BREAKING
Top Ad
Life

ශ්‍රී ලාංකීය නවකතාකරුවෙක් 2021 බුකර් ත්‍යාගයට නිර්දේශ වෙයි

T

The Leader

July 28, 2021 • 4:16 AM

ශ්‍රී ලාංකීය නවකතාකරුවෙක් 2021 බුකර් ත්‍යාගයට නිර්දේශ වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකීය දමිළ නවකතාකරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් විසින් ලියූ "A Passage North" නම් කෘතිය 2021 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුවට සුදුසුකම් ලබා ඇතැයි ඊයේ (27) දින ප්‍රකාශයට පත් කෙරුණි.
  • මෙවර බුකර් ත්‍යාගය සඳහා මූලික වටයෙන් සුදුසුකම් ලැබූ නවකතා ගණන 13 කි.
  • ඊට, 2017 දී සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනූ එමෙන්ම 1989 දී බුකර් සම්මානය දිනූ ජපන් ලේඛක කසුඕ ඉෂිගුරෝගේ "Klara and the Sun", පුලිට්සර් සම්මානය දිනූ ඇමරිකානු නවකතාකරු රිචර්ඩ් පවර්ස්ගේ "Bewilderment" යන කෘති ද ඇතුලත් ය.
  • මෙම කෘතිය "පාඨක සන්තානයේ නොමැකෙන සටහන් තබන නවකතාවක්," බව විනිශ්චය මණ්ඩලයේ අදහස යි.
අකුරු ප්‍රමාණය (Font Size):


A Passage North, "ක්‍රිෂාන්" නම් දමිළ තරුණයකු, දශක ගණනක් දිගු යුද්ධයේ කම්පනයෙන් තවමත් පීඩා විඳින උතුරුකරයට යන ගමනක් වටා ගෙතුණකි.

මෙවර බුකර් ත්‍යාගය සඳහා මූලික වටයෙන් සුදුසුකම් ලැබූ නවකතා ගණන 13 කි.

ඊට, 2017 දී සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනූ එමෙන්ම 1989 දී බුකර් සම්මානය දිනූ ජපන් ලේඛක කසුඕ ඉෂිගුරෝගේ "Klara and the Sun", පුලිට්සර් සම්මානය දිනූ ඇමරිකානු නවකතාකරු රිචර්ඩ් පවර්ස්ගේ "Bewilderment" යන කෘති ද ඇතුලත් ය.  

 

 methode sundaytimes prod web bin 93e9d0ee 75dd 11eb b891 d5dbb71e9f5aකසුඕ ඉෂිගුරෝ


පාඨක සන්තානයේ නොමැකෙන සටහන්..

A Passage North, අනුක් අරුද්ප්‍රගාසම් විසින් රචිත දෙවැනි නවකතාව යි.

මෙම කෘතිය "පාඨක සන්තානයේ නොමැකෙන සටහන් තබන නවකතාවක්," බව විනිශ්චය මණ්ඩලයේ අදහස යි.  

ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අනුක්ගේ පළමු නවකතාව වන්නේ "The Story of a Brief Marriage" ය.

9781783782383

 

එම කෘතිය වෙනුවෙන් ඔහුට දකුණු ආසියානු සාහිත්‍ය වෙනුවෙන් පිරිනමන DSC ත්‍යාගය හිමිවූ අතර ඩිලන් තෝමස් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුගත විය.

"The Story of a Brief Marriage" මේ වනවිට භාෂා 7කට පරිවර්තන කර ඇත.

2021 බුකර් දිගු ලැයිස්තුව

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.

මෙවර බුකර් ත්‍යාගයේ කෙටි ලැයිස්තුගත කෘති හය සැප්තැම්බර් 14 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිත ය.

 

 119598319 manbookerpa

2021 බුකර් ත්‍යාගයේ දිගු ලැයිස්තුව මෙසේ ය,



A Passage North, Anuk Arudpragasam (Granta Books, Granta Publications)

Second Place, Rachel Cusk, (Faber)

The Promise, Damon Galgut, (Chatto & Windus, Vintage, PRH)

The Sweetness of Water, Nathan Harris (Tinder Press, Headline, Hachette Book Group)

Klara and the Sun, Kazuo Ishiguro (Faber)

An Island, Karen Jennings (Holland House Books)

A Town Called Solace, Mary Lawson (Chatto & Windus, Vintage, PRH)

No One is Talking About This, Patricia Lockwood (Bloomsbury Circus, Bloomsbury Publishing)

The Fortune Men, Nadifa Mohamed (Viking, Penguin General, PRH)

Bewilderment, Richard Powers (Hutchinson Heinemann, PRH)

China Room, Sunjeev Sahota (Harvill Secker, Vintage, PRH)

Great Circle, Maggie Shipstead (Doubleday, Transworld Publishers, PRH)

Light Perpetual, Francis Spufford (Faber)

 


THE LEADER TV 
 

මෛත්‍රී - සජිත් රහස් කතා ! - බුද්ධි අංශ කියයි

 

 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...