BREAKING
Top Ad
Life

ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඩිප්ලෝමා සහතික

T

The Leader

June 18, 2022 • 1:13 AM

ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඩිප්ලෝමා සහතික

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකසිය හැත්තෑ දෙදෙනෙකු වෙත උසස් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ
  • ශ්‍රී ලංකාවේ නාට්‍ය හා රංගකලාව වෙනුවෙන් උසස් ඩිප්ලෝමාවක් ප්‍රදානය කරනු ලබන එකම රාජ්‍ය ආයතනය ටවර් නාට්‍ය හා රංගකලා පාසලයි.
  • මීට අමතරව ටවර් හෝල් රඟහල පදනම විසින් මෙහෙයවනු ලබන, සිසුන් 54 දෙනෙකුගෙන් සමන්විත ටවර් දෙමළ නාට්‍ය පාසල ද 2022 මැයි මස 04 වැනි දින යාපනය සංදිලිප්පායී සංස්කෘතික මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලදී.        14
අකුරු ප්‍රමාණය (Font Size):


ටවර් හෝල් රඟහල පදනම විසින් 1998 වර්ෂයේ ආරම්භ කරන ලද ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පූර්ණ කාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සිව්වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය, බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් 2022 ජුනි මස 16 වන දින එල්ෆින්ස්ටන් රංගශාලාවේ පැවැත්විණ.

මෙහි දී උසස් ඩිප්ලෝමා සහතික ලැබූ එකසිය හැත්තෑදෙනා අතරින් තිස්පස්දෙනෙකු වෙත 'සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර ශිෂ්‍යත්වය', නීතීඥ ජෝන් ද සිල්වා ශිෂ්‍යත්වය, නීතීඥ චාල්ස් ඩයස් ශිෂ්‍යත්වය, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශිෂ්‍යත්වය, අධ්‍යයන වර්ෂයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව, වසරේ දක්ෂතම ශිෂ්‍යයා හා ශිෂ්‍යයාවට හිමි පදක්කම් පිරිනැමීම ද සිදුකෙරිණ.

ශ්‍රී ලංකාවේ නාට්‍ය හා රංගකලාව වෙනුවෙන් උසස් ඩිප්ලෝමාවක් ප්‍රදානය කරනු ලබන එකම රාජ්‍ය ආයතනය ටවර් නාට්‍ය හා රංගකලා පාසලයි.

නාට්‍ය හා රංගකලාව පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමින් පිරිපුන් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ දැනුම, අවබෝධය හා කුසලතාවෙන් පරිපූර්ණ ඩිප්ලෝමාධාරීන් 300 කට අධික සංඛ්‍යාවක් බිහිකිරීමටත්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධිය දක්වා ඔවුන් යොමුකිරීමටත්, අනතුරුව නාට්‍ය හා රංගකලා ගුරුභවතුන් ලෙස පාසල් පද්ධතියට දායාද කිරීමටත් මෙමගින් අවකාශ ලැබී තිබේ.

මීට අමතරව ටවර් හෝල් රඟහල පදනම විසින් මෙහෙයවනු ලබන, සිසුන් 54 දෙනෙකුගෙන් සමන්විත ටවර් දෙමළ නාට්‍ය පාසල ද 2022 මැයි මස 04 වැනි දින යාපනය සංදිලිප්පායී සංස්කෘතික මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලදී. 

IMG 20220616 WA0030

 

Leader Whats app

 

  14

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...