BREAKING
Top Ad
Life

කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)

T

The Leader

May 15, 2022 • 1:01 AM

කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවු...ගල් ගසනුපිටිතල හයා බැඳ
  •   නිහඬ බව නුඹලාගේ අක්‍රිය බව නුඹලාගේ පසක් කරනුයේ කුමක් ද...?
  • තෙපි සියලු දන නිවැරැදිකරුවන්, නිවැරැදිකාරියන් නොවන බව නොවේ ද...?
  • වරෙව් මා අසලට ඉවත් කර නෙක නෙක හැඩැති ශ්‍රවණැ’බ යොමු කරව් සවන් මා වෙත...
අකුරු ප්‍රමාණය (Font Size):


කටු ඔටුන්නක් පළඳා
කටු ඉඹුලේ ගැට ගසා
ගල් ගසනු...


ඊට පෙර මෙ’කරුණත් අසනු
 

ගැසිය යුත්තේ පළමු ගල
කවරදාක හෝ IMF නොගිය
ජාතිවාදින්ට, ආගම්වාදින්ට සහ අන්තවාදින්ට
උල් පන්දම් නොදුන්,
රාජපක්ෂලාගේ
රැකවරණය වෙනුවෙන්
කවරදාකවත්
මහජනයා නොපෙලඹූ,
 

බටහිර හෝ යුරෝපීය
මතු නොව
ආසියාතිකයන්ගෙන් හෝ
පිහිට නොපැතූ
ශුද්ධවන්තයෙක් හෝ ශුද්ධවන්තියක්
 

මස් රාත්තල ම ඉල්ලා සිටින
ෂයිලොක් පන්නයේ නොවන
පුරවැසියෙක් හෝ දේශපාලකයෙක්
 

කිසිදු දිනක
අවස්ථාවාදී නොවුණ
මහ ජනයා උසි නොගැන්වූ
චීවර, ලෝගු හෝ හිස්වැසුම්ධාරියෙක්
හෝ මොනයම් ම ආකාරයක
පාරිශුද්ධ පුද්ගලයෙක්
 

ජනතාවගේ දෑස් අඳ නොකළ
ශ්‍රව්‍ය, දෘශ්‍ය හෝ මුද්‍රිත
මාධ්‍ය ජාලා හිමි පුද්ගලයෙක්

 
එවිට මා
විඳ ඒ දෙතිස් වද
මියෙන්නම් නුඹලා
තුටු පහටු කර
 

ඔවු...
එල්ල කරපන් පළමු ගල් පහර
එල්ල කරපන්...
 
... ... ... ...
 
නිහඬ බව නුඹලාගේ
අක්‍රිය බව නුඹලාගේ
පසක් කරනුයේ
කුමක් ද...?
තෙපි සියලු දන
නිවැරැදිකරුවන්, නිවැරැදිකාරියන්
නොවන බව නොවේ ද...?
 

බලව් මදෙස...
වරෙව් මා අසලට
ඉවත් කර
නෙක නෙක හැඩැති
ශ්‍රවණැ’බ
යොමු කරව් සවන්
මා වෙත...
ඉන් පසු අසව්
යමක් වේ නම්
දැනගත යුතු...
 

අතුගා දමන්නට නම්
නෙක නෙක දිගු පෝලිම්
මන්ත්‍රණය කරමු
රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග,
වණික් අධිකාරින් සමග,
 

කරමු ආරාධනා
නොවෙන්නැයි ෂයිලොක්
වන්නේ නම් එලෙස
අලෙවිය පහළ බැස
ලැබෙන ආදායම ද නොලැබ
වසා දැමීමට සිදුවන බව
සියලු වණික් ආයතන
 

පසෙක ලමු මඳකට
ආත්මාභිමානය නමැති
රන් බඳුන
මුහුණ දෙමු නිභයව
සියලු
තත්කාලීන
පැන, ගැටලු, අර්බුද
සහ ව්‍යසන සැමට
 

දැන් තොප අසයි
යුක්තිය, සාධාරණය කෝ
අරගල භූමියේ වින්දිතයන්ට
යුක්තිය, සාධාරණය කෝ
පීඩනයෙන් මිරිකී සිටින
ජනතාවට
 

අසව් මෙවදන්
සිතව් ගැඹුරෙන්
 

ස්නානයට දියට බට සැණින්
වට කරයි නම්
කුම්භීල රෑනක්
සටන් කළ යුතු ද
එකිනෙකා සමග වෙන් වෙන්ව
පලා යා යුතු ද මඳකට
පසු බැස
සොයාගෙන අවැසි ආයුධ
යළි පැමිණි
සැලසුම් සහගතව
මර්දනය කළ යුතු නොවෙ ද
කුම්භීල රෑන ම
 

ඉදින්...
ඉවසමු
මඳක් පසු බසිමු
අවැසි ආයුධ රැස් කරමු
එකාවන්ව එක් වෙමු
සැලසුම් සහගතව පහර දෙමු
සියලු සතුරන් පරදමු
 
මහපොළොවේ අරගලයට
ජය වේවා!!!
 


Trans+National New Left MagazineOpiuma Leftසංක්ෂිප්ත ඉතිහාසයක සහෝදර උරුමය- ජයසිරි  අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 
2022/05/15




Leader Whats app

  

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...