The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

සම්මානෙන් සම්මානය උතුම් සම්මානය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

October 29, 2022 • 4:24 PM

සම්මානෙන් සම්මානය උතුම් සම්මානය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ යම් ජයග්‍රහණයක් කෙනෙකු ලැබුව ම සුභ පතන්න නේ.
  • අද හවස ගාමිණි එක්ක කතා කරද්දී ඔහු කීවේ ඔර්හාන් පාමුක් වැනි ලේඛකයෙකුගේ සාහිත්‍යම ය වශයෙන් බරසාර ග්‍රන්ථයක් නිර්දේශ වූ විට ඊට සම්මානයක් ලැබෙන බවටත් එය ලැබිය යුතු සම්මානයක් බවත් ඔහුට මුල සිට ම සිතුණ බව.
  • තව වැදගත් දෙයක් ගාමිණි කීවා : පරිවර්ථනය සඳහා සම්මානයක් ප්‍රදානය කිරීමේ දී වැදගත් ම හා මූලික ම නිර්ණායකය විය යුත්තේ මුල් කෘතියේ සාහිත්‍ය ම ය බරසාර බව.
  • ලංකාවේ බොහෝ විට මෙය නොතකා පරිවර්ථිත පථිතයේ සෞම්‍ය/කටෝර බව, ව්‍යාකරණ ආදී කරුණු පසු පස ගොස් සම්මාන පිදෙන බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ යම් ජයග්‍රහණයක් කෙනෙකු ලැබුව ම සුභ පතන්න නේ. ඒත් මං  කතා කළේ සුභ පතන්න නෙමේ; ගාමිණි කළ දෙයක් පසසන්න, අගය කරන්න.

ඊයේ පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට ගාමිණීගේ පොතකුත් නිර්දේශ වෙලා තිබුණා. සම්මානය ලැබුණේ Niluka Kadurugamuwaට. පාමුක්ගේ පොත ට. එය දැනගත් වහා ම ගාමිණි නිලුකට සමාජ මාධ්‍ය හරහා සුභ පැතූ ආකාරය හා ඊට ප්‍රතිචාර දක්වමින් නිලූක තමන්ගේ පරිවර්ථන කටයුතු සඳහා ගාමිණීගෙන් ලද නොමඳ සහාය හා මග පෙන්වීම් ගැන ස්තුති පූර්වක ව ස්මරණය කළ හැටි මා බලා සිටියේ උණුසුම් වූ සිතකින් යුක්ත ව.

ෂෙහාන් කරුණාතිලකගේ පොතට බුකරය ලැබුණ ම සේන තෝරදෙණිය ආවේස වුණු හැටි මගේ හිතේ පැත්තකින් පිළුණු ගඳක් එක්ක ඒ වෙන කොටත් තිබුණා.

 සම්මානයක් තමන්ට නොලැබී වෙනෙකෙකුට ලැබෙන විට ඊර්ෂ්‍යාවෙන් පැළෙන, කුහක කමෙන් දැවෙන කොන්තරවාදී ඇඹුල්-මිදි ම ය කොම්ප්ලෙක්සයෙන් පෙළෙන තෝරුන් හා එවන් ලෙඩ මසුන් සුව වන්නේ කවදා ද ?

අද හවස ගාමිණි එක්ක කතා කරද්දී ඔහු කීවේ ඔර්හාන් පාමුක් වැනි ලේඛකයෙකුගේ සාහිත්‍යම ය වශයෙන් බරසාර ග්‍රන්ථයක් නිර්දේශ වූ විට ඊට සම්මානයක් ලැබෙන බවටත් එය ලැබිය යුතු සම්මානයක් බවත් ඔහුට මුල සිට ම සිතුණ බව. තව වැදගත් දෙයක් ගාමිණි කීවා : පරිවර්ථනය සඳහා සම්මානයක් ප්‍රදානය කිරීමේ දී වැදගත් ම හා මූලික ම  නිර්ණායකය විය යුත්තේ මුල් කෘතියේ සාහිත්‍ය ම ය බරසාර බව. ලංකාවේ බොහෝ විට මෙය නොතකා පරිවර්ථිත පථිතයේ සෞම්‍ය/කටෝර බව, ව්‍යාකරණ ආදී කරුණු පසු පස ගොස් සම්මාන පිදෙන බව යි.  නිලුක ලද සම්මානයෙන් තමා අමතර ව තුටු වන්නේ පරිවර්ථන සම්ප්‍රදානය විය යුතු අයුරින් සිදු වනු දැකීම නිසා බවත් ගාමිණි මහත් ලාලසාවකින් කීවා.    


