BREAKING
Top Ad
Life

වෛෂ්නාවි.. හා පුරුෂ ෆැන්ටසිය

T

The Leader

October 26, 2021 • 1:23 AM

වෛෂ්නාවි.. හා පුරුෂ ෆැන්ටසිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා රෝගය හතර අතින් රට අල්ලද්දි, වෙනස් දෙයක් ලියන්න හිතුනා .
  •  2017 සිනාමාගත වූ එය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අධ්‍යක්ෂනයක්.    ඇය කොහොමත් ඇයගේ බොහෝ චිත්‍රපටිවල ස්ත්‍රිය ගැන කතා බහ  කරා.
  • ලෝක දෙකක සිටින අපට එක්විය නොහැකි බව ඔහු පවසද්දී  මිනිස් ලොවක දැනෙන විරහ වෙදනාවෙන් ඇය රුක්ෂ දේවතාවියක් බවට නැවත පත් වේ.    පුරුෂ මූලික සමාජය තුල ස්ත්‍රිය පාලනය වීමට පටන්ගත් දා සිට ඇය පාලනය කිරීමේ බලය පිරිමියාට හිමිය.
  • අද දක්වා මුදා හරින්නේ එකි බලය ආධිපත්‍යය යි.    මිනිසා ජීවත් වෙන්නේ හිතින් හදාගත් ෆැන්ටසිවලය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඊයේ ස්වාධීන රූපවාහිනියේ වෛෂ්නාවි චිත්‍රපටය විකාශය වුනා.  2017 සිනාමාගත වූ එය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අධ්‍යක්ෂනයක්. 
 
ඇය කොහොමත් ඇයගේ බොහෝ චිත්‍රපටිවල ස්ත්‍රිය ගැන කතා බහ  කරා. මේ  සිනමා පටය තුල ඇය ආසියාතික ස්ත්‍රිය විවිධ කෝණවලින් රූපගත කරලා තියෙනවා. 
 
මට මෙහිදී වඩාත්  මනසේ චලනාත්මක සිතුවිලි පතිත වූයේ රුක් දේවතවිය හා  ඔසඳ ( යශෝධා විමලධර්ම හා තුමිදු දොඩම්තැන්න) අතර සිදුවන ෆැන්ටසි ගනු දෙනුවයි. මිනිසාට ජීවිතය හමුවන්නේ ෆන්ටසිය තුලය. එසේ නොවුනු කල එය ඉබේම නවතිනවා. 
 
ඔසඳ තමා බලාපොරොත්තු වූ ෆැන්ටසිය අහිමි වෙද්දි ඔහු විසින්ම තමන් විසින් නිර්මාණය කරන ලද ඉතා රූමත්  ස්ත්‍රී රූකඩයක් තුල තමාගේ ෆැන්ටසිය ගොඩනගයි. 
 
එතැන් පටන් ගොඩනැගෙන සංකල්පීය රූප හා දෙබස් ගලා යන්නේ පිරිමියා ගොඩනගන ෆැන්ටසිය තුල ඔහු විසින්  සිය බලය හා පුරුෂාධිපත්‍ය ඇය මත මුදාහරින ආකාරයයි. 
 
එක් දෙබසක ඔසඳ පවසන්නේ ඔයා අල්මාරියටම වී සීටින ලෙසයි. එහිදි පණ ලැබ සිටින රුක් දේවතාවිය ප්‍රශ්න කරන්නේ එය ආරක්ශාවද නැත්නම් අවිස්වාසයද යන්නය.  
 
අවසානයේ පණ ලැබ සිටින දේවතාවිය පාලනය කිරීමට ඔසඳ උත්සුක වේ. එහිදී හිත් පෑරීම් නෝක්කාඩුවිම් තුල ඔහුට ඔහුගේ ෆැන්ටසිය අහිමි වේ.
 
අවසානයේදී දේවතාවිය ඔහුට ආදරය කරයි. නමුත් ඔසඳ ට දැන් ඇය නොපෑනෙන ලෝකයකය. ලෝක දෙකක සිටින අපට එක්විය නොහැකි බව ඔහු පවසද්දී  මිනිස් ලොවක දැනෙන විරහ වෙදනාවෙන් ඇය රුක්ෂ දේවතාවියක් බවට නැවත පත් වේ. 
 
පුරුෂ මූලික සමාජය තුල ස්ත්‍රිය පාලනය වීමට පටන්ගත් දා සිට ඇය පාලනය කිරීමේ බලය පිරිමියාට හිමිය. අද දක්වා මුදා හරින්නේ එකි බලය ආධිපත්‍යය යි. 
 
මිනිසා ජීවත් වෙන්නේ හිතින් හදාගත් ෆැන්ටසිවලය. එහිදි  නිදහස් අධ්‍යාත්මික ආදරයන් හමු නොවේ. ස්ත්‍රිය හා පුරුෂයා තුල ගොඩනැගෙන විෂමතා බලය හෝ ආධිපත්‍යය තුල යටපත් කල නොහැක. එය වෙනස්කම් කරමින් පවත්වාගෙන  යාම හැර අන් යමක් නැත.
 
 
 
මෙහි තුමිඳු දොඩම්තැන්න හා ප්‍රවීන රංගවේදිනි යශෝධා විමලධර්ම රංග වින්‍යාසයන් අති විශිෂ්ට ය. යශෝධා රූපනයේදි ඕනෑම චරිතයකට සීය උපරිමය ලබාදෙන්නියකි. ඇය සිය රංගන දිවිය තුල උකහාගත් සියලු දෑ චරිතයයකට නිර්ලෝභීව ලබා දෙන්නියකි. ටෙලි නාට්‍ය හා සිනමාව තුලත් ඇය රංගනයේ භාවමයන් තුල නේක රටා අදින්නියකි. 
 
මෙම සිනමාපටය තුලත් ඇය යශොධා වෙනුවට රුක් දේවතාවිය පණක්ම දැකීම යනු ඇයගේ රංග පෞරුෂයේ විශිෂ්ටත්වයයි. 
 
 
මා සිත රිදවා
යදමින් බඳවා
පොළොවෙන් ගලවා
නටුවෙන් උදුරාමි
මල් පෙති පාගා
ඔබ යන්න ගියා.....
 
 
ප.ලි.
මෙය ප්‍රේක්ශක ලිවීමක් පමණි.
 
 
(අනුර සේනානායක ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 
 
 
 

 
THE LEADER TV 
 
ස" ට තරු පේන්න විමලා ලියූ ලියුම | මොණරවිලගේ ලියමන
 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...