BREAKING
Top Ad
Life

සුමිත් රත්නායකට විවෘත අභියෝග කිහිපයක් - (ජයසිරි අලවත්ත)

T

The Leader

November 20, 2022 • 12:13 AM

සුමිත් රත්නායකට විවෘත අභියෝග කිහිපයක් - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ලිපිය ලියන්න හිටියෙ කාව්‍ය සංග්‍රහයක් ගැන. නමුත් මේ ලිපිය ලියන්න පැය නමයකට විතර කලින් මු. දු. රංජිත් එයාගෙ FB එකේ දාපු පොස්ට් එකකට
  • මෙය කියවන්න කලින් ම මම ඔබට කියන්න ඕන මේක හුදු පුද්ගලික කාරණයක් නොවන බව.
  • නමුත් එයා, එයාගෙ ලියවිල්ල ඇතුළෙ මට බරපතළ චෝදනා ගණනාවක් එල්ල කරල තියෙනවා.
  •  ඔයත් කන්ඩ ඕනෙ උනහම කබරගොයා තලගොයා කරගන්න පන්නයේ විචාරකයන්ගෙන් කෙනෙක් කියල රටම දන්නවා මෙන්න මේ කියන කාරණයත් අර ඔයා යට සඳහන් කරපු කරුණට ම අදාළයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මම දක්වපු ප්‍රතිචාරයක් හේතුවෙන් සුමිත් රත්නායක මගේ FB Inbox එකට එවපු සටහනක් නිසා අදාළ කාව්‍ය සංග්‍රහය ගැන නොලියා මේක ලියන්න හිතුවා.


මෙය කියවන්න කලින් ම මම ඔබට කියන්න ඕන මේක හුදු පුද්ගලික කාරණයක් නොවන බව. ඒ ඇයි කියල කියවන අය වටහාගනීවි කියලත් මම විශ්වාස කරනවා.


මු. දු. රංජිත් ඊයෙ එයාගෙ FB එකේ මෙන්න මෙහෙම සටහනක් දාල තිබුණ.


//සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන රං කොල්ලා චිත්‍රපටය 18 වෙනිදා සිට ගාල්ල prince එකේ තිරගත වෙනවා ..එය මද්දහන, මහපොළොව යන ටෙලි නාට්‍ය වගේම ඉතාමත්ම අපූරු සිනමා කෘතියක් ....මෙය අතිශය සුන්දර ,රංගනයේ ඉතාමත්ම පරිණත දක්ෂ රූපණ ශිල්පිනියන් , ශිල්පීන් විශිෂ්ට රංගනයක යෙදෙන අපූරු පරිසරාත්මක සෞන්දර්යයක් අන්තර්ගත චිත්‍රපටයක් මේ චිත්‍රපටිය නරඹන්නට සියලු දෙනාටම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මම ආරාධනා කරමි...එන්න අපි චිත්‍රපටය නරඹා පසුව කතිකාවක් ඇති කරගමු...එහි රඟපෑ දක්ෂ ප්‍රවීණ නළු නිළියන් සහ අධ්‍යක්ෂවරයා සමඟ නුදුරු දිනක අපි කතිකාවක් ඇති කරගමු...


මම මුදූ රංජිත් ද සිල්වා//


මුදු රංජිත්

මම ඒකට ප්‍රතිචාර විදියට ‘‘//මහපොළොව// හොඳයි ද මචං...? මේ ඒ ගැන මගේ කියවීම.//’’ කියල මෙන් මේ ලින්ක් එකත් දැම්ම. මේ ලින්ක් එකේ ‘‘වාලුකා’’ සාහිත්‍ය කෘතිය පිළිබඳ මගේ කියවීමත් අන්තර්ගතයි.


අද උදේ මම FB බලද්දි සුමිත් රත්නායක මගේ FB Inbox එකට මෙහෙම පණිවිඩයක් එවල තිබුණ.


