BREAKING
Top Ad
Life

ලෝක ළමා දිනයට සමගාමීව ළමා කෙටි චිත්‍රපට හා චිත්‍ර තරගාවලියක්

T

The Leader

June 17, 2022 • 12:23 AM

ලෝක ළමා දිනයට සමගාමීව ළමා කෙටි චිත්‍රපට හා චිත්‍ර තරගාවලියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුණ නැණ බල සහිත ළමා පරපුරක් ගොඩනැගීම හා දරුවන්ගේ නිර්මාණශීලී අදහස් ඔප්නංවමින්, ශ්‍රී ලාංකීය දරු පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීමේ
  •     “අපේ ලෝකය අපේ දෑසින්” ළමා කෙටි චිත්‍රපටි හා ළමා චිත්‍ර ලෙස අංශ දෙකක් ඔස්සේ තරග පැවැත්වේ.
  • කෙටි චිත්‍රපට හා චිත්‍ර භාරගන්නා අවසාන දිනය 2022 ජුලි 25 වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අරමුණින් ඔක්තෝබර් 01 දිනට යෙදෙන ලෝක ළමා දින ජාතික සැමරුමට සමගාමීව ජාතික මට්ටමින් ළමා කෙටි චිත්‍රපට හා චිත්‍ර තරගාවලියක් සංවිධානය කර තිබෙනවා.


කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්තමක කරයි.
 
 
“අපේ ලෝකය අපේ දෑසින්”


ළමා කෙටි චිත්‍රපටි හා ළමා චිත්‍ර ලෙස අංශ දෙකක් ඔස්සේ තරග පැවැත්වේ. “අපේ ලෝකය අපේ දෑසින්” තේමාවෙන් යුත් කෙටි ළමා චිත්‍රපට තරගයේ සීමිත අංශය ළමා සමාජ නියෝජනය කරන දරුවන්ට හා රජයේ පාසල් දහම් පාසල්දරුවන් සඳහා ද විවෘත අංශය විශ්ව විද්‍යාල, හා පුද්ගලික අයදුම්කරුවන් සඳහා වෙන් කර ඇත.
 
 
“කියන්න බැරි දේ අඳින්න - තෙලිතුඩක අසිරිය”


“කියන්න බැරි දේ අඳින්න - තෙලිතුඩක අසිරිය” තේමා කොට ගත් ළමා චිත්‍ර තරගාවලියේ ප්‍රාථමික අංශය වයස අවුරුදු 05-06, පශ්චාත් ප්‍රාථමික අංශය වයස අවුරුදු 07-09, කනිෂ්ට අංශය වයස අවුරුදු 10-12, ජ්‍යෙෂ්ට අංශය වයස අවුරුදු 13-15 සහ ජ්‍යෙෂ්ට ද්විතීක අංශය වයස අවුරුදු 16-18 වශයෙන් අංශ
කිහිපයකින් පැවැත්වේ.

මේ සඳහා රජයේ පාසල්, අධ්‍යාපන අමාත්‍යංශය අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් විද්‍යායතන, ළමා නිවාස හා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට සහභාගි විය හැකි ය.

කෙටි චිත්‍රපට හා චිත්‍ර භාරගන්නා අවසාන දිනය 2022 ජුලි 25 වේ. වැඩසටහන් පිළිබඳ සියලු විස්තර සහ අයැදුම්පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් වෙතින්, සහ දෙපාර්තමේන්තු
http://www.probation.gov.lk වෙබ් අඩවියෙන් හා 0112 187 283 / 070 23 98 596 / 076 99 05 754 යන දුරකතන අංක අමතා ලබාගත හැකි ය.
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...