BREAKING
Top Ad
Life

ලංකාවේ, නිල් සමය හා රෝස සමය අරඹන්න...

T

The Leader

June 4, 2022 • 11:05 PM

ලංකාවේ, නිල් සමය හා රෝස සමය අරඹන්න...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වගේ අමාරු කාලෙක කලාකරුවා මොකක්ද කරන්න ඕනෙ. මේ ප්‍රශ්නයට හොඳම පිළිතුර දුන්නෙ ලොව ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ.
  • ප්‍රංශය 1901 දී බරපතළ ආර්ථික අවපාතයකට ලක් වෙනවා.
  • විශාල ආහාර හිඟයක් ඇති වෙනවා.
  •   1901 සිට 1904 දක්වා ප්‍රංශයේ පැවැති එම දුෂ්කර අවධිය තුළ පිකාසෝ නිල් සමය නැමැති එම පුනරුද කලා යුගය ඇරඹුවා.
අකුරු ප්‍රමාණය (Font Size):



Pablo picasso 1පැබ්ලෝ පිකාසෝපැරීසියේ නිල් සමය( Blue period) සහ රෝස සමය ( Rose period) කියන්නේ පිකාසෝ නිර්මාණය කළ සමාජ සංවර්ධන කලා තේමාවක වැදගත් පියවර දෙකක්.

මේකෙ අතීත කතාව මෙබඳු යි.

ප්‍රංශය 1901 දී බරපතළ ආර්ථික අවපාතයකට ලක් වෙනවා. පුරවැසියන් දරිද්‍රතාවෙන් පීඩා විඳින්න පටන් ගන්නවා. විශාල ආහාර හිඟයක් ඇති වෙනවා. ඒක අද අපි ලංකාවේ මුහුණ දෙන තත්ත්වයටත් වඩා සංකීර්ණයි.

දරිද්‍රතාවට පිළියම ආර්ථික දියුණුව තමයි. ඒ සඳහා මුදල් උපයන ව්‍යාපෘති වලට රට පිවිසෙන්න ඕනෙ. ආහාර නිෂ්පාදනය කරන්න ඕනෙ.

 

අද ලංකාව වගේ ආර්ථික අර්බුදයකට රටක් මුහුණ දෙන කොට, ජනතාවට රැකියා අහිමි වෙලා, උපයන මාර්ග හිර වෙලා, ආහාර අහේනියකුත් ඒ මතට එනකොට කලාකරුවා මොකක්ද කරන්න ඕනෙ. කලාවෙන් මේ අර්බුදයට පිළියම් සොයන්න පුලුවන්ද?

 

1901 සිට 1904 දක්වා ප්‍රංශයේ පැවැති එම දුෂ්කර අවධිය තුළ පිකාසෝ නිල් සමය නැමැති එම පුනරුද කලා යුගය ඇරඹුවා. ඔහු නිර්මාණ මගින් ඇමතුවේ පැරීසියේ දරිද්‍රතාවෙන් පෙළුණු විවිධ තරාතිරම්වල පුරවැසියන්ට. පැරීසියේ යාචකයින්,මහල්ලන්, රෝගීන්, ගණිකාවන්, බර ඔසවන්නන් ඇතුළු බහුවිධ පීඩිතයන්ගේ ජීවිතය පිකාසෝ නීල වර්ණයෙන් සිතුවම් කළා. පිකාසෝ ඒක කළේ සැබෑ නිර්මාණාවේශයකින්. ඔහුත් ආත්මීය ලෙස පොදු ජනයාට අනුවර්තනය වෙමින්.

p 1PHOTO 2022 06 05 09 27 49

ඊට පස්සේ මොකද වුණේ...


 මිනිස්සු නැගිටලා වැඩ කරන්න පටන් ගත්තා. ආහාර නිෂ්පාදනය ඇරඹුවා. නව උපයන මාර්ග සෙව්වා. කුඩා කර්මාන්ත වලට අත ගැහුවා. ඒ විදිහට 1905 සිට 1908 දක්වා කාලය තුළ පැරීසිය දුෂ්කර අවධිය පසු කරමින් සිටියා.

PHOTO 2022 06 05 09 27 47

ඒ කාලය තුළ පිකාසෝ රෝස සමය නමැති කලා තේමාව ඉස්මත්තට ගෙනාවා. ඒක පැරිසියේ වැසියන් පිබිදුනු අවදියක්. නිල් සමයෙන් සංකේතවත් කළ දුෂ්කරත්වයෙන් මිදීම තමයි රෝස සමයෙන් සංකේතවත් වුණේ.

