The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

එළියට යනවානං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ....

T

The Leader Desk

September 27, 2022 • 8:24 AM

එළියට යනවානං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මද්දුමයා එල් සුබ්‍රමානියම්.
  • විශිෂ්ඨ වයලීන වාදකයෙක් සහ සංධ්වනි මෙහෙයවන්නෙකු ලෙසද ප්‍රකටයි.
  • ප්‍රකට ජෑස් ගිටාර් වාදක ජෝන් මැක්ලොෆ්ලින් ගේ නායකත්වයෙන් සකීර් හුසේන්, රාමන්ඞ් රාඝවන් සහ වික්කු විනයාක්රාම් (මගේ ගුරුජි) ගේ සංයෝජනයෙන් 1974 දී ආරම්භ කළ ශක්ති සංගීත කණ්ඩායමට වයලීන වාදකයෙකු ලෙස එක්වූ එල් ශංකර් ඉතා කෙටි කලකදී ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්වුනා.
  • අපේ අප්පා 1940 ගනන්වල අග යාපනයේ රාමනාදන් සංගීත විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස පත්වීමක් ලැබ ලංකාවට සංක්‍රමණය වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



වැඩිමලා එල් වෛත්‍යනාදන්. දැන් මිය ගිහින්. මද්දුමයා එල් සුබ්‍රමානියම්. විශිෂ්ඨ වයලීන වාදකයෙක් සහ සංධ්වනි මෙහෙයවන්නෙකු ලෙසද ප්‍රකටයි. බාලයා එල් ශංකර්.

L Vaidyanathan L Subramaniam and L Shankar trio with Palghat Mani Iyer on Mridangam compressed

එල්. වෛත්‍යනාදන්, එල්. සුබ්‍රමානියම්, එල්. ශංකර්

 

මේ සහෝදරයින් තිදෙනා අතරින් ප්‍රථමයෙන්ම බටහිර සංගීත කරලියේ නමක් දිනාගත් චරිතයයි එල් ශංකර්. ප්‍රකට ජෑස් ගිටාර් වාදක ජෝන් මැක්ලොෆ්ලින් ගේ නායකත්වයෙන් සකීර් හුසේන්, රාමන්ඞ් රාඝවන් සහ වික්කු විනයාක්රාම් (මගේ ගුරුජි) ගේ සංයෝජනයෙන් 1974 දී ආරම්භ කළ ශක්ති සංගීත කණ්ඩායමට වයලීන වාදකයෙකු ලෙස එක්වූ එල් ශංකර් ඉතා කෙටි කලකදී ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්වුනා.

 

L Shankarඩබල් වයලීනය ලෝකයට හඳුන්වාදුන්නේ ඔහුයි. Peter Gabriel, Phil Colins, Elton John, Bruce Springsteen, Yoko Ono  වැනි ලෝක ප්‍රසිද්ධ සංගීතවේදීන් සමග ගනුදෙනුවක යෙදුනු, ග්‍රැමී සම්මානයෙන්ද පුද ලද ප්‍රථම දකුණු ඉන්දියානු වයලීන වාදකයා ඔහුයි.

 

මදුරාසි සංගීත මහෝත්සවය පැවැත්වූ දෙසැම්බරයේ දවසක  මට එල් ශංකර් මුණගැහෙනවා. එකල ඔහු ජීවත්වුනේ ඇමෙරිකාවේ. ප්‍රසංගයකට සහභාගී වෙන්නට මදුරාසියට පැමිණි වේලේ ඔහු නවාතැන්ගෙන සිටි New Woodlands හෝටලයේ අවන්හලේදියි ඔහු මට හාපුරා කියා මුලිච්චි වෙන්නේ.  

“අපේ අප්පා ලක්ෂ්මිනාරන් අයියර්. වයලීන වාදකයෙක් සහ ගුරුවරයෙක්. අම්මා සීතාලක්ෂ්මි. ඇය වීණා වාදනයට දක්ෂයි. අපේ පවුලේ සහෝදරයෝ තුන්දෙනයි සහෝදරියෝ දෙන්නයි. අපේ අප්පා 1940 ගනන්වල අග යාපනයේ රාමනාදන් සංගීත විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස පත්වීමක් ලැබ ලංකාවට සංක්‍රමණය වෙනවා. අපේ පවුලේ උදවිය සේරම යාපනයට පදිංචියට යනවා. මම වයලීන වාදනය ඉගෙනගන්න පටන් ගත්තේ පුංචිම කාලේ. මගේ මංගල වයලීන වාදන ප්‍රසංගය අරන්ගේත්‍රම් පවත්වනකොට මට වයස අව්රුදු හත පිරුනා විතරයි. ප්‍රසංගය පැවැත්වුනේ නල්ලූර් කන්දසාමි කෝවිලේ මැද මිදුලේ. වසර ගනනාවක්ම යාපනයේ සේවය කළ අප්පා පසු කලෙක කොළඹ ලලිත කලා විද්‍යාලයට මාරුවක් හදාගන්නවා. අපි නතරවෙලා හිටියේ බොරැල්ල හන්දියට කිට්ටු ගෙදරක”

