Online Votes තරග අංශය නියෝජනය කළ රටවල් 21ක චිත්‍රපට 97කින් ජයග්‍රාහී චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.
එම ජයග්‍රහණය ගැන අධ්‍යක්ෂවරයා සිය මුහුණු පොතේ මෙසේ සටහනක් පළ කර තිබුණි.

ලොව ජනප්‍රියම කෙටි වාර්තා චිත්‍රපටය ලෙස Smiling Roses තේරී පත් වෙයි.
"මම නිර්මාණය කරපු Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ Focus On Ability කෙටි චිත්‍රපට උළෙළේ International Most Online Votes තරඟ අංශය නියෝජනය කළ රටවල් 21ක චිත්‍රපට 97ක් අතරින් ජයග්‍රාහී සම්මානය ලබාගෙන තිබෙන බව මීට සුළු මොහොතකට පෙර දැනගන්නට ලැබුණා. මේ සුවිශාල ජයග්‍රහණය පිටුපස සිටින්නේ ඔබයි.
මගේ වාර්තා චිත්‍රපටය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් Vote කරපු හැම කෙනෙක්ටම වචනවලින් කිව නොහැකි තරම් ආදරය ස්තුතිය. මේක අපේ ජයග්‍රහණයක්. ඒ අපි අතරේ මටත් වඩා මහන්සි වුණ මිනිස්සු ටිකක් ඉන්නවා. මේ ජයග්‍රහණයට මුලපුරපු ඒ දිරිමත් සිනාමුසු ගැහැනිය ඇය. ගීතා නැන්දා.
කැමරාවක් නැති මට ශූට් කරන්න අලුතෙන්ම ගත්තු ෆෝන් එක දුන්න අප්පච්චි. ට්‍රයිපෝඩ්ඩුව උස්සගෙන ආපු මගෙ පරණ සහ පරම මිතුරා ධනා. ඒ දිරිමත් ගැහැනිය ගැන ලෝකෙටම කියන්න කියල මට කියපු අනෙක් දිරිමත් ගැහැනිය අම්මා. ඒ වගේම මල්ලී, මගේ දෙවෙනි අම්මා විමලාවතී නැන්දා. මං වෙනුවෙන් ලියපු හදිරයියා. ෆේස්බුක් පිටුවල මේ නිර්මාණය වෙනුවෙන් ඉඩ වෙන්කරපු ධනා, ඕඩි, රවීන්, පෝස්ටු නිර්මාණය කරපු සජීව අයියා, චමියා, සජියා. ඕන වැඩක් කරමු අපි එකෙන්ම කියලා නිර්මාණය වෙනුවෙන් වගේම ප්‍රචාරණය වෙනුවෙන් හිටපු මල්ලිලා දෙන්නා සුදූ, ඔසඳ අයියලා දෙන්නා ලොකු අයියා චණ්ඩි අයියා මතක් නොකරම බෑ. ඒ අපි අතර ඉන්න දිගම දිග නම් ලැයිස්තුවේ හැම කෙනෙක්ටම ආදරය. ස්තුතිය."
-මලිඳු කාවින්ද කුමාරසිංහ-



