BREAKING
Top Ad
Life

මතක නදිය - රෝහිත භාෂණ අබේවර්ධන

T

The Leader

November 16, 2021 • 8:36 AM

මතක නදිය - රෝහිත භාෂණ අබේවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොරතර පීඩිතභාවයට එරෙහිව දකුණේදීත්, උතුරේත්දීත් සටන් වැද ඇදවැටුණු චතුරංග, නිශ්ශංක, ජයසීලන් සහ දිවාකරන් ඇතුළු අනන්ත වූ මිතුරන් ගැන සදානුස්මරණීය මතකය වෙනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

“'සමාදානේ නිදා සැතපෙන
මගේ පෙම්බර මිතුරනි
පුරා සියවස් සියක් ගෙවුණද
ඔබේ මතකය නිදුකිනී''


ඇසේ පත්ලක රිදුම් කැලතුන
දුරාතීතේ දිනකදි
ළයේ හරිමැද හැඟුම් ඇවිළුව
උදා තරු අඳුරේ නිදි
ගලාගිය ගඟ දියකි කාලය
දෙපා දොවනෙමි මග රැඳී
එදා ආ ගිය මතක මංවල
අදත් ඒ තරුරැස් වදී


විදා තටු නිල් වලා විනිවිද
පියාඹා යන විහඟුනී
ගෙවූ ගව් සිය ගණන් කෙළවර
ළසෝබර අහසද හිමි
හමායන දුක් සුසුම් මාරුත
නිමාවන දිනයක් නැතී
විඩා සෝ ගිම් නිවී යන තැන
සදා යෞවන - සිහිනෙකි


සමාදානේ නිදා සැතපෙන
මගේ පෙම්බර මිතුරනි
පුරා සියවස් සියක් ගෙවුණද
ඔබේ මතකය නිදුකිනී
සදාකාලික වසත් කාලය
කොහේ කොතැනද නොදනිමි
අතීතය මාවතක් වී නම්
එදා මෙන් යළි හමුවෙමි

bashana abeywardane 2018

(රෝහිත භාෂණ අබේවර්ධන )
 2021 නොවැම්බර් 16


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...