙහී සෙනෙහේ බැඳුණේ
 
දැකලා දෑසේ රස ආආ... ශාආ... වේ
 
ජීවිතෙන් පූජා දෙමි මං මිහිරේ
 
ජීවිතෙන් පූජා දෙමි මං මිහිරේ
 
 
 
උතුරා ගලනා හද ආආ...ශාආ... වේ...
 
ආදරෙයි මං ආදර සුදු කෙල්ලේ
 
 
 
පුන් සඳපාන කියා - ඔය මූණට රැවටෙනවා
 
නෑඹුල් පෙමට ඔයා - මලක් වගේ පිබිදෙනවා
 
මොහොතින් මොහොත ඔබේ - සෙවණ ලබා සිහිලැල්ලේ
 
මා ඔබ ළඟට අරන් - පදිමු සුපෙම් ඕවිල්ලේ
 
සෙනෙහේ පුංචි රටෙන් මාආආ... ආආ... වේ...
 
ජීවිතෙන් පූජා දෙමි මං මිහිරේ
 
 
 
උතුරා ගලනා හද ආශාවේ
 
ආදරෙයි මං ආදර සුදු කෙල්ලේ
 
 
 
පවනේ සැලෙන ලතා - ආසිරි චාමර සලනා
 
පායන සඳු රහසේ - අප දෙස එබිකම් කරනා
 
ගස් වැල් මල් පිපිලා - රොන් සලලා සිනහසුණේ
 
ගස් වැල් මල් පිපිලා - රොන් සලලා සිනහසුණේ
 
පියඹා යන්න හිතේ ආආ... කාආ... සේ...
 
 
 
දුටු දා මා හදෙහි සෙනෙහේ බැදුණේ
 
දැකලා දෑසේ රස ආආ... ශාආ... වේ
 
ජීවිතෙන් පූජා දෙමි මං මිහිරේ
 
ජීවිතෙන් පූජා දෙමි මං මිහිරේ
 
උතුරා ගලනා හද ආආ...ශාආ... වේ...
 
ආදරෙයි මං ආදර සුදු කෙල්ලේ
 
 
 
පළමු ගායනය:- එච්. ආර්. ජෝතිපාල
 
‘‘තාත්තා‘‘ රූපවාහිනී නාට්‍ය වෙන් ගායනා කළේ නිහාල් පෙරේරා
 
 
 
 
කිසිදු ආකාරයේ ගායනයක් නොමැති සංගීත ඛණ්ඩයක් ශ්‍රවණය කිරීමෙන් සංගීතය රසවිඳීම සඳහා කිසිදු බාධාවක් නොවන බව බොහෝ දෙනා අත්දැක ඇති අතර එය පිළිගන්නා බව ද නිසැක ය. නමුදු කිසිදු සංගීත මිශ්‍රණයකින් තොර හුදෙක් වදන් වැලක් පමණක් ම යම් රිද්මයටකට, ළයාන්විත ලෙස ගැයූව ද වචන නැති සංගීත ඛාණ්ඩයක් රස විඳින ප්‍රමාණයට ම වින්දනයක් නොලැබෙතැයි බොහෝ දෙනාගේ මතය විය හැකි ය.
 
 
යට සඳහන් ගීතය ශ්‍රවණය කළ මොහොත දක්වා ම මට ද එය දැනී තිබුණේ එලෙස ය. එනම් සංගීත මිශ්‍රණයකින් තොර ගයන ගීතයක් එතරම් රස විඳිය නොහැකිය යන මතය යි. එය මිථ්‍යාවක් බව ස්ඵුට වූයේ ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිරස රුපවාහිනී නාලිකාවේ විකාශනය වූ ‘‘තාත්තා’’ රුපවාහිනී නිර්මාණයේ අන්තර්ගත යට සඳහන් ගීතයට සවන් දීමෙන් සහ රස විඳීමෙන් ඉක්බිතිව ය.
 
මතක ඇති අවධියේ සිට දැඩි ලෙස ජෝතිපාලගේ ගායනයට ප්‍රිය කළ, ඔහුගේ බොහෝ ගීත ශ්‍රවණය කර ඇති මා මෙම ගීතය පළමුවෙන් ශ්‍රවණය කළේ ‘‘තාත්තා’’ රුපවාහිනි නිර්මාණය තුළිනි. එතැන් සිට මම මෙම ගීය ගායනා කළේ කවුදැයි සොයා බලද්දී, එහි පළමු ගායනය එච්. ආර්. ජෝතිපාලගේ බව අන්තර්ජාලයේ දුටුමි. අනතුරුව මා ඉතා ප්‍රිය කරන facebook පිටුවක් වන ‘‘සුපෙම්බර ජෝති’’ පිටුවෙන් මේ පිළිබඳව විමසුවේ ඔවුන් ජෝතිපාලගේ ගීත බොහොමයක් රසික ප්‍රජාව වෙනුවෙන් අන්තර්ජාලයට මුදා හැර ඇති බැවිනි. මගේ ඉල්ලීමට ඉතා ඉක්මනින් ම ප්‍රතිචාර දැක්වු එම පිටුව පවත්වාගෙන යන අය අදාළ ගීතයේ පළමු ගායනය ඇතුළත් හඬ පටයක් මා වෙත එවා තිබිණ. එතෙක් එම ගීතය ජෝතිපාලගේ හඬින් අසා නොතිබීම මට මා පිළිබඳව ම ලජ්ජාවක් ඇති කළ බව සඳහන් කළ යුතු ම ය. ‘‘තාත්තා’’ රුපවාහිනි නිර්මාණයේ මෙම ගීතය අන්තර්ගතව නොතිබුණේ නම් මෙය ලියන මොහොතවන තුරු ම ජෝතිපාල එම ගීතය ගයා ඇති බව මා දැන නොගන්නට ඉඩ තිබිණ.
 
