BREAKING
Top Ad
Life

කරුණාතිලක හඳුන්පතිරණ සහ ආරියරත්න විතාන "ලියෝ තොල්ස්තෝයි" සම්මානයෙන් පිදුම් ලබයි

T

The Leader

October 29, 2021 • 1:44 AM

කරුණාතිලක හඳුන්පතිරණ සහ ආරියරත්න විතාන "ලියෝ තොල්ස්තෝයි" සම්මානයෙන් පිදුම් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු සාහිත්‍ය මෙරට ප්‍රචලිත කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ලේඛකයින් දෙදෙනෙකු වන කරුණාතිලක හඳුන්පතිරණ සූරීන් හා ආරියරත්න
  • ලේඛකයින්, පරිවර්තකයින්, පොත් ප්‍රකාශකයින් ඇතුළු සාහිත්‍යලෝලීන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු  උත්සවයේ දී පසුගිය දෙවසර තුළ පරිවර්තනය වුනු සෝවියට් / රුසියානු පරිවර්තන හා රුසියාව ආශ්‍රිතව ලියැවුණු කෘති රාශියක් එළිදැක්වුනි.
  • එසේම රුසියානු සාහිත්‍ය කෘති යළි පළකිරීමේදී දශක ගණනාවක් ලබා දුන් විශිෂ්ට සේවාව අගයමින් ගොඩගේ ප්‍රකාශන අධිපති, එස්.
අකුරු ප්‍රමාණය (Font Size):

විතාන සූරීන් ඉකුත් 27 වැනිදා "ලියෝ තොල්ස්තෝයි" සම්මානයෙන් පිදුම් ලැබී ය.

ඔවුන්ට මෙම සම්මාන පිරිනමනු ලැබුවේ කොළඹ රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය එක්ව සංවිධානය කළ රුසියානු සාහිත්‍ය උලෙළේ දී කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් හා කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා අනස්තාසියා හහ්ලෝවා විසිනි.

ලේඛකයින්, පරිවර්තකයින්, පොත් ප්‍රකාශකයින් ඇතුළු සාහිත්‍යලෝලීන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු  උත්සවයේ දී පසුගිය දෙවසර තුළ පරිවර්තනය වුනු සෝවියට් / රුසියානු පරිවර්තන හා රුසියාව ආශ්‍රිතව ලියැවුණු කෘති රාශියක් එළිදැක්වුනි.

එසේම රුසියානු සාහිත්‍ය කෘති යළි පළකිරීමේදී දශක ගණනාවක් ලබා දුන් විශිෂ්ට සේවාව අගයමින් ගොඩගේ ප්‍රකාශන අධිපති, එස්. ගොඩගේ ද විශේෂ සම්මානයක් එහිදී පිරිනැමි ය.

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ෆියෝදර් දොස්තයෙව්ස්කිගේ 200 වෙනි ජන්මානුස්මරණය මුල් කරගනිමින් සංවිධානය කළ රුසියානු සාහිත්‍ය උලෙළ කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක සහ රුසියානු සාහිත්‍ය කවයේ සභාපති ආචාර්ය රංජිත් ධර්මකීර්තිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

249858709 4632473060107910 5629262190291481719 n249624744 4632471716774711 160071462032023496 n

 

 

THE LEADER TV 
 
නැව ඉන්දු - චීන යුද්ධයකට ? | අද ගොසිප් එක
 
 
රට නං ඉවරයි වහ බොමු | මොණරවිලගේ ලියමන
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...