The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

අන්තර්ජාතික බුකර් ත්‍යාගය පළමු වරට ඉන්දීය ලේඛිකාවකට

T

The Leader Desk

May 27, 2022 • 8:45 AM

අන්තර්ජාතික බුකර් ත්‍යාගය පළමු වරට ඉන්දීය ලේඛිකාවකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය විසින් ලියූ "Tomb of Sand", සිය ස්වාමියාගේ අභාවයෙන් දැඩි සේ චිත්ත පීඩාවට ලක්වූ 80 හැවිරිදි කාන්තාවක වටා ගෙතෙන්නෙකි.
  • ජයග්‍රහණය වෙනුවෙන් ලද පවුම් 50,000ක මූල්‍යමය ත්‍යාගය ගීතාංජලී සහ කෘතියේ පරිවර්තිකා ඩේසි රොක්වෙල් අතර සමසේ බෙදී යයි.
  • ඉංග්‍රීසි බසට පරිවර්තිත, එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශිත ප්‍රබන්ධ කෘති 'අන්තර්ජාතික බුකර් ත්‍යාගයට සුදුසුකම් ලබයි.
  • මෙ වසරේ දී විනිසුරු මඬුල්ල විසින් ත්‍යාගය සඳහා සලකා බැලූ සමස්ත කෘති ගණන 135 ක් බව සංවිධායකයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇය විසින් ලියූ "Tomb of Sand", සිය ස්වාමියාගේ අභාවයෙන් දැඩි සේ චිත්ත පීඩාවට ලක්වූ 80 හැවිරිදි කාන්තාවක වටා ගෙතෙන්නෙකි.

 

අන්තර්ජාතික බුකර් ත්‍යාගයේ කෙටි ලැයිස්තුවට සුදුසුකම් ලැබූ පළමු හින්දු භාෂිත කෘතිය වන්නේ ද "Tomb of Sand" ය.

 

"මම කවදාවත් බුකර් ත්‍යාගය ගැන සිහින මැව්වේ නෑ, මට පුළුවන් වේවි යි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මොනතරම් විශාල ඇගයීමක් ද. මම පුදුමයටත්, නිහතමානී සතුටටත් පත්වෙනවා. මට මෙය ගෞරවයක්," යනුවෙන් ඇය පවසා සිටියා ය.

 

 124937246 gettyimages 1399441608 594x594 1

 

ජයග්‍රහණය වෙනුවෙන් ලද පවුම් 50,000ක මූල්‍යමය ත්‍යාගය ගීතාංජලී සහ කෘතියේ පරිවර්තිකා ඩේසි රොක්වෙල් අතර සමසේ බෙදී යයි.



ඉංග්‍රීසි බසට පරිවර්තිත, එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශිත ප්‍රබන්ධ කෘති 'අන්තර්ජාතික බුකර් ත්‍යාගයට සුදුසුකම් ලබයි.

2005 දී ඇරඹි වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය සඳහා නවකතා මෙන්ම කෙටිකතා එකතු සලකා බැලේ.

මෙ වසරේ දී විනිසුරු මඬුල්ල විසින් ත්‍යාගය සඳහා සලකා බැලූ සමස්ත කෘති ගණන 135 ක් බව සංවිධායකයෝ පවසති.

merlin 205101423 66d236cd 0861 4837 ba1b a8ee330e206a mobileMasterAt3x

 

"මෑන් බුකර් අන්තර්ජාතික ත්‍යාගය" ලෙස මින්පෙර හැඳින්වූ "අන්තර්ජාතික බුකර් ත්‍යාගයේ" මෙවර කෙටි ලැයිස්තුවට සුදුසුකම් ලැබූ සෙසු ලේඛකයින් වන්නේ මියෙකෝ කවකමි, බෝරා චුන්, ජෝන් ෆොස්, ක්ලෝඩියා පිනෙරෝ සහ 2018 බුකර් ත්‍යාගයට හිමිකම් කියූ ඔල්ගා තොකර්චුක් ය.

 

(අවාරා)

 

 

 

සබැඳි පුවත් :

අන්තර්ජාතික බුකර් ත්‍යාගය 2021 : පළමු වරට ප්‍රංශ ලේඛකයෙක්ට

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...