 
රුපවාහිනි නිර්මාණය නරඹන මොහොතේ මෙම ගීතය ගායනා කළේ කවුදැයි දැන නොසිටිය ද ගීතයට මා ඉතාමත් ආකර්ෂණය වූ බව සඳහන් කළ යුතු ම ය. ගීතයට අදාළ රංගනය ඉදිරිපත් කළ අති දක්ෂ නළුවකු වන තුසිත ලක්නාත්ගේ රංගනය ද එකී ආකර්ෂණයට හේතු පාදක වු බව ද කිව යුතු ම ය; ගීතය ගායනා කර ඇත්තේ කවුදැයි සොයා බලන්නට පෙලඹෙන්නේ ඉන් අනතුරුව ය.
 
පද රචනයක් ගීතයක් ලෙස පරිපූර්ණ වන්නට නම් එම පදරචනය සඳහා ගැළපෙන තනුවක් ද එකී තනුවට සහ පද රචනයට ගැළපෙන සංගීත සංකලනයක් ද මුසු විය යුතු ය යන්න මා මතු නොව බොහෝ ගීත රසික රසිකාවන් විශ්වාස කරන බව නොරහසකි. එබඳු වාතාවරණයක් තුළ මීට පෙර ලංකාවේ ජනප්‍රිය ම ගායකයෙකු විසින් ගයන ලද මෙම ගීතය රූපවාහිනී නිර්මාණය සඳහා ගායනා කර ඇත්තේ නිහාල් පෙරේරා ය. ඔහු තමන්ගේ ගායන හැකියාව පිළිබඳ එතරම් උනන්දුවක් නොදක්වන පුද්ගලයෙක් බව රූපවාහිනී නිර්මාණයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායක මා සමග පැවසී ය. ඔහුට නිහාල් පෙරේරා හඳුන්වා දී ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහ ය.
 
නිහාල් සිය හඬින් මෙම ගීතය ගායනා කිරීමේ දී ගීතය (පද රචනය) තුළින් මතුවන ආල හැඟුම් වඩාත් තීව්‍ර වන ලෙස ඉදිරිපත් කර ඇති බව අවිවාදිත ය. තවත් පසෙකින් ගත් විට රංගන ශිල්පියා ද සිය රංගනය ඉතා මැනවින් ඉදිරිපත් කර ඇති අතර එකී රූප සටහන් පෙළ ද ඒ සඳහා උපකාරී වී ඇත. එහි ගෞරවය හිමි විය යුත්තේ රුපවාහිනී නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂකවරයා වෙත ය.
 
මෙම රුපවාහිනී නිර්මාණය නැරඹීමෙන් ඉක්බිති සමස්ත නිර්මාණය පිළිබඳ මගේ කියවීම ලියන්නට අදහස් කරගෙන සිටින අතරතුර වෙනත් විචාරිකාවක එම නිර්මාණය පිළිබඳ ලිපියක් මුහුණු පොතට යොමු කර තිබූ බැවින් මම ඒ අදහස ඉවත් කරගත්තෙමි. නමුදු හැකි ඉක්මනින් ම නිර්මාණයේ අන්තර්ගත මෙම ගීතය පිළිබඳ යමක් ලිවිය යුතුය යන අදහස පැවතිණ. අද ඔබ වෙත ඉදිරිපත් කළේ ඒ අදහස යි.
 
 
සරලව ම පවසන්නේ නම්, ලස්සන වදන් වැලක් ඊට සුදුසු තානයක් යොදා ගායනා කරන්නේ නම් සංගීතය නොමැතිව වුව ද එකී පදවැල රසවිදිය හැකි බවට මෙය කදිම උදාහරණයකි. ටෙලි නිර්මාණය ද උසස් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. තොරතුරු ලබා දුන් ටෙලි නිර්මාණ අධ්‍යක්ෂ ලලිත් රත්නායක සහ ‘‘සුපෙම්බර ජෝති’’ පිටුව පවත්වාගෙන යන පිරිසට ස්තුතිය පුද කරන අතර මෙතෙක් ‘‘තාත්තා’’ නිර්මාණය නරඹා නොමැති අයට සමස්ත නිර්මාණය නරඹන ලෙස ද, මෙම ගීතය ද වෙනම රසවිඳින ලෙස ද මම ආරාධනා කර සිටිමි.
 
 
 
jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක 
 
2021/10/23
  

 
THE LEADER TV 
 
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...