BREAKING
Top Ad
Life

ක්ලැරන්ස්ගේ දැඩි තීරණය නිසා බිහි වූ අසහාය නිර්මාණය - 'සිව්මැලියා සිකුරුලියා'

T

The Leader

January 6, 2022 • 12:25 AM

ක්ලැරන්ස්ගේ දැඩි තීරණය නිසා බිහි වූ අසහාය නිර්මාණය - 'සිව්මැලියා සිකුරුලියා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිකුරුලියා" එක "ටේක්" එකයි...! -ක්ලැරන්ස් විජේවර්ධන
  • එහි "සිකුරුලියා" ගීතය ගයන්න අමරදේව මහත්තයා යොදවන්න ඕනෑ බව අධ්‍යක්ෂ හා නිෂ්පාදක දෙපළ කිව්වා.
  • මම කිව්වා මෙය ගැලපෙන්නේ මිල්ටන් පෙරේරාටම බව.
  • මම තරයේ කිව්වා මෙය මිල්ටන් මිස වෙන කෙනෙකු යොදා නොකරන බව.
අකුරු ප්‍රමාණය (Font Size):


"සිකුරුලියා" මම සංගීත අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය. එහි "සිකුරුලියා" ගීතය ගයන්න අමරදේව මහත්තයා යොදවන්න ඕනෑ බව අධ්‍යක්ෂ හා නිෂ්පාදක දෙපළ කිව්වා.

මම එකඟ උනේ නෑ. මම කිව්වා මෙය ගැලපෙන්නේ මිල්ටන් පෙරේරාටම බව. මිල්ටන් ලවා නොගයවා වික්ටර් ලවා ගයවන්න ඊළඟට යෝජනා කළා.
මම තරයේ කිව්වා මෙය මිල්ටන් මිස වෙන කෙනෙකු යොදා නොකරන බව.

 චිත්‍රපටිය නැති උනත් කමක් නෑ කියලා මම ඒ තීරණයේම හිටියා.

මම එහෙම කළේ අමරදේව හෝ වික්ටර් අවතක්සේරු කිරීමට නොව මිල්ටන්ටම ඒ ගීය උචිත බව මට හැඟුණු නිසායි. දවස් හතරකට පස්සේ නිෂ්පාදක හා අධ්‍යක්ෂක පැමිණ මට කිව්වා කැමැත්තක් කරන්න කියා.

ධර්මසිරි ගමගේ ලියූ ගීතය පටිගත කළේ "සරසවි" විත්‍රාගාරයේදී... "  එක වරක් පුහුණු වී එක "ටේක්" එකෙන්ම මිල්ටන් හැඟීම්බරව දක්ෂ ලෙස ගායනා කළා.

ශබ්ද පරිපාලක මර්වින් රොද්‍රිගූ සහ අපි එකවරම සෑහීමට පත් උනා. නමුත් නිකමට තව පාරක් කියමුද ඇහුවා. ඒ වතාවත් කිව්වා. ඒත් හරියටම හරි.

බලන්න ඒ ගීතය මිල්ටන් කොච්චර ලස්සනට ගයා ඇද්ද කියා. ඒ ඔහුගේ දස්කමයි.

පසුව භාරතයට ගිය විට මේ ගීය අසා නෞෂාඩ් බෙහෙවින් අගය කර තිබෙනවා. මම මිල්ටන්ට හැදූ එකම ගීය එයයි. ඔහු අප අතර නැතත් ඒ ගීය අප අතර තියෙනවා.


-ක්ලැරන්ස්  විජේවර්ධන

IMG 20220106 WA0000

 

 


Leader Whats app

 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 
දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්ලැරන්ස්ගේ දැඩි තීරණය නිසා බිහි වූ අසහාය නිර්මාණය - 'සිව්මැලියා සිකුරුලියා' | The Leader