PHOTO 2022 06 05 09 27 46 1PHOTO 2022 06 05 09 27 46


ලංකාව අද හොඳටම වැටුණු රටක්. ලංකාවේ කලාකරුවන්ට පිකාසෝ වගේ නිල් සමයක් අරඹන්න පුලුවන්ද? ජන දුක නැති කරන පුනරුද කලාවක පිටි බලය සමාජයට හිමි කර දෙන්න පුලුවන්ද? ඒකට පිකාසෝ මෙන් චිත්‍ර අඳින්නම ඕනෙ නැතිවෙයි. අපි දන්න කලාවකින් වැඩක් ගන්න පුළුවන්.  

සමහරවිට වීදි නාට්‍යයෙන් ඒ වැඩේ හොඳටම කරන්න පුළුවන්.

තාමත් රටපුරා ඉන්ධන ගෑස් හා කිරිපිටි පෝලිම් දකින්ට තියෙනවා. ඖෂධ හිඟය බරපතලයි. පාරේ ඉන්න සමහරු, පාලකයෝ සමග තියන කේන්තිය නිසාම නීතිය අතට අරන් ක්‍රියාකරන අවස්ථා තියනවා. ලංකාව දේශපාලනිකව වල් වැදිලා. පාලකයෝ හොර කල්ලියක් කියලා ඔප්පු වෙලා ඉවරයි.

මේක රටේ ජනයා නොදැන හිටිය දේකුත් නෙමෙයි. ඒත් එකම ජාතියේ කල්ලි දෙකක් විටින් විට බලයට පත් කළා. අන්තිමට කන්න නැති මට්ටමට පුරවැසියා දුප්පත් වුණා.

 

එහෙමනම් දැන් මොකද්ද කරන්න ඕනෙ කියන මග සෙවීමයි පුනරුද කලාවක වගකීම. මිනිසුන්ට අළු මතින් නැගී සිටීමට ධෛර්යය දීමයි පුනරුද කලාවක වගකීම. පොදු ජනයාට ෆීනික්ස් ජීවිතයකට පාර කපා දීමයි පුනරුද කලාවක වගකීම. එතකොට කවුරුවත් නීතිය අතට ගන්න යන එකකුත් නැහැ.

 

ඇත්තටම විකල්ප දේශපාලන අවධියක් ලංකාවේ  පුරවැසියන්ට හදන්න බැරිද? පුනරුද යුගයක කලාවෙන් ඒ දැනුම හැඟීම ධෛර්යය පුරවැසියන්ට දෙන්න පුළුවන්. පිකාසෝ පැරිසියේදී කළේ ඒක.


අපි කියමු මේ යුගයේ ප්‍රකට සිනමාකරුවන් වන ප්‍රසන්න විතානගේට, අශෝක හඳගමට අරඹන්න ලංකාවෙ නිල් සමය. අපි කියමු වූ නාට්‍යකරුවන් වන රාජිත දිසානායක, බුද්ධික දමයන්තට අරඹන්න ලංකාවෙ නිල් සමය. නදීක ගුරුගේ, කසුන් කල්හාර වැනි සංගීතඥයන් පුනරුද ගීය ගයන්න දැන් පෙරට එන්න ඕනෙ. නලින් පෙරේරා වැනි ගායකයෙකුට පුළුවන් කැකිරි පලුව, හිඹුටු මිටිය වෙනුවට රෝස සමය වෙනුවෙන් ගයන්න.


එරික් ඉලයප්පාරච්චි, ලියනගේ අමරකීර්ති වැනි ලේඛකයෝ පුනරුද යුගයේ කෙටිකතාව, නවකතාව දැන් ලියන්න ඕනෙ. සුජිත් රත්නායක වැනි චිත්‍ර ශිල්පීන්ට පුළුවන් පැරීසියේ නිල් සමය ලංකාවට ආදේශ කරලා අඳින්න.


නිල් සමයේ අභ්‍යාසය හරියට සිදු වුණොත්, අපිට පිකාසෝගේ කලාව ඉක්මනින් ස්පර්ශ කළ රෝස සමයට හෙවත් දරිද්‍රතාව පසුකළ සංවර්ධන අවධියට යන්න පුළුවන්.

ලාංකීය කලාකරුවනි,
ඉතින් නිල් සමයේ අභියෝගය බාර ගන්න. අපිට ඉක්මනින් රෝස සමයකට යන්න පුළුවන්. එතකොට ඒක හුදු ජන අරගලයක් වෙනුවට රෝස සමය දිනන ජන අරගලයක් බවට පත් වෙනු ඇති.


සටහන :


විමලනාත් වීරරත්න


 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...