BREAKING
Top Ad
Life

'බහුවරණ' : හදවතේ රිද්මයට සප්තස්වර සුසංයෝගකළ විරුෂාන් හසරංග

T

The Leader

January 1, 2022 • 9:51 PM

'බහුවරණ' : හදවතේ රිද්මයට සප්තස්වර සුසංයෝගකළ විරුෂාන් හසරංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලාව යනු මිනිස් භාවාත්මක හැගීම් තුළින් රසනිශ්පත්තියක් මවමින් උසස් රස වින්දනයක් කරා හුරු කරවන උත්තම වූ මාධ්‍යයකි.
  •  ගී පද රචනයද ඔහුගේම වන අතර ඔහු සමගින් ගායනයට වෙනුර සදුන් සමගින් දුමිදු සචින්ත එක්ව ඇත.
  • ගීතය පිළිබද වැඩිදුරටත් අදහස් දැක් වූ විරුෂාන් කියා සිටියේ සම වයසේ මිතුරු කැලක් එකතුව පටන් ගත් demigods crew එකේ ප්‍රථම ගීතය මෙය වන බවයි.
  • මෙහි සංගීතයේ සිට වීඩියෝව අවසානය දක්වා සියලුම දේ අයිතිය මේ මිතුරු කැල සතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රස වින්දන කලාවෙන් ඇතමුන් ඈත් වී යන යුගයක අපූරු රිද්මරටා සුසංයෝග කරමින් නිර්මිත මනස ස්පර්ශ කරනා නිර්මාණයක් ලෙස" බහුවරණ" ගීතය හදුන්වා දිය හැක.

මේ දිනවල සමාජ මාධ්‍ය යේ යූ ටියුබ් ඔස්සේ ඔබට මෙම ගීතය රස විදිය හැක.

ඉතා ටික කාලයකින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයේ සැබෑහිමි කරු තවමත් හිරිමල් වියේ සිටිනා අවුරුදු විස්සක් වූ තාරුණ්‍යයේ නිර්මාණ කරුවෙකි. ඔහු කොළඹ මහානාම විදයාලයේ ඉගෙනුම ලැබූ වර්තමානයේ පුද්ගලික විශ්ව විදයාලයක (SLIIT) අධයාපනය හදාරණ විරුෂාන් හසරංගයි.

 ගී පද රචනයද ඔහුගේම වන අතර ඔහු සමගින් ගායනයට වෙනුර සදුන් සමගින් දුමිදු සචින්ත එක්ව ඇත. දිනකර චතුරංග සමගින් හරිත කෞෂල්‍ය කලා නිර්මාණයට දායකත්වය දුන් අනිකුත් ශිල්පීන්ය.

ගීතය පිළිබද වැඩිදුරටත් අදහස් දැක් වූ විරුෂාන් කියා සිටියේ සම වයසේ මිතුරු කැලක් එකතුව පටන් ගත් demigods crew එකේ ප්‍රථම ගීතය මෙය වන බවයි. මෙහි සංගීතයේ සිට වීඩියෝව අවසානය දක්වා සියලුම දේ අයිතිය මේ මිතුරු කැල සතු බවයි.

ගීතයෙන් ප්‍රධාන වශයෙන් target කර ඇත්තේ depression වලින් පීඩා විදින සියදිවි නසා ගැනීමට උත්සාහ දරන්නන් වෙනුවෙන් එය වළක්වා ලීම සඳහා රුකුළක් වීමටයි.

ගීතය youtube හරහා ප්‍රකාශයට පත්කර මේ වන විට මාස තුනක් වන අතර views  3000 ඉක්මවා ඇත. ඉදිරියේ තවත් ගීතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුහු කියා සිටිති.

රස විදීමේ ගීත කලාව ඈත් වෙමින් තියෙන යුගයක තරුණ තරුණියන් මෙවැනි නිර්මාණන් බිහි කරන්නට ඉදිරිපත්වීම අගයකළ යුත්තකි; 

 

Leader Whats app

 
 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 


'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  


දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...