BREAKING
Top Ad
Life

'ද නිවුස්පේපර්' : ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

T

The Leader

March 12, 2022 • 9:34 AM

 'ද නිවුස්පේපර්' : ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ දී" ද නිවුස්පේපර්" චිත්‍රපටය ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි.
  • ඒ අනුව "ද නිව්ස්පේපර්" චිත්‍රපටය, බෙංගලුරු උළෙල ඉතිහාසයේ ආසියානු තරග අංශය නියෝජනය කරන ලද 12 වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය වේ.
  • ඒ අනුව එවන් පිළිගැනීමක් හිමිව ඇති ලොව 44 වෙනි අන්තර්ජාතික සිනමා උළෙල බවට බෙංගලුරු සිනමා උළෙල පත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):



අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සහ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වන "ද නිව්ස්පේපර්" (The Newspaper) සිනමාපටය බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියානු සිනමා තරඟය (Asian Cinema Competition)  සඳහා නිර්දේශ වී තිබිණි.

ඒ අනුව, මාර්තු 03 සිට 10 වෙනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූරු නුවර පවත්වන ලද 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (Bengaluru International Film Festival) ප්‍රධානතම තරඟකාරී අංශයක් වන "ආසියානු සිනමා තරඟය" (Asian Cinema Competition)  හිදී ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට "ද නිව්ස්පේපර්" චිත්‍රපටය සමත් වී තිබේ. 

ගෝලීය වසංගත තත්වය ශ්‍රී ලංකාවට සිදු කළ බලපෑම තුළ සිනමා කර්මාන්තය කඩා වැටීමට ලක්ව තිබූ වකවානුවක දැඩි පරිශ්‍රමයක් දරමින් සෞඛ්‍යාරක්ෂක විධිවිධාන වලට අනුකූලව මෙම චිත්‍රපටය එළි දැක්වීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කටයුතු කළ අතර ඒ අනුව එවකට සිනමාහල් හි වැඩිම ආදායම් ලබන චිත්‍රපටය බවට පත් වීමට ද "ද නිව්ස්පේපර්" චිත්‍රපටය සමත් විය.

එමෙන්ම සමාජයේ වඩාත් සංවේදී අංශයන් රැසක් ඒකාග්‍ර කරමින් මෙම චිත්‍රපටය තිරගත කෙරිණි.

2006 වසරේ ආරම්භය සනිටුහන් කොට ඇති බෙංගලුරු සිනමා උළෙලේ, 2006-2020 කාලවකවානුව තුළ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 24 ක්  තිරගත වී ඇති අතර, ඉන් සිනමාපට 11 ක් (ඉගිල්ලෙන මාළුවෝ- 2011දී/ ඉනි අවන් -2012 දී/ ඔබ නැතුව ඔබ එක්ක-2012 දී/ තණ්හා රතී රඟා- 2013 දී/  සක්කාරං- 2014 දී/ ප්‍රේමය නම්- 2016 දී/අලෝකෝ උදපාදි සහ රතු සමනල හීනයක්- 2017 දී/ ගින්නෙන් උපන් සීතල සහ අසන්ධිමිත්තා- 2019 දී/ වෙඩි නොවදින ළමයි- 2020 දී) "ආසියානු සිනමා තරගය" නියෝජනය කොට ඇත.

ඒ අනුව "ද නිව්ස්පේපර්" චිත්‍රපටය, බෙංගලුරු උළෙල ඉතිහාසයේ ආසියානු තරග අංශය නියෝජනය කරන ලද 12 වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය වේ.

ලොව පුරා ක්‍රියාත්මක සිනමා උළෙල ප්‍රමිතිකරණයේ හා වර්ගීකරණයෙහි නියැලෙන ලොව ප්‍රමුඛතම ආයතනය වන "ෆිඇප්ෆ්" (FIAPF-  Fédération Internationale des Associations de Producteurs de Films) ආයතනයේ පිළිගැනීම (FIAPF Accreditation) මෙම වසරේ සිට බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙල වෙත හිමිව ඇත.

ඒ අනුව එවන් පිළිගැනීමක් හිමිව ඇති ලොව 44 වෙනි අන්තර්ජාතික සිනමා උළෙල බවට බෙංගලුරු සිනමා උළෙල පත්වේ.

උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය ආසියානු කාලාපයට සීමාවීම නිසාවෙන් "විශේෂිකරණය වූ තරගකාරී වෘත්තාන්ත  සිනමාපට උළෙලක්" (Competitive Specialized Feature Film Festival)  ලෙසින් බෙංගලුරු සිනමා උළෙල, මේ වසරේ සිට ෆිඇප්ෆ් සිනමා උළෙල දින දර්ශනයට ඇතුළත් වේ.

මෙකී ෆිඇප්ෆ්  පිළිගැනීමත් සමග ඉන්දියාවේ පැවැත්වෙන  ප්‍රමුඛතම තරගකාරී අන්තර්ජාතික සිනමා උළෙල පහ අතරට (ගෝව, කේරළ, කොල්කටා, මුබ්බායි, බෙංගලුරු) බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙල එක්වේ.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර, මාෂි සිරිවර්ධන, දායාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, පුබුදු චතුරංග යනාදී නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙන "ද නිව්ස්පේපර්" හි සම නිෂ්පාදනය රවින්ද්‍ර ගුරුගේ  සහ එච්.ඩී ප්‍රේමසිරි විසින් සිදු කරන ලදී.

කැමරාකරණයෙන් චන්දන ජයසිංහත්,  සංස්කරණයෙන් රුක්මල් නිරෝෂනුත්, සංගීතයෙන් ගයාත්‍රී කේමදාසත්, කලා අධ්‍යක්ෂණයෙන් අජන්ත අලහකෝනුත්,  වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත් චිත්‍රපටයට දායකත්වය ලබා දෙන ලදී.

 WhatsApp Image 2022 03 12 at 19.12.55

 

Leader Whats app

 

 

 

 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...