BREAKING
Top Ad
Life

'නිදහස් වූ කොංගෝවක මල් පිපේවි, ගෙඩි හැදේවි'

T

The Leader

July 4, 2022 • 1:43 AM

'නිදහස් වූ කොංගෝවක මල් පිපේවි, ගෙඩි හැදේවි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැට්‍රිස් ලුමුම්බා, බෙල්ජියම් යටත් විජිත කොංගෝවේ ඔනලුවා හි ගොවියෙකු වූ ෆ්‍රැන්සුවා ටොලෙන්ගා ඔටෙට්ෂිමා සහ ඔහුගේ බිරිඳ ජූලියන් වමාටෝ
  •   බෙල්ජියම් අධිරාජ්‍ය විරෝධී තේමා රැගත් බොහෝ කවි ලුමුම්බා අතින් රචනා වෙද්දී ලියෝපෝල්ඩ්විල් හි සංචාරක බියර් අලෙවිකරුවෙකු ලෙසත් ස්ටැන්ලිවිල් තැපැල් කාර්යාලයක ලිපිකරුවෙකු ලෙසත් සේවය කරනවා.
  • කොංගෝවේ ඇති අතිවිශාල ඛනිජ සම්පත්  විදේශීය බහුජාතික සමාගම් වල අවශ්‍යතාවට වඩා කොංගෝ ජනතාවට ප්‍රයෝජනවත් බවට කරුණු දක්වන්න ඒ චතුර කථිකත්වය හේතු වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොමෙන්ඩ්ජාට දාව උපත ලබන්නේ 1925 ජූලි 2 දෙවැනිදායි. ඒ මීට අනුහත් වසරකට පෙරාතුවයි.

කතෝලික පවුලක හැදී වැඩුණු ලුමුම්බා රෙපරමාදු ප්‍රාථමික පාසලකින්, කතෝලික මිෂනාරි පාසලකින් සහ අවසානයේ රජයේ තැපැල් කාර්යාල පුහුණු පාසලෙන් අධ්‍යාපනය ලබා එහිදී වසරක පාඨමාලාව සමත් වුනේ  විශිෂ්ට සම්මාන සහිතවයි.

 

ටෙටෙලා, ප්‍රංශ, ලිංගාලා, ස්වහීලී සහ ෂිලුබා භාෂා කතා කළ ලුමුම්බා එයාගේ  නිත්‍ය අධ්‍යාපනයෙන් පිටත,  ජීන්-ජැක් රූසෝ සහ වෝල්ටෙයාර්ගේ ප්‍රබුද්ධ පරමාදර්ශ කෙරෙහි උනන්දුවක් දක්වමින් මොලියර් සහ වික්ටර් හියුගෝ සාහිත්‍යයකරුවන්ට ද ඇලුම් කළා.

 

බෙල්ජියම් අධිරාජ්‍ය විරෝධී තේමා රැගත් බොහෝ කවි ලුමුම්බා අතින් රචනා වෙද්දී ලියෝපෝල්ඩ්විල් හි සංචාරක බියර් අලෙවිකරුවෙකු ලෙසත් ස්ටැන්ලිවිල් තැපැල් කාර්යාලයක ලිපිකරුවෙකු ලෙසත් සේවය කරනවා.

(Original Caption) 12/4/1960-Leopoldville, The Congo-Premier Patrice Lumumba crosses the city in a Congolese Army truck after his arrest and return to the captial. A Conglese officer holds the rope that ties the former "strongman's" wrists.

බෙල්ජියම් යටත් විජිත බලධාරීන්ගේ හා ඔවුන්ගේ කොංගෝ  හෙන්චයියන්ගේ  බොරු චෝදනා මත 1957 දී මාස 12 ක් සිරබත් කන්නට ලුමුම්බා ට සිදු වීමත් එක්ක ඔහු බෙල්ජියම් වර්ගවාදයේ විරුද්ධවාදියෙකු බවට පත් වෙනවා.

 

සිරගත් කළ වසරක කාලයේදී තමන්ගේ  කථික කුසලතා වර්ධනය කර ගන්නට ද සමත් වෙනවා. කොංගෝවේ ඇති අතිවිශාල ඛනිජ සම්පත්  විදේශීය බහුජාතික සමාගම් වල අවශ්‍යතාවට වඩා කොංගෝ ජනතාවට ප්‍රයෝජනවත් බවට කරුණු දක්වන්න ඒ චතුර කථිකත්වය හේතු වෙනවා.

 

995c7a43 3dab 4449 afee 8150ee13225a

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් වූ ජනතා ඉල්ලීම් හමුවේ දිනා ගත් කොංගෝවේ පළමු පාර්ලිමේන්තු ජන්දයෙන් ලුමුම්බාගේ නායකත්වයෙන් යුත් කොංගෝ ජාතික ව්‍යාපාරය 1960 ජුනි මාසයේදී බලයට පත්වෙන්නේ ස්වාධීන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පළමු අගමැතිවරයා ලෙස  පැට්‍රිස් ලුමුම්බාව අභිෂේක කරමින්.

ඔහුගේ ධූර කාලයෙන් මාස හතකට පස්සේ  බෙල්ජියම් සහ ඇමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ද ඇතිව කළ  කුමන්ත්‍රණයකින් ලුමුම්බා අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා, මරා දමනු ලබන්නේ එක්සත්, ප්‍රජාතන්ත්‍රවාදී, වාර්ගික බහුත්වවාදී සහ සර්ව-අප්‍රිකානු කොංගෝවක් වෙනුවෙන් වූ ලුමුම්බාගේ සිහිනය සුනු විසුනු කර දමමින්.


සටහන - ඉෂංඛා සිංහආරච්චි


 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...