//මගෙ මහපොළොව ට අවලාද නගන ඔබ කාගෙ අතකොලුවක් ද කියල මම දන්නවා . ඔයා කොහොම විචාරකයෙක්ද කියලත් මම දන්නවා .කරුණාකරල ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න. ඔයත් කන්ඩ ඕනෙ උනහම කබරගොයා තලගොයා කරගන්න පන්නයේ විචාරකයන්ගෙන් කෙනෙක් කියල රටම දන්නවා .ඔයාගෙ ලියවිලි හොඳ ඔයා සේවය කරන වැඩබැරි ඩිරෙක්ටටයි ඔයාටයි තමයි .මගෙ මොන දෙයක් දැක්කත් ඔයාගෙ පාණ්කඩේ එතෙන්ට ඔබනව. රයිගම් සම්මාන මට අහිමි කරන්න ලොකු කාර්‍යභාරයක් ඔයා කරල තියෙනවා. අමතක කරන්න එපා. ඕව ඕව ජාතික අපරාධ. කවදහරි ඕව විධවන්න වෙනව.//



from sumith rathnayaka

සුමිත් රත්නායක කැමති අදහසක් පළ කරන්න එයාට තියෙන නිදහස මම අගය කරනවා. නමුත් එයා, එයාගෙ ලියවිල්ල ඇතුළෙ මට බරපතළ චෝදනා ගණනාවක් එල්ල කරල තියෙනවා. මම මේ ලියන්නෙ ඒ චෝදනා පුළුවන් නම් ඔප්පු කරන්න කියන අභියෝගය සුමිත් රත්නායකට පවරන්න වුවමනා නිසා. දැන් මම මේ චෝදනා එකින් (වාක්‍යයෙන් වාක්‍ය) එක අරගෙන ඒ අභියෝගය ඉදිරිපත් කරන්නම්.


01.  මගෙ මහපොළොව ට අවලාද නගන ඔබ කාගෙ අතකොලුවක් ද කියල මම දන්නවා


සුමිත් ඔයා කාගෙ ම හරි ලණුවක් ගිලල තියෙනවා. එහෙම නොවෙයි නම් ඔයා ලියන්න සහ ලියල ඔප්පු කරන්න මම කාගේ අතකොලුවක් ද කියල. මොකද මගේ ලේඛන දිවියට දැන් වසර විස්සකට ආසන්නයි. ඒ කාලය තුළ මා දැනුවත්ව නම් කිසිවකුගේ අතකොලුවක් වෙලා නැහැ. අනාගතයෙදි වෙන්නෙත් නැහැ. මම එහෙම කිසිවෙකුගේ හෝ අතකොලුවක් වෙලා තියෙනවා නම් ඔයා ඒක ඔප්පු කරන්න. අන්න ඒ මොහොතෙ ඉඳල මම මගේ සාහිත්‍ය කලා විචාර භූමිකාවෙන් ඉවත් වෙනවා. ඔයාට එහෙම ඔප්පු කරන්න බැරිවුනොත් ඔයා මොනවද කරන්න ඕන කියල මම යෝජනා කරන්නෙ නැහැ. ඒ ගැනත් ඔයා ම තීරණය කරන්න.


02.  ඔයා කොහොම විචාරකයෙක්ද කියලත් මම දන්නවා


නෑ සුමිත්... ඔයා මම කොහොම විචාරකයෙක් ද කියල දන්නෙ නැහැ. දැනගෙන හිටියා නම් ඔයා කවදාවත් මේ වගේ සටහනක් මගේ FB Inbox එකට එවන්නෙ නැහැ. ඔයා එහෙම දන්නවා නම් ඒ කොහොමද කියල ප්‍රසිද්ධියේ ලියන්න. මොකද මම කැමතියි මම කොහොම විචාරකයෙක් ද කියල දැනගන්න.


