BREAKING
Top Ad
Life

සුපර්ණකාගේ නහය සහ නිමල්ගේ ඇස - (නදීකා බණ්ඩාර)

T

The Leader

December 8, 2022 • 4:25 AM

සුපර්ණකාගේ නහය සහ නිමල්ගේ ඇස - (නදීකා බණ්ඩාර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාම, රාවණ, සීතා ඓතිහාසිකව මේ දක්වා විවිධ කලා නිර්මාණ වලට පසුබිම් වු මෙන්ම ජන විඥානයේ රැදුණු චරිත වෙති. නමුත් එම කතා වස්තුවේම
  • එයට බලපාන සුවිශේෂි තත්වයක් ලෙස වටහා ගත හැක්කෙ ඔවුන් තුළින් ප්‍රකට වන චර්යාව විය හැකියි.
  •   ඉතිහාස කතාවට අනුව රාමාට කැමැත්ත ප්‍රකාශ කරන්නට යන අවස්ථාවේ ඇතිවන ගැටුමේදී ලක්ෂමණ අතින් සුපර්ණකාගේ නහය තුවාල වෙයි.
  •   එහෙත් නාටකයේදී නිමල්ගේ ඇසට දී ඇති අවධානයට සාපෙක්ෂව සුපර්ණකාගේ නහයට අවධානයක් යොමු නොකරන අතරම එය ඉස්මතු නොවි අර්ථ නොගැන්වු සංකේතයක් ලෙසම පවත්වා ගනී.
අකුරු ප්‍රමාණය (Font Size):

සුපර්ණිකා, කුම්භකර්ණ වැනි චරිත ජනප්‍රිය නැත. එයට බලපාන සුවිශේෂි තත්වයක් ලෙස වටහා ගත හැක්කෙ ඔවුන් තුළින් ප්‍රකට වන චර්යාව විය හැකියි. සාමාන්‍ය පොදු සමාජය තුළ අගය කරවන චර්යා රටාවන් සහිත චරිත නොවෙති.


kanchuka dharmasiriකංවුකා ධර්මසිරිකංවුකා ධර්මසිරි සුපර්ණකා කරළියට රැගෙන එන්නෙ රාමා සීතා රාවණා ජනවිඥානය තුළ පැලපැදියම් වී ජනප්‍රිය වී සිටින එමෙන්ම රාවණා නැවත ප්‍රතිනිර්මාණය කරන්නට පෙළඹවීමක් සහිත මේ යුගයේදී වීම විශේෂත්වයකි.

 

ඉතිහාස කතාවට අනුව රාමාට කැමැත්ත ප්‍රකාශ කරන්නට යන අවස්ථාවේ ඇතිවන ගැටුමේදී ලක්ෂමණ අතින් සුපර්ණකාගේ නහය තුවාල වෙයි. එය අතිශය ප්‍රබල සංකේතයකි. කංචුකා සුපර්ණකා නාටකයේදී සුපර්ණකා වර්තමානයට රැගෙන එන්නෙ මෙම තුවාල වු නහයද සමගය.

 

එහෙත් නාටකයේදී නිමල්ගේ ඇසට දී ඇති අවධානයට සාපෙක්ෂව සුපර්ණකාගේ නහයට අවධානයක් යොමු නොකරන අතරම එය ඉස්මතු නොවි අර්ථ නොගැන්වු සංකේතයක් ලෙසම පවත්වා ගනී. ඒ වෙනුවට දිගින් දිගටම නිමල්ගේ ඇස අර්ථකථනය වෙයි. ඔහුගේ ඇස නාටකයේ වස්තු බීජය බවට පත් වීමෙන් අතීත කතා වස්තුව සුපර්ණකාගේ නහය සැඟවුනු අමුත්තා බවට පත් කර ඇත්තාක් මෙන්ම කංචුකාගේ නාටකයේදී ද සුපර්ණකා නහය සැඟවුනු අමුත්තා බවට පත් වන්නෙ අවිඥානිකවමය.

