BREAKING
Top Ad
විශේෂාංග

2021 දී රට මොන අතට යයිද? - මිලින්ද රාජපක්ෂගේ අනාවැකි 10 ක්!

T

The Leader

January 2, 2021 • 7:33 AM

2021 දී රට මොන අතට යයිද? - මිලින්ද රාජපක්ෂගේ අනාවැකි 10 ක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබපු 2021 අවුරුද්ද දේශපාලනිකව මොන අතට යයිද කියල, සාමාන්‍ය අවුරුදු වල වගේ හිතාගන්න බැරි විත්තිය අපි හැමෝටම තේරෙනවා.
  •     1.'' අවසාන පළාත් සභා ඡන්දය ''   පළාත් සභා රණ්ඩුව ඉවරවෙනවා.
  • සමහරවිට ඒක අවසාන පළාත් සභා ඡන්දය වේවී.      2.
  •    අලුත් ව්‍යවස්තාවක් ගැන සංවාදය සහ සූදානම් වීම දිගටම තියෙයි නමුත් පාර්ලිමේන්තුවට ගෙනත් ඡන්දය විමසන තරම් දුරක් යන්න බැරිවෙයි.      3.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කොරෝනා වලින් පස්සෙ ටීවී වල කෑගහන නක්ෂස්ත්‍ර කණ්ඩායම ගැන තිබ්බ විශ්වාසයත් අඩුවුන නිසා, ඉතාම පරිස්සමින් තමා දෙශපාලනික අනාවැකි කියන්න වෙලා තියෙන්නේ. 
 
මගේ පෞද්ගලික දේශපාලනික අවබෝධය අනුව 2021 දේශපාලනය මට පේන්නෙ මෙන්න මෙහෙමයි.
 
 
1.'' අවසාන පළාත් සභා ඡන්දය ''
 
පළාත් සභා රණ්ඩුව ඉවරවෙනවා. හැබැයි අවුරුද්දේ මැද වෙනවා. මම හිතන්නේ පළාත් සභා ඡන්දය තියන තැනට පොහොට්ටුව, සමගි ජන බලවේගය, ජවිපේ වගේ සර්වපාක්ෂික එකගතාවයක් එනවා. 
 
මැතිවරණ ක්‍රමයේ වෙනසක් එක්ක පළාත් සභා තියයි කියන එක තමා මගේ අදහස. සමහරවිට ඒක අවසාන පළාත් සභා ඡන්දය වේවී. 
 
 
2. ''ව්‍යවස්ථා සංශෝධනයක් එන්නෙ නෑ ''
 
ව්‍යවස්ථා සංශෝධනයක් එන්නෙ නෑ. මම හිතන්නෙ ඒ පෙරහැර ගියා කියල. අලුත් ව්‍යවස්තාවක් ගේන්න පොදු එකගතාවයක් හදාගන්න, තුනෙන් දෙක හොයාගන්න ආයෙත් පහසු වෙන්නෙ නෑ.
 
 අලුත් ව්‍යවස්තාවක් ගැන සංවාදය සහ සූදානම් වීම දිගටම තියෙයි නමුත් පාර්ලිමේන්තුවට ගෙනත් ඡන්දය විමසන තරම් දුරක් යන්න බැරිවෙයි. 
 
 
3.  ''මංගල ඉස්සරහට යනවා.''
 
MS
''මංගල ලිබරල් ලයින් එක අතට අරන් ඉස්සරහට යනවා.'
 
 
යූඑන්පිය සම්පූර්ණයෙන්ම අවලංගුවෙනවා. කරු ජයසූරිය වැන්නවුන්ට දේශපාලනයෙන් සමුගන්න වෙනවා. 
 
දැනට මාධ්‍ය සාකච්ඡා හරහා දේශපාලනයේ එල්ලීසිටින, සැබෑ ජනතා දේශපාලන වලංගුභාවයක් නැති, යහපාලනයේ නෂ්ටාවශේෂ කණ්ඩායම, එක්කෝ සජබයට හේත්තු වෙනවා. නැත්නම් මිනිස්සුන්ට අමතක වෙලාම යනවා. 
 
හැබැයි මංගල සමරවීර ලිබරල් ලයින් එක අතට අරන් ඉස්සරහට යනවා. 
 
 
4. මැතිවරණවලට මුදල් වියදම් සීමාකිරීමට නව අණපනත් !
 
නීති රීති සහ දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් එනවා. දැනටමත් අධිකරණ අමාත්‍යාංශය කමිටු ගණනාවක් පත්කරල තියෙනවා නීතිමය ප්‍රතිසංස්කරණ සදහා. විශාල වෘත්තිකයන් පිරිසක් ඒ වෙනුවෙන් වැඩකරමින්ද සිටිනවා. මමත් එක කමිටුවක වැඩකරනවා.
 
 ලබන අවුරුද්දේ මේ සේරම සංශෝධන එලියට එනවා. මැතිවරණවලට මුදල් වියදම් කිරීම සීමාකිරීමට නව අණපනත් නිර්මාණය වීමට පදනමක් වැටේවී. 
 
