BREAKING
Top Ad
Life

අල්බොරාදා ගැන ආසියාතික කියවීමක්...- මහේෂ් හපුගොඩ

T

The Leader

December 11, 2021 • 3:54 AM

අල්බොරාදා ගැන ආසියාතික කියවීමක්...- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'නෙරූදා දැක්ක තමන්ගේ මළපහ එක්ක ජීවිතේ ගෙනියන ගැහැණියක් ඒ වැසිකිළිය ළඟට ආව කියල. නෙරූදට හිතුණේ නැද්ද ඒ ගෑනි ළඟ තමන්ගේ ම මළ මුත්‍රා වල ගඳ ඇති කියල?' (ජිජැක්, Living in the End Times).
  • පාර්වතී වගේ, පිළිමයක් වගේ දිව්‍යමය දෙයක් එහෙනම් ඇය තුල තියෙන්න ඇත්ද?
  • මා අතින් මේ දුෂණය වන්නේ ආසියාතික නිසොල්මන් බවද?
  • ඒත් එයාගේ එක කවියක්වත් කියෙව්වේ නැති මේ සක්කිලි කෙල්ල ඒ ආශා දැලේ පැටලුණේ නැහැ (cobweb of desire).
අකුරු ප්‍රමාණය (Font Size):

 
එහෙමනම් ඒ මළ මුත්‍රා එක්ක ජීවිත ගණුදෙනුව කරන ඒ ගෑනි නෙරූදා දිව්‍යමය වස්තුවක් ලෙස දකින්න ඇත්ද? පාර්වතී වගේ, පිළිමයක් වගේ දිව්‍යමය දෙයක් එහෙනම් ඇය තුල තියෙන්න ඇත්ද? එහෙමනම් මළ මුත්‍රා කියන්නේ දිව්‍යමය දෙයක් ද?

ඇස් දෙක දිහා බලාන නිසොල්මන්ව ඉන්න ඇය එහෙනම් දෙවියන් ද? එහෙනම් මම මේ නිදා ගන්නේ දෙවියන් මූර්තිමත් වෙන පිළිමයක් එක්කද? මා අතින් මේ දුෂණය වන්නේ ආසියාතික නිසොල්මන් බවද? අක්‍රීය බවද (passivity)? උපේක්ෂාව ද (indifference)? ආශාව මියගිය ඇය මෙලන්කොලිකද? ඇයගේ ආශාව මරා දැම්මේ කවුද?

නෙරූදා දැනගෙන හිටය එයාගේ කවි වලට පිස්සු හැදුන ගෑණු එයාව හොයාගෙන එනවා කියල. ආදරේ ඉල්ලලා මරාගෙන මැරෙන්න හදනවා කියල. ඒත් එයාගේ එක කවියක්වත් කියෙව්වේ නැති මේ සක්කිලි කෙල්ල ඒ ආශා දැලේ පැටලුණේ නැහැ (cobweb of desire). එයාටම කියල එයාගේ පැවත්මක් තිබ්බ. ඒක දිව්‍යමය පැවැත්මක්. දිව්‍යමය මළ මුත්‍ර එක්ක ගතකරන පැවැත්මක්.

මාවෝ වැඩිය පොත් කියවන්න එපා කියල අපිට කිව්ව එක එහෙනම් ඇත්ත වත්ද?

අර කවි කියවපු පොත්ත සුදු කෙල්ලෝ පැරනොයාවෙන් පිස්සු වැටෙන කොට, පිස්සු වැටිලා ඇඳන් උඩින් පනින කොට, පැනලා බෙලි කඩා ගන්න කොට, කඩවසම් කොල්ලෙක් හැටියට නෙරූදා තමන් දිහා හැංගි හොරා බලනවා (gaze) කියල දැන දැනත් වැසිකිළි බාල්දිය ඔළුව උඩ තියාන එයා ගියේ අභිමානයෙන්.

නෙරූදා දුන්න රතුපාට වද මල (මරණය) සුටුස් ගාල දා ගත්ත වැසිකිළි බාල්දියට. ඉඹ ඉඹ හිටියේ නැහැ. බිම දාල තිබ්බ රතු රෙද්දට උඩින් ගියේ කුමාරිකාවක් වගේ. භෞතික දේවල් නම් මොනවද බ්‍රෝ...

එයා මේ සියල්ල ඉස්සරහා අර ලෝකඩ ප්‍රතිමාව වගේ හයියයි...දරා ගන්න පුළුවන් ගාන්ධි වගේ...ඒ තමයි ආසියාව.
එතැන තමයි ආසියාවේ අභිමානය....දැන් එන එන එකා එක්ක හැමිල්ටන් උණාට.

මේ ක්ෂිතිය දරා ගන්න බැරි රත්නේ අයියා හරිම අපූරු විදියට අභිනිෂ්ක්‍රමනය කරන හැටි බලන්න අශෝක හඳගමගේ අල්බොරාදා බලන්න එන්න. ඒක කවියක් නෙවෙයි.  
 
හඳගම එදාටත් වඩා හයියයි. එදාටත් වඩා දේශපාලනිකයි.  

 

 

Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න


THE  LEADER  TV
 
 

 

පවුලේ අවුලක්!  

 

 

ඉන්දියාවෙන් එවපු මුදල් බහිරව කටට ? |මොණරවිලගේ ලියමන 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අල්බොරාදා ගැන ආසියාතික කියවීමක්...- මහේෂ් හපුගොඩ | The Leader