BREAKING
Top Ad
Life

අපේ කලා කරුවන්ට ස්තුතියි (කාන්ති කාරියවසම්)

T

The Leader

April 18, 2022 • 3:41 AM

අපේ කලා කරුවන්ට ස්තුතියි (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමකාමී ජනතා අරගලයට සතියකටත් වඩා ඉක්ම ගිහින්. සෑම ජන කොටසක්ම එකා වගේ එකතු වෙලා.
  • ඇත්තෙන්ම උන් ජනතාවට මදි නොකියන්න ඇන්නා විතරක් නෙවෙයි, අන්තිමට රටම කම්මුතු වෙන්න ඇන්නා.
  • බැංකු මංකොල්ල කාපු, රට විසාල ණයකට ඇදලා දාලා කොමිස් ගිලපු මංපහරන්නෝ.
  • පොඩි ගණනකුත් නෙමෙයි, 225 ක් නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින්, අනෙකුත් වෘත්තිකයින්, විශ්‍රාමිකයින්, පූජ්‍ය පක්ෂය වගේ හැමෝම සහභාගී වෙලා ඉන්නේ හරිම උද්යෝගයකින්.

 

 

ඒ අතරින් අපේ කලා කරුවන්ගේ සහයෝගය, සහභාගීත්වය කියන්න බැරි තරම් විශිෂ්ඨයි. කලකට එපිටදී දේශපාලන වාරණයට ලක්වූ, මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ, නන්දා මාලනී ගැයූ පවන ප්‍රසංගයේ ගීත අද දවසට උචිත වෙන විදියට ලිවුවා වගෙයි. ඒ කියන්නේ අවුරුදු හතලිස් ගණනක් පුරාවටම රට ජරාජීර්ණ වෙමින් පැවතුනා කියන එකයි. එතරම් කාලයක් අපිත් අඳ ගොළු බිහිරන් වගේ ඉඳලා තියෙන්නේ.

 

 

මෙතෙන්දි මතක් නොකරම බැරි, අද අප අතර නැති, කලා කරුවෙක් තමයි ජයලත් මනෝරත්න. ඒ ආදරණීය සොඳුරු මිනිසා අද හිටියා නම් මේ සාමකාමී ජනතා අරගලය දැකලා කොයි තරම් සතුටු වෙයිද?

 

 

ඒ නිසා ඔහු ගැන කියන්නම ඕන කියලා මට හිතුනා. ඔහු කිසිවිටෙක නායකයන්ව මුරුංගා අත්තේ තියලා තමන්ට වාසි ලබාගන්න නිර්මාණ කලේ නැහැ. සුද්ධෝදන රජුට සහ දුටු ගැමුණු රජුට නෑකම් හොයලා දීලා, බුද්ධියෙන් අඩු පාලකයින් මහරජාට අන්දවලා, ඒකෙන් රටක්ම අගාධයකට ඇදලා දමන පාපකර්ම මනෝ කළේ නැහැ.

 

ඔහු කල බොහෝ නිර්මාණ අතරින් අන්දරේලා, ගුරු තරුව වගේ නාට්ය වලින් සමාජ පරිහානිය උළුප්පා දැක්වූවා. ගුරු තරුව නාට්යයේ පහත දැක්වෙන "හෝඩිය" පදවැල හරිම අපූරුයි.

 

අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ - අනාදිමත් කලක් කියූ


"අප රට අර බල - ආන්තරාවක
ඇදී ඇදී යත - ඈතින් ඈතට
ඉහමොළ මද නැති - ඊළඟ පරපුර
උන්ගේ ලෝකයෙ - ඌරන් වන හැටි
ක ඛ ග ඝ ජනසඳ - පැන පැන යන විට

ය ර ල ව සරලව - පරලොව යන රඟ
උන්ගේ අං වැද - අපටයි අහ් ඇනෙන්නේ"

 

 

අවුරුදු විසිහයකට කලින් මනෝරත්නයන් දැක්කා ඉහමොළ මද නැති, අතේ පයේ මස් පිඩු විතරක් තියෙන කේප්පයින් රැළක් රටට සහ ජනයාට අං වලින් අනින්න එන බව.

ඇත්තෙන්ම උන් ජනතාවට මදි නොකියන්න ඇන්නා විතරක් නෙවෙයි, අන්තිමට රටම කම්මුතු වෙන්න ඇන්නා.