 
5. ''රට තුල නිෂ්පාදන ඉහල යනවා''
 
රට තුල නිෂ්පාදන ඉහල යනවා. දැනටමත් ආයෝජන සහ නිෂ්පාදන ආරම්භකරල තිබෙන, නිරපරාදේ වහල තිබ්බ සීනි කම්හල, සිමෙන්ති කම්හල, කඩදාසි සංස්ථාව, පොහොර සමාගම ඇතුලු බොහෝ ආයතන ලබන අවුරුද්දේ ක්‍රමවත් වෙළදපොල සැපයුමක් පටන්ගනීවී. 
 
ඒ වගේම රට ඇතුලේ අලුත් දේශීය ව්‍යාපාරිකයන්ගේ පුනර්ජීවනයක් ඇතිවෙනවා කොරෝනා පාලනය වීම සහ අඩු පොළී ණය පහසුකම් එක්ක.
 
 
6. ''පොහොට්ටුවේ පදනම තවත් ශක්තිමත් වෙන්න ඉඩ තියෙනවා.''
 
ප්‍රාදේශීය දේශපාලකයන්ට වැඩ වැඩිවෙනවා. පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වැඩකරන්න ඉඩ කඩ ගොඩක් ලැබෙනවා. ඒකට හේතුව රජයේ මූලික සංවර්ධන වැඩපිලිවෙල ‘වැඩ සමග යලි ගමට’ කියල ගම මූලික කරගෙන දියත්වෙන නිසා. 
 
ගම කේන්ද්‍රස්ථානය වුන ආර්ථික වැඩපිළිවෙළ නිසා පොදුජන පෙරමුණෙ දේශපාලන පදනම තවත් ශක්තිමත් වෙන්න ඉඩ තියෙනවා.
 
 
7. ''චම්පික නිල නොවන විපක්ෂ නායකයා වෙනවා''
 PCR
''පාඨලී චම්පික ‍රණවක විපක්ෂයේ නායකත්වය අතටම ගන්නවා.''
 
පාඨලී චම්පික ‍රණවක විපක්ෂයේ නායකත්වය අතටම ගන්නවා. ඔහු නිල නොවන විපක්ෂ නායකයා වෙනවා. 
 
මුලින්ම සජිත් කණ්ඩායම සහ චම්පික කණ්ඩායම අතර ලොකු ඝට්ටනයක් පේන්න තියෙවී හැබැයි සජබයෙ ඉන්න ක්‍රියාකාරී සහ තරුණ කණ්ඩායම හිමීට චම්පික රණවක වටා එකතුවේවි. 
 
එහෙම නැත්නම් චම්පික අලුත් සන්ධානයක් හදනවා. 
 
 
8. ''සමාජ මාධ්‍ය පොරපිටියක් බවට පත්වෙනවා''
 
දේශපාලන මතවාදී සටන සමාජ මාධ්‍ය පොරපිටියක් බවට පත්වෙනවා. දැනට රූපවාහිනියේ තියෙන දේශපාලන වැඩසටන් පවා මිනිස්සු බලන්නේ යූ ටියුබ් එකේ දැම්මම හෝ ෆේස්බුක් දැම්මම. 
 
මේ අවුරුද්දේ පාර්ලිමේන්තුවේ විවාද වල සිටන් පොදු දේශපාලන මතවාදී සංවාද දක්වා වුනු වපසරියම වෙබ්සයිට් වලට, යූ ටියුබ් එකට සහ ෆේස්බුක් එකට යොමු වෙනවා. 
 
දේශපාලකයන් සහ පක්ෂ වැඩි වැඩියෙන් ඩිජිටල් මාධ්‍යවලට ආයෝජනය කරාවි. 
 
 
9.'' ජනාධිපති කොමිෂන් පුවත් මවන්නා බවට පත්වෙනවා.''
 
ජනාධිපති කොමිෂන් සභාවල නඩු ඇහිල්ල ඉවරවෙනවත් එක්කම පාස්කු ප්‍රහාරය වගේ මිනිස්සු බලාගෙන ඉන්න ප්‍රශ්න රාශියකට උත්තර ලැබෙනවා. ඒකත් ලොකු දේශපාලන කැළඹීමක් ඇතිකරාවි. 
 
ඒ වෙනකොට කොරෝනා ප්‍රශ්නයත් විසදිලා තිබ්බොත් ජනාධිපති කොමිෂන් රටේ ලොකුම පුවත් මවන්නා බවට පත්වෙනවා අනිවාර්යයෙන්ම. 
 
 
10. ''ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණය ආයෙත් ශක්තිමත් වෙනවා. ''
 

Gotabaya Rajapaksha

කොරෝනා ඉවරවෙනවත් එක්කම ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණය ආයෙත් ශක්තිමත් වෙනවා. 
 
ඒ එක්කම තරුණ ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු කරලියේ ඉදිරියට එනවා. 
 
කොරෝනා වලට ලැබිල තියෙන මාධ්‍ය අවකාශය සංවර්ධන වැඩපිළිවෙළට යොමුවුන ගමන් වැඩි අවධානයක් එන්නේ මේ අලුත් තරුණ කණ්ඩායමට. 
 
විපක්ෂයට වුනත් මේක අලුත් දේශපාලන අභියෝයගයක් වෙනවා. 
 
මේවා මට පේන මූලික දේවල්. තව බොහෝ දේවල් වේවි. නොවේවි. 
 
 
milinda R s(මිලින්ද රාජපක්ෂ)
කොළඹ නාගරික මන්ත්‍රී 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...