BREAKING
Top Ad
Life

සිගරට්ටුවක් උරන කාලි හින්දූන්ගේ කෝපය අවුලයි

T

The Leader

July 13, 2022 • 1:02 AM

සිගරට්ටුවක් උරන කාලි හින්දූන්ගේ කෝපය අවුලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "කාලි" නම් හින්දු දෙවඟනගේ වෙස් ගත් කාන්තාවක්, සිගරට්ටුවක් උරන අයුරු දැක්වෙන පෝස්ටරයක් සමාජ මාධ්‍යයේ පළ කළ සිනමාවේදිනියකට, ඉන්දීය
  • චිත්‍රපට අධ්‍යක්ෂිකා ලීනා මනිමේකලායි විසින් සිය නවතම සිනමා නිර්මාණය කාලි හි පෝස්ටරයක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කර තිබුණු අතර එය ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇත.
  • කෝපයට පත් දහස් ගණනක් හින්දු ජාතිකයන්, ජූලි 3 වැනිදා නිකුත් කළ එම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වා තිබේ.
  • සිනමාවේදිනිය තමන්ගේ ආගමික මතවාදයන් ගැරහීමට ලක් කරන බව ඔවුන්ගේ චෝදනාව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණයක් හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

චිත්‍රපට අධ්‍යක්ෂිකා ලීනා මනිමේකලායි විසින් සිය නවතම සිනමා නිර්මාණය කාලි හි පෝස්ටරයක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කර තිබුණු අතර එය ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇත.

කෝපයට පත් දහස් ගණනක් හින්දු ජාතිකයන්, ජූලි 3 වැනිදා නිකුත් කළ එම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වා තිබේ.

kaali 1

සිනමාවේදිනිය තමන්ගේ ආගමික මතවාදයන් ගැරහීමට ලක් කරන බව ඔවුන්ගේ චෝදනාව යි. එසේම, ලීනා මනිමේකලායි අත්අඩංගුවට ගත යුතු බවට යි බොහෝ දෙනකු අදහස් දක්වා ඇත්තේ.

Leena Manimekalaiලීනා මනිමේකලායිඋතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය විසින් ලීනා මනිමේකලායිට එරෙහිව ජූලි 6 වැනිදා පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඉන්පසුව ද ඉන්දියාවේ පොලිස් ස්ථාන කිහිපයකම පැමිණිලි දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

දැනට කැනඩාවේ ඉගෙනුම ලබන ලීනා මනිමේකලායිට එරෙහි නඩුව අගෝස්තු 6 වැනිදා විභාග කිරීමට නියමිත ය.

හින්දු දේව විශ්වාසයන්ට අනුව විනාශයට අධිපති දෙවඟන ලෙස සලකනු ලබන "කාලි" මිලියන ගණනක් ඉන්දියානුවන් අදහනු ලබයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...