ඒ ඇනපු අය අතරේ හිටියා; ගෑනියෙක් මිනිහෙක් කරන්න විතරයි බැරි කියපු, බලයෙන් උමතුවෙලා රට ඒකාධිපති, වැඩවසම් ක්‍රමයට යන්න මුල්ගල තියපු කෙනෙක්.


රටේ තරුණ තරුණියෝ අසාධාරණයට, දූෂණයට විරුද්ධව නැගී සිටින විට විනාසම කරලා දැමූ උදවිය. එක් අගමැති කෙනෙකු සිටිද්දී, හඳපානේ තවත් අගමැති කෙනෙක් කැන්දා ගෙන ඇවිත් රට ජාත්යන්තරය ඉදිරියේ හෑල්ලු කල අකෘතඥයෙක්.


ගහ කොල, වනාන්තර, සතා සීපාවා, ගංගා ඇල දොළ , කඳුවැටි, පරිසරය විනාස කල මුග්ධයෝ. බැංකු මංකොල්ල කාපු, රට විසාල ණයකට ඇදලා දාලා කොමිස් ගිලපු මංපහරන්නෝ. කපුටෝ මරලා තටු එල්ලන්න සූදානම් වුන දාමරිකයෝ. එළවළු උපහැරණයට අරගෙන, අන්තිම අශීලාචාර විදියට කාන්තාවන්ට අපහාස කල නරුමයෝ. ඉංග්‍රීසි දන්නෙත් නෑ, රට හදන්න දන්නෙත් නෑ කියපු මෝඩ තකතිරුවෝ. කුඩු කාරයෝ, මිනීමරුවෝ, ස්ත්රී අපචාරකයෝ වගේ එකී මෙකී නොකී හැම දහදුරා වැඩක්ම කල අය.

 

මේ ඔක්කොම අසික්කිත වැඩ කරන අය ඉන්නේ හිර ගෙදරවත්, පාතාල ලෝකයේවත් එහෙම නෙවෙයි. රටේ ජනයාගේ බදු මුදල් වලින් මහා ධනස්කන්ධයක් වියදම් කරලා පවත්වාගෙන යන රටේ උත්තරීතරම කියන සභාවේ. මේ පුංචි රටට දරා ගන්න අමාරු වියදමක්. පොඩි ගණනකුත් නෙමෙයි, 225 ක් නේ. 225 ම එකවාගේ අපතයෝ කියන එක නම් එතරම් හරි නැහැ. නමුත් පොලිසියට අහුවුනාම බූරුවා ගැහුවත්, ගහන තැන හිටියත් එකයි කියලනේ කියන්නේ. ඉවසලා, ඉවසලා බැරිම තැන තමයි දැන් පුරවැසියන් මේ ක්රමයට විරුද්ධව වීදි බැහැලා ඉන්නේ.

 

නමුත් ඔය 225 අතර අදටත් ඉන්නවා සදාචාර සම්පන්න සුළුතරයක්. කොහොම හරි ඒ සුළුතරය තෝරලා බේරලා ගන්න වෙනවා. එක තැනකට කේන්ද්‍ර වෙලා තියෙන විධායක බලය අහෝසි කරලා, ඒ බලය විමධ්‍යගත කරලා පාර්ලිමේන්තුවට දෙන්න වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීලාට දැන් තියෙන වරදාන, වරප්‍රසාද, පර්මිට් වගේ දේවල් කප්පාදු කළොත් හොරු, මංකොල්ල කාරයෝ, අරක්කු ගුදම් කාරයෝ, කැලෑ පාළුවෝ වගේ කුම්භාණ්ඩයෝ හොම්බ දාන්න මාන බලන එක අඩුවේවි.

ඉතින් මනෝරත්නයන් වගේම, දිගු කලක් මුළුල්ලේ නිර්භයව, පරාර්ථකාමීව තම නිර්මාණ හරහා මේ විනාසය පෙන්වා දෙන්නට තැත් කල අපේ සියළුම කලා කරුවන්ට බොහොම ස්තුතියි.

 

Kanthi kariwasa(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com 

 

 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපේ කලා කරුවන්ට ස්තුතියි (කාන්ති කාරියවසම්) | The Leader