BREAKING
Top Ad
Life

අන්තර්ජාතික බුකර් ත්‍යාගය 2021 : පළමු වරට ප්‍රංශ ලේඛකයෙක්ට

T

The Leader

June 3, 2021 • 2:42 AM

අන්තර්ජාතික බුකර් ත්‍යාගය 2021 : පළමු වරට ප්‍රංශ ලේඛකයෙක්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "At Night All Blood is Black" කෘතිය රචනා කළ ඩේවිඩ් ඩිඔප් අන්තර්ජාතික බුකර් ත්‍යාගය දිනාගත් පළමු ප්‍රංශ ලේඛකයා බවට පත්ව ඇතැයි ඊයේ (2) විනිසුරුවන් විසින් නිවේදනය කර සිටියා.
  • ඇනා මොචෝවසික් ඉංග්‍රීසි බසට පරිවර්තිත, එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශිත ප්‍රබන්ධ කෘති 'අන්තර්ජාතික බුකර් ත්‍යාගයට සුදුසුකම් ලබයි.
  • 2005 දී ඇරඹි වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය සඳහා නවකතා මෙන්ම කෙටිකතා එකතු සලකා බැලේ.  මෙ වසරේ දී විනිසුරු මඬුල්ල විසින් ත්‍යාගය සඳහා සලකා බැලූ සමස්ත කෘති ගණන 125 ක් බව සංවිධායකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ දෙවැනි නවකතාව වන මෙය ලියා ඇත්තේ පළමුවැනි ලෝක යුද සමයේ දී ලද අත්දැකීම් පිළිබඳ නිහඬ පිළිවෙතක් රැකි සිය සෙනෙගාල ජාතික මුත්තණුවන්ගෙන් ලත් ආභාෂයෙනි. 


ඒ අනුව, ජයග්‍රහණය වෙනුවෙන් ලද පවුම් 50,000ක මූල්‍යමය ත්‍යාගය ඩේවිඩ් සහ කෘතියේ පරිවර්තකයා අතර සමසේ බෙදී යයි. 

"At Night All Blood is Black" ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ ඇමරිකානු රචකයකු සහ කවියකු වන ඇනා මොචෝවසික් විසිනි. කෘතිය Pushkin Press ප්‍රකාශනය කි.

Anna Moschovaki translator

ඇනා මොචෝවසික්



ඉංග්‍රීසි බසට පරිවර්තිත, එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශිත ප්‍රබන්ධ කෘති 'අන්තර්ජාතික බුකර් ත්‍යාගයට සුදුසුකම් ලබයි.


2005 දී ඇරඹි වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය සඳහා නවකතා මෙන්ම කෙටිකතා එකතු සලකා බැලේ. 

මෙ වසරේ දී විනිසුරු මඬුල්ල විසින් ත්‍යාගය සඳහා සලකා බැලූ සමස්ත කෘති ගණන 125 ක් බව සංවිධායකයෝ පවසති.

"මෑන් බුකර් අන්තර්ජාතික ත්‍යාගය" ලෙස මින්පෙර හැඳින්වූ "අන්තර්ජාතික බුකර් ත්‍යාගයේ" කෙටි ලැයිස්තුවට සුදුසුකම් ලැබූ සෙසු කෘති 5 වන්නේ,

Mariana Enríquez විසින් රචිත "The Dangers of Smoking in Bed"  ස්පාඥ්ඥ බසින් පරිවර්තනය කරන ලද්දේ Megan McDowell, ප්‍රකාශනය Granta Books

Benjamín Labatut විසින් රචිත "When We Cease to Understand the World"ස්පාඥ්ඥ බසින් පරිවර්තනය කරන ලද්දේ Adrian Nathan West, ප්‍රකාශනය Pushkin Press

Olga Ravn විසින් රචිත "The Employees"ඩෙන්මාර්ක භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දේ Martin Aitken, ප්‍රකාශනය Lolli Editions
Maria Stepanova විසින් රචිත "In Memory of Memory"රුසියානු බසින් පරිවර්තනය කරන ලද්දේ Sasha Dugdale, ප්‍රකාශනය Fitzcarraldo Editions

Éric Vuillard විසින් රචිත "The War of the Poor"ප්‍රංශ බසින් පරිවර්තනය කරන ලද්දේ Mark Polizzotti, ප්‍රකාශනය Pan Macmillan, Picador

(අවාරා)



THE LEADER TV 
 
 

 

මේරි කොම් පරදී : නාමල් අගමැති!

 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...