03.  කරුණාකරල ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න


ඔවු සුමිත්... මම මේ කරෙත්, දැන් කරමින් සිටින්නෙත් අනාගතයෙදි කරන්නෙත් ‘‘මගේ වැඩක්’’ තමයි. ඒගැන හරියට ම දැනගන්න වුවමනා නම් කාලයක් අරගෙන මගේ විචාර පොත් (දැනට හයක් තියෙනවා) සහ ලේඛන කියවන්න. එතනදි ඔයාට පුළුවන් ඔයා ඔය කියන ‘‘ඔයාගෙ වැඩක්’’ හරියට ම බලාගන්න. ඊට පස්සෙ ඒ ගැන සාකච්ඡා කරමු.


04.  ඔයත් කන්ඩ ඕනෙ උනහම කබරගොයා තලගොයා කරගන්න පන්නයේ විචාරකයන්ගෙන් කෙනෙක් කියල රටම දන්නවා


මෙන්න මේ කියන කාරණයත් අර ඔයා යට සඳහන් කරපු කරුණට ම අදාළයි. ඒ නිසා මගේ ආහාරය පිණිස තලගොයා කියල හිතාගෙන කබරගොයෙක් භාවිත කරපු (උපහැරණයට අනුව) අවස්ථාවක් (අවම වශයෙන් එකක්) ඉදිරිපත් කරල ඔප්පු කරන්න. මොකද වැරැදිලා හරි එහෙම වෙලා (කරල නෙවෙයි) තියෙනව නම් මමත් කැමතියි ඒක දැනගන්න.


05.  ඔයාගෙ ලියවිලි හොඳ ඔයා සේවය කරන වැඩබැරි ඩිරෙක්ටටයි ඔයාටයි තමයි


මේක නම් මට පසු මුඛයෙනුත් හිනා යන චෝදනාවක්. මොකද මම මෙතුවක් කාලයකට ලියපු කිසිම: සිනමා, ටෙලි නිර්මාණ හෝ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් සමග අදාළ නිර්මාණය සම්බන්ධයෙන් අවම වශයෙන් දුරකතන ඇමතුමකින් හෝ කතා කරල නෑ. සමහර අය විචාරය පළ වුනාට පසුව නම් කතා කරල තියෙනවා. ඒ කතා බහත් එතනින් අවසන් කරල තියෙනවා. එහෙම නැතුව ඔයා පවසන විදියෙ සේවයක් මම කිසිම අධ්‍යක්ෂකවරයෙකුට හෝ අධ්‍යක්ෂකවරියකට කරල නෑ. එහෙම කරල තියෙනවා නම් අදාළ  අධ්‍යක්ෂකවරයාගේ (වැඩබැරි ඩිරෙක්ට) හෝ අධ්‍යක්ෂකවරියගේ නමත් සමග ම ඒකත් ඔප්පු කරන්න.


06.  මගෙ මොන දෙයක් දැක්කත් ඔයාගෙ පාණ්කඩේ එතෙන්ට ඔබනව


සම්පූර්ණයෙන් ම අසත්‍යයි නෙ සුමිත්. මගේ මතකය නිවැරැදි නම් ඔයාගෙ නිර්මාණයක් පිළිබඳ මම මගේ අදහස් දක්වලා තියෙන්නෙ ‘‘මහපොළොව’’ ගැන විතරයි. ඒකත් අදාළ නිර්මාණය පිළිබඳව නොවෙයි. ඔබ අදාළ නිර්මාණය හරහා ‘‘වාලුකා’’ සාහිත්‍ය කෘතියේ එන චරිත වගේ ම ‘‘වාලුකා’’ කතුවරිය මතු කරන සමාජ ප්‍රශ්නය සහ ඇගේ මතය ඝාතනය කිරීම පිළිබඳවයි. ඒ ලිපිය සිහිබුද්ධියෙන් කියෙව්වා නම් ඒක වැටහෙන්න ඕන. ඔයා මේ අදහස ලියන්නෙ සමහර විට සිරස විතරක් කියවලා වෙන්න ඇති. ඒ නිසා නැවත සිහි බුද්ධියෙන් මගේ ලිපිය කියවන්න. අනෙක බලන්න ඔයාගෙ මේ හඩු භාෂාව. කාට හරි බොරුවට හෝ චෝදනාවක් කරනවා නම් ඒ සඳහා සුදුසු වචන පාවිච්චි කරන්න ඉගෙනගන්න. එහෙමයි සාකච්ඡා කරන්න වුවමනා. ඔයාගෙ මේ වචන දැකපු ගමන් ම ඔයාගෙ මානසික ක්‍රියාකාරිත්වය කොහොමද කියල ඕන ම කෙනෙකුට තේරෙනව. ඒකහොඳ නැත්තෙ ‘‘සුමිත් රත්නායක’’ නමැති නිර්මාණකරුවට මිසක මට නෙවෙයි.


