BREAKING
Top Ad
Life

සුසිල් සාන්තගේ කතාව -උදන් ප්‍රනාන්දු ගේ කොලමීය කෙටි කතාවට ප්‍රතිචාරයක්

T

The Leader

January 18, 2022 • 1:13 AM

සුසිල් සාන්තගේ කතාව -උදන් ප්‍රනාන්දු ගේ කොලමීය කෙටි කතාවට ප්‍රතිචාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 1.9 දින අනිද්දා පුවත් පතේ උදන් ප්‍රනාන්දු විසින් ගෝත්‍රය යනුවෙන් කොලමිය කෙටි කතාවක් පල කර තිබි කියවිමි.
  • නමුත් දිගුකාලයක් සමාජ බාවිතයන් සමග සිටි සුසිල් සාන්තට නම් එය අපුරු ලිවිමක්ලෙස පෙනේ.
  • දෙවැන්න සාන්තට වඩා තරුණ දෙදෙනෙක් ඉහල දායක සබාවේ නියෝජිතයන් ලෙස පත්ව තිබීමය.
  • එහි තේරුම  ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ සාන්තට එම දායක සබාවේ නියෝජනයක් නොමැකි වුබවය.
අකුරු ප්‍රමාණය (Font Size):



එහි  අන්වර්ත නම් සදහන් ඇතමුන්ට එම කොලම රිසි නොවිය හැක. නමුත් දිගුකාලයක් සමාජ බාවිතයන් සමග සිටි සුසිල් සාන්තට නම් එය අපුරු ලිවිමක්ලෙස පෙනේ.

එනයින් එහි තුබු  කරුණු දෙකක් පිලිබඳව ලිවිමට  සාන්තට සිතුණි.

පලමු වැන්න සමන්ත විද්‍යානන්ද ගැන වු සටහනයි. සුසිල් හමුවන හැම විටම සමන්ත සුසිල්ට නිසි ගෞරවයක් සහිතව කතා කරනු මතු නොව වරක් මැටිගහ තැන්න මළ ගෙදරක ගොස් ආපසු එනවිට ඔහුගේ වාහනයේ රියදුරු අසුන අසල ආසනය බලෙන්ම සාන්තට දි පසුපස අසුනේ ලැලි බංකුව මත පස්සරට එනතෙක්ම ඉඳ ගෙන  ආවේය.

සාන්තගේ වයස නිසා විය යුතුය. විද්‍යානන්ද එවැනි මිනිසෙක්ය.

දෙවැන්න සාන්තට වඩා තරුණ දෙදෙනෙක් ඉහල දායක සබාවේ නියෝජිතයන් ලෙස පත්ව තිබීමය. එහි තේරුම  ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ සාන්තට එම දායක සබාවේ නියෝජනයක් නොමැකි වුබවය. ඒගැන කිව යුත්තේ එය නිවරැදි බවය.

මේරට වෙනස් කල හැක්කේ ජවය සහිත තරුණයින්ට මිස වයසක මැන්ටල් වන සාන්තලාට නොවේය. සාන්තලාගේ තරුණ වියේදි  සාන්තලා ඒ උත්සාහය යම් තරමකට ගෙන තිබුනද අරමුණ ඉටු නොවීය. නමුත් වර්තමාන තරුණ පරපුර ඒ වෙනස කරනු නියතය. ඔවුන් පත්වු ඒ සබාව ඊට නායකත්වය දෙනු ඇත .

දැන් සාන්තලාට කල හැක්කේ ඔවුන්ව දිරිමත් කිරිමය. සාන්ත සැමදාම සිතුවේ එසේය. එනයින්  තරුණයින් ගැන වන අවසන් කතාව සාන්ත ගැන අව තක්සේරුවක් යයි සාන්ත සිතයි.

නමුත් මේ කොලමට පාදක වුකරුණු සොයා ගැනීමට උදාන් මහත් වෙහෙසක් ගන්නට ඇත. එසේ සොයා ගත් කරුණු ගැලපිමද පහසු කාර්යයක් නොවේ. සමහර කරුනු සාන්තගේ මතකයෙන්ද මැකි ගොස් තිබුණි. ඒවා යළි සිහිපත් කිරිමද අරුමයකි.

කෙසේ වුව මේ කෙටි කතාව යයි උදාන් හඳුන්වන ලිපියට මම කැමත්තෙමි. විවේචනයක් වේ නම් එය ද බාර ගන්නේ ස්තුතිපුර්වකය. ඒ ශක්තිය සාන්තට ඇත.

ස්තුතියි, උදාන්.


IMG 20220118 WA0020කේ සුනිල්සාන්ත
sunilshantha.kiev@gmail.com




සබැඳි කෙටි කතාව:

ගෝත්‍රය : කොලමීය කෙටි කතාවකි



 

Leader Whats app


 


සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?



මළපොතේ අකුරු බැරි මොළහතේ අගමැති !| මොණරවිලගේ ලියමන



පවුල රකින්න බැසිල්ගෙන් පොදු අපේක්ෂකයෙක්! Gossip



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...