BREAKING
Top Ad
Life

ගාඩි ජාත්‍යන්තර සම්මානයක් දිනයි

T

The Leader

November 4, 2021 • 5:52 AM

ගාඩි ජාත්‍යන්තර සම්මානයක් දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ "ගාඩි" චිත්‍රපටය 14 වැනි Asia Pacific Screen Awards (APSA) අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ සංස්කෘතික
  • ඒ අනුව, සම්මාන ප්‍රධාන උත්සවය නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත ය.
  • 2007 දී ආරම්භ කළ Asia Pacific Screen Awards (APSA) සිනමා සම්මාන උලෙළට රටවල් 70කින් සිනමාපට ඉදිරිපත් කෙරෙන බවත් මෙවර උලෙළට ආසියානු පැසිෆික් කලාපීය රටවල් 25කින් සිනමාපට 38ක් නිර්දේශ වී ඇති බවත් සංවිධායකයෝ පවසති.
  •   "ගාඩි" ජයග්‍රහණය ගැන Asia Pacific Screen Awards (APSA) ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවේ පළ කර තිබූ පෝස්ටුව ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය වන “ගාඩි” (CHILDREN OF THE SUN) කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූව කි.
අකුරු ප්‍රමාණය (Font Size):

විවිධත්ව සම්මාන අංශයේ ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.

සංස්කෘතික විවිධත්ව සම්මානය (Cultural Diversity Award) ලබාදෙන්නේ යුනෙස්කෝ සංවිධානයේ අනුග්‍රාහකත්වය යටතේ ය.

ඒ අනුව, සම්මාන ප්‍රධාන උත්සවය නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත ය.

2007 දී ආරම්භ කළ Asia Pacific Screen Awards (APSA) සිනමා සම්මාන උලෙළට රටවල් 70කින් සිනමාපට ඉදිරිපත් කෙරෙන බවත් මෙවර උලෙළට ආසියානු පැසිෆික් කලාපීය රටවල් 25කින් සිනමාපට 38ක් නිර්දේශ වී ඇති බවත් සංවිධායකයෝ පවසති.

 

gaados

"ගාඩි" ජයග්‍රහණය ගැන Asia Pacific Screen Awards (APSA) ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවේ පළ කර තිබූ පෝස්ටුව


ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය වන “ගාඩි” (CHILDREN OF THE SUN) කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූව කි.


ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටය 8 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූරියේ විශේෂ ඇගයීමට පාත්‍ර විය.


24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල, 17 වැනි සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ (SFISAFF), රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළ (IFFR), 24 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උලෙළ ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙළ ගණනාවක දී මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරුණි.

“ගාඩි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි. රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති. 

-අවාරා

 


THE LEADER TV 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 
 
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
 
 
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...