07.  රයිගම් සම්මාන මට අහිමි කරන්න ලොකු කාර්‍යභාරයක් ඔයා කරල තියෙනවා .


මෙන්න මේක තමයි සුමිත් ඔයා කරන බරපතළ ම චෝදනාව. අනෙක එහෙම කරන්න පුළුවන් නම් මම ‘‘මාර පොරක්’’ සුමිත්. ඔයා දන්නව ද... ඒක මට විතරක් කරන චෝදනාවක් නෙවෙයි. අදාළ වසරෙ රයිගම් ටෙලි සම්මාන උළෙල නියෝජනය කරපු විනිසුරු මඬුල්ලටත් කරන අපහාසයක්. මම දන්න තරමට ඒ උළෙලට බලපෑම් කරේ මහින්ද රාජපක්ෂ (ඔහු ජනාධිපති පදවිය හොබවන සමයේ) විතරයි. ඒත් නිර්මාණ සම්බන්ධයෙන් නෙවෙයි. දේශපාලනික වශයෙන් ඔහුට විරුද්ධ පාර්ශ්වයේ පුවත්පතක කර්තෘවරයෙක් සම්බන්ධයෙන්. ඒ ගැන වැඩි විස්තර මම මෙතන ලියන්නෙ නැහැ. ඔයා මේ චෝදනාව නම් අනිවාර්යයෙන් ම ඔප්පු කරන්න ම ඕන. එහෙම නොවුනොත් විසුරු මඬුල්ලත් ඔයාට විරුද්ධව යම් පියවරක් ගනීවි. මොකද මේ චෝදනාව එයාලටත් ඍජුවම බලපානවා. මම විශ්වාස කරනවා ඔයා ඔයාගෙ වගකීම ඉටු කරාවි කියල.


08.  ඕව ඕව ජාතික අපරාධ. කවදහරි ඕව විධවන්න වෙනව


මේ තමයි ඔයාගෙ අවසන් වචන ටික වගේ ම අවසන් ප්‍රාර්ථනාව. ඔයා ප්‍රාර්ථනා කරන ‘‘විධවිම’’ කෙසේ වෙතත් ‘‘විඳවීම’’ සම්බන්ධයෙන් නම් මම අංශු මාත්‍රයක් බය නෑ. මොකද මේ මොහොතෙ රටේ සමස්ත ජනගහනය ම විඳවන විඳවිල්ලට වඩා ලොකු විඳවීමක් නැති නිසා.



අවසාන වශයෙන් මම යළිත් අවධාරණය කරන්නෙ ඔයා මේ සටහන මට පුද්ගලිකව එවල බලාපොරොත්තු වුණේ මොනවද කියල මම දන්නෙ නැහැ. නමුත් මේ ප්‍රශ්නය සම්බන්යෙන් පුද්ගලිකව කතා කරනවට වඩා මම කැමතියි මේ විදියට ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න. ඔවු සුමිත්... දැන් ඔයාට අවස්ථාව තියෙනව ඔයා මට එරෙහිව නගන චෝදනා ප්‍රසිද්ධියේ ම ඔප්පු කරන්න. ඒක ඔයාටයි මටයි විතරක් නෙවෙයි... සමස්ත සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට ම කරන මෙහෙවරක්.



කවිය කම්බස් නොවේවා...! - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/11/20 



සබැඳි ලිපිය මෙන්න :

'මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

 

පිළිතුරුදීමේ අයිතිය :


theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...