The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

විහඟ ප්‍රේමය ටෝකියෝ සිනමා සම්මාන උලෙළේ තරගකාරී අංශයට

T

The Leader Desk

September 21, 2022 • 10:13 AM

විහඟ ප්‍රේමය ටෝකියෝ සිනමා සම්මාන උලෙළේ තරගකාරී අංශයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මාන උලෙළේ තරගකාරී අංශයට තේරී පත්වී තිබේ.
  • සිනමා උලෙළ එළබෙන ඔක්තෝම්බර් 22 දා සිට නොවැම්බර් 02 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ.
  • ටෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළට තේරීපත්වීම ගැන චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහන පහතින්, “විහඟ ප්‍රේමය හෙවත් Peacock Lament සිනමාපටය 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයට (International Competition) තේරි තිබේ.
  • සිනමා උළෙල එළබෙන ඔක්තතෝම්බර් 22 දා සිට නොවැම්බර් 02 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මාන උලෙළේ තරගකාරී අංශයට තේරී පත්වී තිබේ.


සිනමා උලෙළ එළබෙන ඔක්තෝම්බර් 22 දා සිට නොවැම්බර් 02 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ.
 
307013510 10159134763437689 1071413634776814079 n

ටෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළට තේරීපත්වීම ගැන චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහන පහතින්,

“විහඟ ප්‍රේමය හෙවත් Peacock Lament සිනමාපටය 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයට (International Competition) තේරි තිබේ. සිනමා උළෙල එළබෙන ඔක්තතෝම්බර් 22 දා සිට නොවැම්බර් 02 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ. මෙම සතුටුදායක මොහොතේ මගේ නළු නිළි පිරිස, නිෂ්පාදක කණ්ඩායම සහ කාර්මික ශිල්පීන්ට හදබැතියෙන් ප්‍රණාමය පුදකරමි. සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචි හේවා, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva), අමිත්ත වීරසිංහ, යශෝධා රසඳුනි, ඩිස්නි රාජපක්ෂ, ප්‍රින්සි ප්‍රනාන්දු, මිලින්ද මඩුගල්ල ඇතුළු සියළුම නළු නිළියන් මෙන්න්ම “විහඟ ප්‍රේමය” චිත්‍රපටයේ කැමරාකරණය කළ සිසිකිරණ පරණවිතාන, සංස්කරණය කළ ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමණයක, සංගීතය නිර්මාණය කළ ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රාරා , කලා අධ්‍යක්ෂණය කළ මංජුල අයගම මෙන්ම ඇඳුම් නිර්මාණය කළ මගේ දිගු කාලීන නිර්මාණ මිතුරෙකු වන අජන්ත අලහකෝන්, ශබ්ද සංකලන‌ය කළ ඉතාලි ජාතික එරික් නාර්දීන් සහ ශබ්ද පටිගත කීරීමෙන් සහ සංස්කරණයෙන් ලාල් දිසානායන සහ නන්දා නන්දි ජයකොඩි දැක්වු විශිෂ්ට දායකත්වය විහඟ ප්‍රේමයේ  ජයග්‍රහණයයි.
 


විහඟ ප්‍රේමය චිත්‍රපටය ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ඉතාලිය වෙනුවෙන් ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රෙයා මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම කටයුතු කරයි.  විශේෂයෙන් මගේ මිත්‍ර සුරංග හඳපාන්ගොඩ මෙම සිනමා නිර්මාණයේ මහත් බරක් දැරු අතර ඔහු නොමැති වුවේ නම් ඇතැම් විට මෙතරම් ඉක්මනින් මෙම සිනමා නිර්මාණය බිහි නොවන්නටද ඉඩ තිබුණි.

"විහඟ ප්‍රේමය" හෙවත් Peacock Lament මෙරට සිදුවන බිළිඳු දරුවන් විදේශිකයින් අලෙවි කිරීමේ ජාවාරම පසුබිම් කරගනිමින් නිර්මාණය වු චිත්‍රපටයකි.  

අවසන් වශයෙන්  FEG සහ Fine Vision ආයතන නියෝජනය කළ කාර්මික ශිල්පී සහෝදරවරුන්ගේ විශිෂ්ට කැපවීමට ස්තුතිවන්ත වෙමි.''
 
306363626 10159134858772689 1068554974377347775 n

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විහඟ ප්‍රේමය ටෝකියෝ සිනමා සම්මාන උලෙළේ තරගකාරී අංශයට | The Leader