BREAKING
Top Ad
Life

2021 'සෝනි' ලෝක ඡායාරූප තරගාවලියේ ජයග්‍රාහී ඡායාරූප මෙන්න

T

The Leader

April 15, 2021 • 9:35 PM

2021 'සෝනි' ලෝක ඡායාරූප තරගාවලියේ ජයග්‍රාහී ඡායාරූප මෙන්න  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021 සෝනි ලෝක ඡායාරූප තරගාවලියේ වෘත්තිමය අංශයේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
  •       එක් එක් තරග කාණ්ඩවල සමස්ත ජයග්‍රාහකයින් සමඟින් විවෘත, ශිෂ්‍ය සහ යොවුන් තරගවල ජයග්‍රාහකයින් ද මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණි.
  •   විවෘත අංශයේ ජයග්‍රාහකයා වන්නේ සිම්බාබ්වේ ජාතික ටමරි කුඩිටා ය.
  •     වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය හිමිවුයේ 19 හැවිරිදි ඉන්දීය ජාතික පුබරුන් බාසු ට ය.
අකුරු ප්‍රමාණය (Font Size):
උතුරු එංගලන්තයේ ප්‍රජාවන් නිරූපනය කෙරෙන අවස්ථා සිය කැමරාවට හසුකරගත් ක්‍රෙග් ඊස්ටන් වසරේ ඡායාරූප ශිල්පියා ලෙස ඒ අනුව නම් කෙරුණි.
 
 
 

1 photo

 
එක්සත් රාජධානියේ වාර්තාමය ඡායාරූප ශිල්පියෙක් වන ඊස්ටන්, "Bank Top" නම් ඡායාරුප එකතුව වෙනුවෙන් ආලේඛ්‍ය ඡායාරූප කාණ්ඩය යටතේ පළමු ස්ථානය දිනා ගත්තේ ය. මෙම ව්‍යාපෘතිය මගින් සමාජයීය දුෂ්කරතාව, නිවාස, විරැකියාව සහ සංක්‍රමණ මෙන්ම අතීත සහ වර්තමාන විදෙස් ප්‍රතිපත්තිවල බලපෑම ආදියෙහි ගැටලුකාරී තත්වයන් නිරූපනය කෙරේ.
 
 

2 photo 2

 
එක් එක් තරග කාණ්ඩවල සමස්ත ජයග්‍රාහකයින් සමඟින් විවෘත, ශිෂ්‍ය සහ යොවුන් තරගවල ජයග්‍රාහකයින් ද මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණි.
 
විවෘත අංශයේ ජයග්‍රාහකයා වන්නේ සිම්බාබ්වේ ජාතික ටමරි කුඩිටා ය. වික්ටෝරියානු ඇඳුම් ඇඟලා සම්ප්‍රදායික ශෝනා ඉවුම් පිහුම් උපකරණ වගයක් ඔසවාගෙන සිටින තරුණ කතක් නිරූපණය කෙරෙන "African Victorian" ලෙස නම් කළ ආලේඛ්‍ය ඡායාරූපයට මෙම සම්මානය හිමිවුණි. 
 
 3 photo
 
 
ස්ටෙලෙන්බොෂ් සැලසුම් නිර්මාණ සහ ඡායාරූප ඇකඩමිය නියෝජනය කළ කොඑන්රාඩ් හෙයින්ස් ටෝලේජ්ගේ "Young Farmers" නම් ඡායාරූපයට ශිෂ්‍ය කාණ්ඩයේ සම්මානය හිමිවිය.
 
 

4 photo

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය හිමිවුයේ 19 හැවිරිදි ඉන්දීය ජාතික පුබරුන් බාසු ට ය. ඒ, "No Escape" ලෙසින් නම් කළ ඡායාරුපය වෙනුවෙනි.
 
 

5 photo

 
 
චෙක් රාජධානියේ තෝමස් වොසේල්කා ගෘහ නිර්මාණ ඡායාරූප අංශයෙන්, එක්සත් රාජධානියේ මාක් හැමිල්ටන් නිර්මාණශීලි අංශයෙන්, ඉතාලියේ විටෝ ෆුස්කෝ වාර්තාමය අංශයෙන්, ඉතාලියේ සිමොන් ට්‍රමොන්ටේ පාරිසරික අංශයෙන්, ඉරානයේ මජිඩ් හොජ්ජටි භූ දර්ශන අංශයෙන්, අනාස් අලකර්බෞටලී ක්‍රීඩා අංශයෙන්, නෙදර්ලන්තයේ පීටර් එලවෙල්ඩ් නිශ්චල ජීවය අංශයෙන්, ස්පාඥ්ඥයේ ලුයිස් ටටෝ වනජීවී හා සොබාදහම් අංශයෙන් ජයගෙන තිබේ.  
 
 2021 Sony
 
(අවාරා)
 
THE LEADER TV 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...