The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ටවර් හෝල් දෙමළ නාට්‍ය හා රංගකලා පාසල සම්බන්ධ අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

T

The Leader Desk

August 28, 2022 • 5:51 AM

ටවර් හෝල් දෙමළ නාට්‍ය හා රංගකලා පාසල සම්බන්ධ අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව ආරම්භ කළ දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාවේ (සිංහල මාධ්‍ය) දිගුවක් ලෙස 2022.05.04 දින යාපනය සංදිලිපායී සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව (දෙමළ මාධ්‍ය) ආරම්භ කළේ ය.
  • එහි ම දිගුවක් ලෙස ටවර් දෙමළ නාට්‍ය හා රංගකලා පාසල සම්බන්ධ අවබෝධතා ගිවිසුම 2022.08.24 දින පෙ:ව: 10.00 ට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති කාර්යාලයේ දී කළේ ය.
  • දෙමළ මාධ්‍ය නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2022/23 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් සිසු සිසුවියන් 50 දෙනෙකු බඳවාගනු ලැබූ අතර, දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මේ වන විටත් ආරම්භ කර ඇත.
  • මෙම පාඨමාලාවේ පාඨමාලා කාලය වසර දෙකකි.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්ෂයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව ආරම්භ කළ දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාවේ (සිංහල මාධ්‍ය) දිගුවක් ලෙස 2022.05.04 දින යාපනය සංදිලිපායී සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව (දෙමළ මාධ්‍ය) ආරම්භ කළේ ය. එහි ම දිගුවක් ලෙස ටවර් දෙමළ නාට්‍ය හා රංගකලා පාසල සම්බන්ධ අවබෝධතා ගිවිසුම 2022.08.24 දින පෙ:ව: 10.00 ට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති කාර්යාලයේ දී කළේ ය.

මෙම ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ රංගකලා පාසලේ දේශන පවත්වනු ලබන්නේ: උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් අධ්‍යාපන ලේකම්, යාපනය විශ්ව විද්‍යාලයේ කලා හා උපාධි අධ්‍යාපන පීඨයේ හිටපු පීඨාධිපති, යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ, යාපනය පලෛ ගුරු විද්‍යාලයේ හිටපු විදුහල්පති, උතුරු පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් හා ටවර් හෝල් රඟහල පදනමේ සහකාර අධ්‍යක්ෂ (දෙමළ නාට්‍ය ප්‍රවර්ධන) ඇතුළු විද්වත් සාමාජිකයින්ගෙන් සමන්විත විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් හා විෂය ප්‍රාමාණික විද්වතුන් පිරිසක් විසිනි.

දෙමළ මාධ්‍ය නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2022/23 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් සිසු සිසුවියන් 50 දෙනෙකු බඳවාගනු ලැබූ අතර, දේශන සහ ප්‍රායෝගික  ක්‍රියාකාරකම් මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම පාඨමාලාවේ පාඨමාලා කාලය වසර දෙකකි. උසස් ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කරන විද්‍යාර්ථීන් අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධියේ තෙවන සහ සිවුවන වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය වෙත අනුයුක්ත කෙරේ.

IMG 20220824 WA0020IMG 20220824 WA0021 IMG 20220824 WA0013
IMG 20220824 WA0011
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...