BREAKING
Top Ad
Life

රට බල්ලට ගියාදෙන්' -ගුවන් විදුලියේ තහනම් වූ ගීතයක්

T

The Leader

December 10, 2021 • 7:08 AM

රට බල්ලට ගියාදෙන්' -ගුවන් විදුලියේ තහනම් වූ ගීතයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගීතය ඉතා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි. සමාජ මතයක් ඉපැද්දවිමට වීමට හෝ ඇති මතයක් නැති කිරීමට ඊට හැකි ය.
  • බී.ටී මෙන්ඩිස්ගේ පද රචනයකට අනුව ලක්සෙට කොඩිය චිත්‍රපටය සදහා නිර්මාණය වූ මෙම ගීය එදා සිට අද දක්වා රටකරවූ ඇත්තන් රටට සිදු කර ඇති විනාශය ගැන නැවත නැවතත් අපට මතක් කරවයි.
  •   එවන් සර්වකාලින ගීත එකල මෙන්ම මෙකල ද බිහිවන්නී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එවන් සර්වකාලින ගීත එකල මෙන්ම මෙකල ද බිහිවන්නී ය.

කලකදී ගුවන්විදුලියේ ප්‍රචාරණය තහනම් වූ "රට බල්ලට ගියාදෙන්" ගීතය එවන් සර්වකාලින ගීතය කි.

බී.ටී මෙන්ඩිස්ගේ පද රචනයකට අනුව ලක්සෙට කොඩිය චිත්‍රපටය සදහා නිර්මාණය වූ මෙම ගීය එදා සිට අද දක්වා රටකරවූ ඇත්තන් රටට සිදු කර ඇති විනාශය ගැන නැවත නැවතත් අපට මතක් කරවයි.

 

රට බල්ලට ගියාදෙන්
ඇත්ත නැත්ත කියන කලට
කට කන්නද අපේ දැන්
මගේ වැඩෙත් හරියානම්
උඹේ වැඩෙත් හරියානම්
කල්ලියටම හරියානම්
ලොක්කො බක්කො හුඟ දෙනෙක්ම
උන්ගෙම මඩි තර කරන්නේ
ඉතින් අපේ නායකයොත්
උන් උන්ගෙම බෙලි කපන්නේ
අපිත් කියල නිකන් ඉදලා
වෙන මොනවද දැන් කරන්නේ
ඉතින් එහෙම රට කාලා
අප කෙරුවෝතින් ඇත්තට
අපොයි අමාරුවේ නේද
දරු මල්ලන් හැම මත්තට
ඒ හින්දම අප විහින්ම
නස්පැත්තිය ළඟා නොකර
මේ රටේම සුබ සිද්ධිය
ඇති කරවමු නොගා කෙකර
රට සරු වී වැඩීයන්
ලොවට නිවට නොවන ලෙසට
කිරි පැණියෙන් පිරීයන්
මගේ වැඩෙත් හරියාදෙන්
නුඹෙ වැඩෙත් හරියාදෙන්
කොයි කාටත් හරියාදෙන්
රට කන හැතිකර රොත්තම
කොනක ඉදන් වඳ කරන්න
පිටත් කරමු අවීචියට
කල්ප ගණන් වධ විඳින්න


පද රචනය :- බී.ටී මෙන්ඩිස්
තනුව සහ සංගීතය :- පණ්ඩිත් අමරදේව සූරීන්
ගායනය :- අයිවෝ ඩෙනිස් , සී.ටි ප්‍රනාන්දු ඇතුලු පිරිස

 


 

THE  LEADER  TV
 
 
 
 

ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්! 

  

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...