 

ලිංගික සහකරුවෙකු තෝරා ගැනීමේදි පුරුෂයාගේ ඇස ප්‍රතිචාර දක්වනාවක් මෙන්ම ස්ත්‍රියකගේ නහය ප්‍රතිචාර දක්වනු ලබන්නය යන විද්‍යාත්මක නිරීක්ෂණ වලට අනුව ලිංගික වරණයේදී මොළය වෙත සංඥා රැගෙන යන්නෙ පුරුෂයාගේ ඇස වන විට ස්ත්‍රියගේ නහය එම සංඥාවන් මොළය වෙත රැගෙන යයි. ඉතිහාස කතාවේ දී සුපර්ණකාගේ තුවාල වු නහය සංකේතවත් කරන්නෙ පුරුෂ ලෝකය විසින් ස්ත්‍රියකගේ ලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීමට දැක්වු ප්‍රතිරෝධයද? රාමා විසින් ප්‍රකාශ කරන දේවල් වලට වඩා ලක්ෂමණ විසින් සුපර්ණකාගේ නහය තුවාල කිරිමෙන් සංකේතවත් කරන්නෙ එයමද? ඊඩිපස් නාටකයේදී ඊඩිපස් විසින් තමාගේ ඇස තුවාල කර ගැනීමෙන් අදහස් වන්නෙ පුරුෂ ඇස පිළිබඳ වු මෙම දෛවතයද? ඇස තුවාල කර ගැනීමෙන් ඔහු තමාගේ ලිංගික සංඥාවන් ලබා ගන්නා ඉන්ද්‍රිය අහිමි කර ගනී. ඔහු තමාට දඩුවම් කර ගන්නෙ ලිංගික සංඥා ලබා ගන්නා ඉන්ද්‍රිය සහමුලින්ම විනාශ කර ගැනීමෙනි. සුපර්ණකාගේ නහය යනු ස්ත්‍රියක් ලිංගික සංඥා ලබා ගන්නා ඉන්ද්‍රිය ද?

 

තුවාල වු නහයද සමගින් වර්තමාන කතාවේ දි නිමල් නම් වු චිත්‍ර ශිල්පියෙකුගේ ස්ටුඩියෝ එකක සුපර්ණකා වාඩි වී සිටින්නෙ නිරූපිකාවක් ලෙසය. නාටකයට අනුව ඔහු ස්ත්‍රි නග්න රූප සිතුවම් කරන අතරම ඔහුගේ ලාලසාව වන්නෙ පියවුරු චිත්‍රයට නැගීමයි. සුපර්ණකාගේ එයට දක්වන එකම ප්‍රතිරෝධය වන්නෙ ඇගේ කොන්ද රීදීමයි. ඇය වරින් වර ඇගේ කොන්ද කැක්කුම ගැන කතා කරයි.

 

ජානකී නිමල්ගේ බිරිද වුවත් ඔවුන් අතර බිදුනු බවක් දක්නට ඇති අතර ජානකී සහ සුපර්ණකා අතර මිත්‍රත්වයක් ඉස්මතු වෙයි. ඇත්තෙන්ම සුපර්ණකා කරන්නෙ ජානකී සහ නිමල් අතර ඇති සබඳතාවයේ අතිරික්තය සමහන් කිරීමයි. ඒ හැරණු කොට සුපර්ණකා සහ ජානකී ට සිය මිත්‍රත්වය උර ගා බැලිය හැකි කිසිදු සංකීර්ණ අවස්ථාවක් නාටකය ඔවුන්ට සපයා දෙන්නෙ නැත. ජානකී තමාගේ නිර්මාණ සිදු කර ගැනීමට නොහැකිව සිටින්නෙ ගෘහමය වගකීම් ඇය දරන නිසාය. මෙම සංවාද හරහා නාටකය පැරණි ස්ත්‍රිවාදී කතිකාවට ඉතා පහසුවෙන් ඇඳ වැටීමට වැඩි ඉඩක් නිර්මාණය කර ගනී.

 315767541 2158618390985461 7181658551442233449 n


නාටකය සහමුලින්ම කේන්ද්‍රගත වන්නෙ නිමල් ගේ ඇස සමගයි. දිගින් දිගටම නිමල්ගේ ඇස සමඟ ගැටෙන නාටකය සුපර්ණකාගේ නහය කේන්ද්‍රගත යෙන් බැහැරව තබයි. එය තවදුරටත් අඳුරු තැනකි. අවිඥානිකව කංචුකාට පවා එය ගිලිහි යන්නෙ ඒ නිසාද? අනෙක් අතට සුපර්ණකා නිමල්ගේ සිටුඩියෝ එකේ වාඩි වී සිටිම සහ ඔහුව ප්‍රතික්ෂේප කිරීමෙන් හැඟවුම් කරන්නෙ පුරුෂ ඇස සහ ස්ත්‍රියක නහය අතර ගැටුමද? නාටකය පුරාවට පුරුෂයා ඉතා පැහැදිලි චිත්‍රයක් වන විට ස්ත්‍රිය තව දුරටත් අඳුරු වස්තුවක් ලෙස පවත්වා ගන්නෙ ඇයි? නිමල් නිරූපන ශිල්පියා බවට පත් වී සුපර්ණකා චිත්‍ර ශිල්පිනිය වුවා නම් සුපර්ණකා නිමල්ව සිතුවම් කරනු ඇත්තෙ කෙසේද?