“1958 මැයි මාසේ දවසක අපිට හිතවත් අසල්වැසියෙක් ඇවිත් අප්පාට දැනුම් දෙනවා රටේ පුංචි කලබලකාරී වාතාවරණයක් මතුවෙමින් තියෙන නිසා පොඞ්ඩක් අවදානමින් ඉන්න කියලා. පොඩි අපට මේ ගැන ලොකුවට තේරුමක් නැහැ. මොනවාගේ කලබලයක්ද.

 

කාටවත්ම කරදරයක් නැතිව ජීවත්වෙන අපිට කවුද එදිරිවාදිකමක් කරන්නට ඉදිරිපත් වෙන්නේ. අවට හිටිය හැමෝම අප්පාගේ යාළු මිත්‍රයෝ. ඒ අය අප්පාට හරි ලෙන්ගතුයි. අප්පාව ඇමතුවේ මාස්ටර් කියලා. ඒ වුනත් මට මතකයි අප්පා, අම්මටයි අක්කලා දෙන්නටයි කියනවා එළියට යනවානං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ කියලා. ඔන්න එතකොටනං අපිට යාන්තමට බයක් දැනුනා”

 

1958 pogrom

සුළුතර දෙමළ ජනතාව ඉලක්ක කරගත් ලංකාවේ ප්‍රථම දෙමළ විරෝධී සංහාරය

 

ඔය කියන්නේ 1958 කෝලාහලේ ගැන. ඒකට සුළුතර දෙමළ ජනතාව ඉලක්ක කරගත් ලංකාවේ ප්‍රථම දෙමළ විරෝධී සංහාරය කියලත් කියනවා. ඊට ඉහත වසර දෙකක පමණ වේලේ සිට කැකෑරෙමින් තිබුනු ආරෝවන් උච්ච වුනා.

 

1958 මැයි විසි දෙවැනිදා සිට විසි නවවෙනිදා දක්වාම මේ කරලි කෝහල දිග්ගැහුනා. මියගිය ගනන 158 සිට 1500 දක්වා වග විවිධ ලිපිලේඛන වල සඳහන් වෙනවා. වින්දිතයින් වැඩි පිරිස ද්‍රවිඩ ජාතිකයින් වුනත් මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්ක පුරා දෙමළ මැර කල්ලි එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් සිංහලයින්ගේ දේපළ වලටද හානි වුනා. මේ අවාසනාවන්ත වාර්ගික කෝලාහලය නිසා සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර විශ්වාසය බිඳුනා.


“කළුවර වැටුනා. බොරැල්ල හන්දිය පැත්තෙන් විසාල සද්දයක් ඇහෙනවා. කලහකාරී පිරිස් දෙමළ ගෙවල් හොය හොයා ගහනවා. අපේ අල්ලපු ගෙදර හිටියේ සිංහල පවුලක්. අපිට හරීම හිතවත්. ඒ ගොල්ලෝ අපිට කිව්වා ගේ පිටිපස්සේ තාප්පෙන් පැනලා ඒ ගොල්ලංගේ ගෙදරට එන්න කියලා. අපි වෙන කිසිම දෙයක් ගත්තේ නැහැ. අපි කට්ටියම අපේ වයලීන විතරක් අරං කාටත් නොපෙනෙන්න අල්ලපු ගෙදරට ගිහිං හැංගුනා”  

ඊට දවස් කිහිපයකට පස්සේ තමන්ගේ වයලීන විතරක් තුරැළු කරගෙන ඇඳිවත පිටින්ම ශංකර්ලා ලංකාව අතඇරලා යන්නම යන්න ගියා

එක අතකට මේ නාරාවලේ තැවෙන්නේ නැතිව ශංකර්ලා මෙහෙන් ගිය එක කොච්චර වාසනාවක්ද?

මේ ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ -විෂ්ණු වාසුවිෂ්ණු වාසු
Vishnu Vàsu

(විෂ්ණු වාසු ගේ ෆේස්බුක් පිටුවෙන්...) 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එළියට යනවානං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ.... | The Leader