BREAKING
Top Ad
Life

මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ

T

The Leader

October 25, 2021 • 4:13 AM

මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දවසක් එක්තරා පෙම්වතියක් තමන්ගේ පෙම්වතාට මෙහෙම කියනවා. 'මම ආසයි මගේ උපන් දිනේට දියමන්ති මාලයක් ඔයා මට දෙනවා නම්'. ඉතිං මේ
  • සොයන්නාට හම්බවෙයි කිව්වා වගේ ගොඩක් වටිනා දියමන්ති මාලයක් මේ කොල්ල හොයා ගත්ත.
  • ඉතිං මේ බෝනික්ක අස්සේ වටිනා මාලයක් තියන බව දන්නා කොල්ල මේ බෝනික්ක ඉක්මණට අහුලා ගන්න පාරට පැන්න.
  • වාහනේට අහුවෙච්ච බෝනික්කා ඇතුලේ තිබ්බ දියමන්ති මාලේ කැබලි පාර පුරාම....
අකුරු ප්‍රමාණය (Font Size):

පෙම්වතා මේක සීරියස් විදියට හිතට අරගෙන එහෙම වටිනා දියමන්ති මාලයක් හොයන්න ගත්ත. සොයන්නාට හම්බවෙයි කිව්වා වගේ ගොඩක් වටිනා දියමන්ති මාලයක් මේ කොල්ල හොයා ගත්ත. පෙම්වතියටත් නොකියා ණය තුරුස් එහෙම වෙලා කෙල්ලගේ ඊළඟ උපන් දිනේට කළින් කොල්ල මේ මාලේ කොහොම හරි මිළට ගන්නවා. 

  
ඉතිං උපන් දිනේ දවසේ දැන් මේ තෑග්ග දෙනවා වගේම කෙල්ලව පුදුමයට පත් කරන්නත් මේ කොල්ලට උවමනා උණා. ඉතින් එච්චර මිළක් වෙන්නේ නැති බෝනික්කෙක් අරගෙන අර දියමන්ති මාලේ ඒක ඇතුළට දාල කොල්ල අර පෙම්වතියගේ උපන් දිනේ දවසේ මේ බෝනික්කා එයාගේ අතේ තිබ්බ. 
 
ඉතිං වටිනා දියමන්ති මාලයක් ගැන ෆැන්ටසි එකක හිටපු කෙල්ල මේ තුට්ටු දෙකේ බෝනික්කා දැකල කේන්ති ගිහිල්ල එක එකපාරටම විසි කරලා දැම්ම.  
 
ඒ විසි කරපු පාරට බෝනික්කා ගිහිල්ල වැටුණා මහ පාරට. ඉතිං මේ බෝනික්ක අස්සේ වටිනා මාලයක් තියන බව දන්නා කොල්ල මේ බෝනික්ක ඉක්මණට අහුලා ගන්න පාරට පැන්න. ඒ පැනපු පාරට වේගෙන් ආපු වාහනයක වැදිලා මේ කොල්ල මැරුණා. වාහනේට අහුවෙච්ච බෝනික්කා ඇතුලේ තිබ්බ දියමන්ති මාලේ කැබලි පාර පුරාම....
 
ඉතින් එදා ඉඳන් ඒ පෙම්වතියට ඇති වෙච්ච ක්ෂිතියෙන් සහ වරදකාරී බවෙන් එයාට කවදාවත් සුවපත් වෙන්න බැරි වුණා. මැරෙනකම් ම. 
 
මේක බටහිර සුරංගනා කතාවක් වගේ නේද? පොඩි ස්ත්‍රී විරෝධී ගතියකුත් ඒකෙ ගෑවිලා තියනවා නේද? 
ඒවා ඔක්කොම තිබ්බත් ඒකෙ පොඩි පාඩමකුත් තියනවා. 
 
 
ඒකෙන් පළමු පාඩම තමයි කෙල්ලෝ ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න දුවන්න ඕනි නැහැ කියන එක (කියවන්න ඔස්කා වයිල්ඩ් ගේ The Nightingale and the Rose කෙටි කතාව). අනික තමයි අපි යම් වරදකාරී බවක හිර උණොත් ඒකෙන් ගොඩ එන්න ගොඩක් අමාරු බව...එතනදී ගොඩක් අය ශෝකය ඇතුලෙම මැරෙන්න තීරණය කරනවා. 
 
 
ආදරය ඇතුලේ අපි ලොකු ශාරීරික සහ මානසික ආයෝජනයක් කරනවා. ඒ කරන ලිබිඩෝ ආයෝජනය ආපසු ගන්න බැහැ. ඒ නිසා යම් ආදර වස්තුවක් අහිමි උනාට පස්සේ එක්කෝ අපිත් ඒ මත්තේ මැරෙන්න ඕනි (උඹත් මරාගෙන මමත් මැරෙනවා). නැත්නම් වෙනත් ආදර වස්තුවක් හොයා ගන්න ඕනි (උඹ ඕනි දෙයක් කර ගනින්. මම යනවා යන්න). 
 
නැත්නම් කවදා හරි ඒ නැතිවූ වස්තුව එයි කියල හිතාන හචිකෝ නම් ජපන් බලු සුරතලා වගේ ඉස්ටේසමේ දොර දිහා බලාන ඉන්න ඕනි...
 
ලෙනින් ගේ මළ සිරුරට පණ එයි කියල අපි ඒ දිහා බලාගෙන ඉන්නවද? නැත්නම් බැසයන රත්පැහැ ගත් හිරු දිහා බලාගෙන සමුරායි කෙනෙක් වගේ සියදිවි නසා ගන්නවද? 
 
නැත්නම් නිර්භීත අසරුවෙක් වගේ ඉර නැගෙන පැත්තෙන් පටන් අරගෙන බැසයන ඉරු දිහාවට ගමන් කරනවාද? එහෙම ගමන් ගන්න කොට යම් පුදුමයක් හමු වෙන්න පුළුවන් කියල ගිල් දෙලස් කියනවා. මම ආසයි තුන්වෙනි එක ෆැන්ටසයිස් කරන්න. 
 
  
බර්ලින් තාප්පේ බිඳ වැටුණට පස්සේ සිද්ද වෙච්ච විසි වෙනි සියවසේ වමේ මෙලන්කොලියාව (Left-Wing Melancholia) ගැන දැන ගන්න එහෙනම් 'මෙලන්කොලියාව' කියවන්න. මේ කියන්නේ පරණ කතාවක් නිසා ඒක එතරම් ප්‍රයෝජනයක් නැහැ කියල හිතන අය වෙනත් ප්‍රයෝජනවත් දෙයක් කරන්න.
 
 
විශේෂ ස්තුතිය: ජයසිරි අලවත්ත සොයුරා, 'සත්හඬ' ඇතුලේ මට ඉඩ දුන්න රුවන් සහ දීප්ති. වාපා ප්‍රකාශන කණ්ඩායම ඇතුලේ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහින්ද කුමාර දළුපොත සොයුරා ඇතුළු සියළු දෙනා. කවරය කළ යූ. කේ. චමින්ද කුමාර සොයුරා. කිව්ව නොකිව්ව හැමෝටම ස්තුති!❤
 
 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
  
 
 
247323108 10223785730125734 1873318596238491054 n
මිළ 350.00
සරසවි නුගේගොඩ
 

 
THE LEADER TV 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...