BREAKING
Top Ad
Life

ප්‍රවීණ රංගන ශිල්පිනි ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වේ

T

The Leader

May 23, 2022 • 3:51 AM

ප්‍රවීණ රංගන ශිල්පිනි ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 60 සහ 70 දශකවල මෙරට සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වී තිබෙනවා.
  • අනතුරුව ”බිනරමලී” චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ස්වර්ණා කහවිට 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
  • ස්වර්ණා කහවිට සමඟ වැඩි වාර ගණනක් ප්‍රධාන චරිතයක් ලෙස චිත්‍රපටවලට රංගන දායකත්වය ලබා දී ඇත්තේ රංගන ක්ෂේත්රයේ දැවැන්තයකු වූ විජය කුමාරතුංගයන් ය.
  • ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (24) පස්වරු 4.30ට සිදුකිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර 50 කට අධික කාලයක් මෙරට සිනමාව වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් ඇය කලක් රෝගාතුරව සිට අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රවීණ සිනමාපත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියක් වන ඇය ”වෙසතුරු සිරිත” චිත්‍රපටයේ ඉතා සුළු චරිතයක් රංගනය කරමින් සිංහල සිනමාවට පිවිසියාය.

අනතුරුව ”බිනරමලී” චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ස්වර්ණා කහවිට 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

ලස්සන දවසක්, රන් ඔන්චිල්ලා ,පූජිතයෝ, හරි යනකොට ඔහොම තමයි ,අබිරහස, සිරිල් මල්ලි, සසර, ඔන්න බබෝ බිල්ලො එනවෝ, නිවෙන ගින්න, සූරයා සූරයාමයි, හරිම බඩු තුනක්, රහස් දූපත, රෑණ ගිරව්, රං ඔන්චිල්ලා, දයාබර නිලූ ආදී චිත්‍රපට 35කට ආසන්න සංඛ්‍යාවකට ඇය රංගන දායකත්වය ලබා දී ඇත.

ස්වර්ණා කහවිට සමඟ වැඩි වාර ගණනක් ප්‍රධාන චරිතයක් ලෙස චිත්‍රපටවලට රංගන දායකත්වය ලබා දී ඇත්තේ රංගන ක්ෂේත්රයේ දැවැන්තයකු වූ විජය කුමාරතුංගයන් ය.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (24) පස්වරු 4.30ට සිදුකිරීමට නියමිතය.

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...