BREAKING
Top Ad
Life

2021 බුකර් ත්‍යාගය : ශ්‍රී ලාංකීය නවකතාකරු අනුක්ගේ "A Passage North" අවසන් වටයට

T

The Leader

September 15, 2021 • 2:44 AM

2021 බුකර් ත්‍යාගය : ශ්‍රී ලාංකීය නවකතාකරු අනුක්ගේ  "A Passage North" අවසන් වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකීය දමිළ නවකතාකරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් විසින් ලියූ "A Passage North" නම් කෘතිය 2021 බුකර් ත්‍යාගයේ අවසන් වටයේ නිර්දේශිත කෘති 6
  • මෙම කෘතිය "පාඨක සන්තානයේ නොමැකෙන සටහන් තබන නවකතාවක්," බව විනිශ්චය මණ්ඩලයේ අදහස යි.
  •   ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අනුක්ගේ පළමු නවකතාව වන්නේ "The Story of a Brief Marriage" ය.
  •   2021 බුකර් කෙටි ලැයිස්තුව එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අතරට සුදුසුකම් ලබා ඇති බවට ඊයේ (14) දින ප්‍රකාශයට පත් කෙරුණි.

A Passage North, "ක්‍රිෂාන්" නම් දමිළ තරුණයකු, දශක ගණනක් දිගු යුද්ධයේ කම්පනයෙන් තවමත් පීඩා විඳින උතුරුකරයට යන ගමනක් වටා ගෙතුණකි.

 

 120544098 vertical stack plain c the booker prizes

බුකර් ත්‍යාගයේ අවසන් වටයට නිර්දේශ වූ සෙසු කෘති මෙසේය,

 The Promise, Damon Galgut, (Chatto & Windus, Vintage, PRH)

 No One is Talking About This, Patricia Lockwood (Bloomsbury Circus, Bloomsbury Publishing)

 The Fortune Men, Nadifa Mohamed (Viking, Penguin General, PRH)

 Bewilderment, Richard Powers (Hutchinson Heinemann, PRH)

 Great Circle, Maggie Shipstead (Doubleday, Transworld Publishers, PRH)

 

headshots 1614627884458.0

මෙවර බුකර් ත්‍යාගය මූලික වටයෙන් නවකතා 13ක් සුදුසුකම් ලැබූ අතර එම කෘති අතරට 2017 දී සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගය දිනූ එමෙන්ම 1989 දී බුකර් සම්මානය දිනූ ජපන් ලේඛක කසුඕ ඉෂිගුරෝගේ "Klara and the Sun" කෘතිය ද ඇතුලත් වී තිබුණි. කෙසේ වෙතත් එම කෘතිය අවසන් නිර්දේශ අතරට පැමිණ තිබුණේ නැත.


පාඨක සන්තානයේ නොමැකෙන සටහන්..


A Passage North, අනුක් අරුද්ප්‍රගාසම් විසින් රචිත දෙවැනි නවකතාව යි.

මෙම කෘතිය "පාඨක සන්තානයේ නොමැකෙන සටහන් තබන නවකතාවක්," බව විනිශ්චය මණ්ඩලයේ අදහස යි.  

ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අනුක්ගේ පළමු නවකතාව වන්නේ "The Story of a Brief Marriage" ය.

එම කෘතිය වෙනුවෙන් ඔහුට දකුණු ආසියානු සාහිත්‍ය වෙනුවෙන් පිරිනමන DSC ත්‍යාගය හිමිවූ අතර ඩිලන් තෝමස් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුගත විය.

"The Story of a Brief Marriage" මේ වනවිට භාෂා 7කට පරිවර්තන කර ඇත.

 



2021 බුකර් කෙටි ලැයිස්තුව

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතා බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන අතර ඕනෑම රටක ලේඛකයෙක්ට එය විවෘත වේ.

මෙවර බුකර් ත්‍යාගයේ ජයග්‍රාහකයා නොවම්බර් 3 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිත ය.

 

(අවාරා)

 


THE LEADER TV 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 
හම්බන්තොට ස්පේෂල්?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...