BREAKING
Top Ad
Life

ලාංකීය කතුවරියක වන කන්‍යා ද අල්මේදා 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගය දිනයි

T

The Leader

July 1, 2021 • 2:41 AM

ලාංකීය කතුවරියක වන කන්‍යා ද අල්මේදා 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගය දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික කතුවරියක වන කන්‍යා ද අල්මේදා දස වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගයේ ජයග්‍රාහිකාව බවට පත්ව තිබෙනවා.
  • ඉකුත් මැයි මාසයේ දී ආසියානු කලාපීය ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු කන්‍යා ද අල්මේදා සමස්ත තරගාවලියේ ජයග්‍රාහිකාව බවට නිවේදනය කළේ ඊයේ (30) දින පැවැත්වුණු ඔන්ලයින් ත්‍යාග ප්‍රධාන උත්සවයක දී ය.
  • ඒ අනුව, පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම ආසියානු කලාපිය ජයග්‍රහණය ලද දෙවැනි ශ්‍රී ලාංකිකයා ඇය වේ.
  • ප්‍රකාශයට පත් නොකළ විශිෂ්ටතම ප්‍රබන්ධ කෙටිකතාව වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගයේ මෙවර තරගාවලිය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 50 නියෝජනය කරමින් කෙටිකතා 6423ක් ඉදිරිපත් කර තිබුණු බව සංවිධායකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඇය මෙම ජයග්‍රහණය ලබන්නේ "I Cleaned the-" නම් කෙටිකතාව රචනා කරමිනි.

ඉකුත් මැයි මාසයේ දී ආසියානු කලාපීය ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු කන්‍යා ද අල්මේදා සමස්ත තරගාවලියේ ජයග්‍රාහිකාව බවට නිවේදනය කළේ ඊයේ (30) දින පැවැත්වුණු ඔන්ලයින් ත්‍යාග ප්‍රධාන උත්සවයක දී ය. ඒ එම වැඩසටහන මෙහෙයවූ බ්‍රිතාන්‍ය-ජැමෙයිකානු රංගන ශිල්පිනි ඩෝනා ක්රෝල් විසිනි.

ඒ අනුව, පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම ආසියානු කලාපිය ජයග්‍රහණය ලද දෙවැනි ශ්‍රී ලාංකිකයා ඇය වේ.

මෙවර තරගාවලිය විනිශ්චය කරන ලද්දේ දකුණු අප්‍රිකානු ලේඛිකා සෝ විකොම්බ් මුලසුන දරන නයිජිරියානු ලේඛක ඉගොනි බරෙට්, බංග්ලාදේශ ලේඛක කදෙමුල් ඉස්ලාම්, බ්‍රිතාන්‍ය ලේඛක කීත් ජරේට්, ජැමෙයිකානු ලේඛිකා ඩයනා මැක්කෝලේ සහ නවසිලන්ත ලේඛිකා ටීනා මැකරෙටි සාමාජිකත්වය හොබවන අන්තර්ජාතික විනිසුරු මණ්ඩලයක් විසිනි.

ප්‍රකාශයට පත් නොකළ විශිෂ්ටතම ප්‍රබන්ධ කෙටිකතාව වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගයේ මෙවර තරගාවලිය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 50 නියෝජනය කරමින් කෙටිකතා 6423ක් ඉදිරිපත් කර තිබුණු බව සංවිධායකයෝ පවසති.

 

-අවාරා


සබැඳි පුවත් 

පොදුරාජ්‍ය මණ්ඩලීය ආසියානු කලාපයේ හොඳම කෙටිකතාව ශ්‍රී ලාංකික කතුවරියකගෙන්

##########
 
 
THE LEADER TV 
 
කපුටෙකු මරා තටුව එල්ලන්න: ඇමති ජොන්ස්ටන් කියන්නේ මොකක්ද?
 

ශානිගේ ජීවිතේ අනතුරේ : ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලිපියක් !
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...