 'ලුලූට පවුල් දෙකක් ..    

ගාමිණි තව පොඩි කතාවක් කීවා බෙදා ගත යුතු යි මා සිතන. ඒ තමා මේක. ගාමිණි මේ දිනවල ඉන්නේ පැරිසියේ නිසා සම්මාන උළෙලට ගිහින් තියෙන්නේ බාල දූ කාංචනා. නිර්දේශිත අයට ලැබෙන ආරාධනය මත. ඒත් සම්මානය ලැබුණේ නිලුකට නේ. දියණියක් ලෙස කාංචනාට යම් දුකක් ඇති වුනා ද කියලා මං දන්නේ නැහැ. මං ඒ තත්ත්වේ හිටියා නම් මට 'වාස්තවික' ලෙස හිතන්න බැහැ; මට ඕනේ මගේ තාත්තට සම්මානේ ලැබෙනවා දකින්න. ඒත් මෙතන වුනේ අනපේක්ෂිත දෙයක්.

සම්මාන උළෙලේ ටික වෙලාවකින් හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතිය සඳහා Pathma Wijesinghe  විසින් පරිවර්තනය කළ, විදර්ශන ප්‍රකාශකයන් පළ කළ, 'ලුලූට පවුල් දෙකක් සඳහා ලැබුණු බව නිවේදනය කෙරුණා. පත්මා කියන්නේ කාංචනාගේ අම්මා; ගාමිණීගේ බිරිඳ !!

ඒ වෙලාවේ කාංචනාගේ හිත කොච්චර සන්තෝසෙන් ගැහුණ ද කියන්න මන් දන්නැහැ. වැඩේ  කියන්නේ පත්මක්කගේ පොත මේ කැටිගරියට නිර්දේශ වුණු බව පවුලේ කවුරුවත් හෝ දැනන් හිටියෙත් නැහැ (*සටහන අවසන ඇති පාද සටහන බලන්න). කොහොම හරි දුවක්, තාත්තගේ සම්මානේ ගේන්න ගිහිං අම්මගේ සම්මානේ අරං ආවා !

Kanchanaලුලූට පවුල් දෙකක් : පද්මා ප්‍රංශ බසින් පරිවර්තනය කල පස් වැනි කෘතිය
අම්මාගේ සම්මානය සමඟ දුව කාන්චනා

 

 
ඒ මදිවට ඊයේ ගාමිණීගේ උපන් දිනය. ගාමිණීගේ ලොකු දූ Thushari Apsara Viyangoda Obeyesekara ගේ හා බෑනා Hemantha Dhammika Obeyesekara ගේ කැරැක්ටරිස්ටික පාටියට ඇවිත් ගාමිණී හා පත්මා එක්ක ඊයේ හවස අඩියක් ගහන්න බැරි වීම ගැන නම් දැනෙන්නේ නොස්ටැල්ජික දුකක්.


සුභ උපන් දිනයක් (දිනක් පමා වී හෝ), ගාමිණී !!

අභිනව සම්මානලාභී පත්මක්කට උණුසුම් සුභ පැතුම් !!!



*පාද සටහන :

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශිකා තරණි අනෝජා ගමගේ මහත්මිය, මේ සටහන පළ වීමෙන් පසුව, මා අමතා කීවේ, තම කාර්යාලයේ විසින් පත්මා විජේසිංහගේ නිර්දේශිත බව කියැවෙන ලිපිය විජේසිංහ මහත්මියගේ කෝට්ටේ ලිපිනයට යැවූ බවත්, පසුව විදර්ශන ප්‍රකාශකයින් විසින් ඈ මෙරට නැති බවත්, ප්‍රකාශකයින් වෙනුවෙන් නියෝජිතයෙක් සම්මාන උළෙලට පැමිණෙන බවත් ය. ගාමිණී වියන්ගොඩ මහතාගේ පොත පළ කළ සරසවි ප්‍රකාශකයන් විසින් අදාළ ලිපිය සහ ආරාධනය වියන්ගොඩ මහතාගේ දියණිය වෙත යැවූ බව ද ඈ කීවාය.


Udan(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(උදන් ප්‍රනාන්දු ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 


 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...