BREAKING
Top Ad
Life

ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු - ලක්ශාන්ත අතුකෝරල ගේ අලුත් කවිය හෙට දොරට වඩියි

T

The Leader

December 23, 2021 • 1:46 AM

ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු - ලක්ශාන්ත අතුකෝරල ගේ අලුත් කවිය හෙට දොරට වඩියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "එල්ලෙන පැතුම් අබරණ රන් සළු සේදදුල් සිටු සාද මසවුළු මුසු ඔසු රෝද
  • 'අමාවකේ සඳක් සිඹිමි’ (2006) නම් කාව්‍ය සංග්‍රහයෙන් කාව්‍යකරණයට පිවිසි ඔහු, ඉන් පසුව ලියන ලද ‘යටි වියන’ කාව්‍ය සංග්‍රහය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ය.
  • 2016 එළිදැක්වුණු "සමහර කමටහන්" යනු ලක්ශාන්ත අතුකෝරල කවියා සම්මාන ත්‍රිත්වයක් හිමිකරගත් කාව්‍ය සංග්‍රහයයි‍.
  • 2017 වර්ෂයේදී පවත්වන ලද සාහිත්‍ය උලෙළ ත්‍රයෙහිදීම 2016 වර්ෂයේ හොඳම කවියාට හිමි, රජත පුස්තක, රාජ්‍ය සාහිත්‍ය හා ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේ ලක්ශාන්තගේ සමහර කමටහන් කෘතියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇල්මෙන් පැතුව වැල් යම් සීනෙක      වීද
දැල්වී එදලු දැල් දැන් දැවිලා               නේද

එනමුදු අරටු අතු ඉති නොසැලෙන   සේය
වනගැබ අතීතයෙ තුරු     සෙනගකගේය
ගන අතු පතර ජන දිවි සිතු පෙත මේ    ය
සැනහුම් නැතද දුක් පව් ගෙන වෑවේ     ය

ඇද ඇද සෞන්දර්‍යය විඳ සුව                     අළස
පෙද හව් බවුන් වඩනුයෙ එතකොට කෙළෙස
මුදවන අතර හිනැහෙන ලිය දම්            පහස
නිදහස් වෙයන් හිත යට වැලපෙන         රහස"


සමහර කමටහන්, අමාවකේ සඳක් සිඹිමි, යටි වියන, සුසුමකින් සුළි සුළඟ, හිතග්ගිස්සේ නැතක් මොට්ටු, වැසි ඉසෙන ඉසව්, අනබිසෙස්, අනබිනික්මන්, ඊ වැනි සහෘදාදරයට පත් කාව්‍ය සංග්‍රහ පබැඳු ලක්ශාන්ත අතුකෝරල කවියා ගේ නවතම කාව්‍ය සංග්‍රහය "ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු" එළිදැක්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, "ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු" හෙට දිනයේ එනම්, දෙසැම්බර් 24 දා විදර්ශන ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට නියමිත ය.

'අමාවකේ සඳක් සිඹිමි’ (2006) නම් කාව්‍ය සංග්‍රහයෙන් කාව්‍යකරණයට පිවිසි ඔහු, ඉන් පසුව ලියන ලද ‘යටි වියන’ කාව්‍ය සංග්‍රහය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ය.

FAMEHS0VkAU0i3

2016 එළිදැක්වුණු "සමහර කමටහන්" යනු ලක්ශාන්ත අතුකෝරල කවියා සම්මාන ත්‍රිත්වයක් හිමිකරගත් කාව්‍ය සංග්‍රහයයි‍. 2017 වර්ෂයේදී පවත්වන ලද සාහිත්‍ය උලෙළ ත්‍රයෙහිදීම 2016 වර්ෂයේ හොඳම කවියාට හිමි, රජත පුස්තක, රාජ්‍ය සාහිත්‍ය හා ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේ ලක්ශාන්තගේ සමහර කමටහන් කෘතියයි.

 

"ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු" පූර්ව ඇනවුම් සඳහා සබැඳිය මෙතනින්

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
රාජපක්‍ෂලාට දේව කණ්නලව්වත් හරහට !| මොණරවිලගේ ලියමන්
 

 
ආණ්ඩුවෙම අය බැසිල්ට ගහන එක අගමැතිගෙ වැඩක්?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...