 

කංචුකා ඇගේ නාටකය පුරාවට පිරිමි ශරීරය සිතුවම් කරන්නේ දේහධාරි පුරුෂ ශරීර රැසකිනි. ඔවුන්ගේ බල සම්පන්න භාවය ඇය නිරූපනය කරන්නෙ ඔවුන්ගේ ශරීර වලිනි. නැවතත් බලසම්පන්න රාමගේ දේහධාරිත්වයද සුපර්ණකාගේ පැන්ටසිය වන්නෙ? එය නිමල්ගේ පියවුරු පිලිබද සංකේතයට වඩා වෙනස් වන්නේ කොතනින්ද? කුම්භකර්ණ රගපානු නලුවා ගේ ශරීරය ඇත්තෙකු ඇය රාවණාට හෝ රාමාට තෝරා නෙගන්නෙ ඇයි? සුපර්ණකාට මෙන් සෙක්සි ඇදුමක් ඇයි ජානකීට නොදෙන්නෙ? රජවරුන්ගේ ශරීර උස මහත දේහධාරී වීම කලාවේදි සිදුවන්නෙ ඇයි ? සියලු ආදරවන්තයන් බහුතරයක් කලා නිර්මාණ වල දී දේහධාරි වන්නෙ ඇයි ?

 

316061089 2164356250411675 5733672805690028563 n

 

නාටකයේ ශරීර දේශපාලනය නාටකයේ ජානකී සහ සුපර්ණකා කතා කරන සියලු දෙබස් පරදවා නැගී සිටියි. නාටකයේ කතාවෙන් හරි අඩක් එය නිරූපනය කරයි. රාවණාගේ ශරීරය රාමාගේ ශරීරය පරදවන දේහධාරිත්වයක් අත් කර ගන්නෙ අවිඥානිකවය. විශාල ශරීරය නැවත ඉඟි කරන්නෙ ආරක්ෂාව පිලිබඳ සංකේතයකටය. සුපර්ණකාගේ ලිංගික ගතිකයන් ආහ්ලාදයන් ගවේෂණය නොවී සද්දන්ත පුරුෂ ශරීර අතර කංචුකා නාටකය දිය කර හරින්නෙ අවිඥානිකවද සවිඥානිකවද යන්න අප නොදන්නා රහසකි.

 316001434 2164355273745106 6813593781359250460 n

 

පියවුරු වලට ගොඩාක් ආශ කරන පිරිමි ස්ත්‍රියකගෙන් සොයන්නෙ රැකවරණය හා ආරක්ෂාවයි. කුඩා දරුවන් කිරි වැරීමෙන් පසුවද ස්ත්‍රි පුරුෂ හේදයකින් තොරව මවගේ පියවුරු වලට ආශක්ත වෙයි. එය ඔවුන් අල්ලාගෙන නිදා ගන්නට උත්සාහ කරයි. බොහෝ විට පියවුර අල්ලා ගන්නට දුන් විට ඔවුන් සුරක්ෂිත නින්දකට වැටෙනු දකිත හැකියි. එය උනුසුම ආරක්ෂාව පිලිබද වු මතකයකි.එහෙත් කුඩා දැරියක් වැඩෙන විට සිය සිරුර තුළින්ම නැවත අත්විදි. එය ඔහුට ඔහුගේ ශරීරය තුළින් අත් කර ගත නොහැකි දෙයකි. එහෙත් ස්ත්‍රියකට සිය මවගේ පියවුරු හිමිවෙයි. ශක්තිමත් පිරිමියා ආරක්ෂාව, රැකවරණය නිරූපනය කරන තරමටම පියවුරුද ආරක්ෂාව උනුසුම නිරූපනය කරයි. ස්ත්‍රියක් ශක්තිසම්පන්න පිරිමියෙක් සෙවීම ද නැවත ආරක්ෂාව පිලිබඳ හැඟවුමකි. එම සහජාසය නාටකය පුරාවට ගැටුමක් ලෙසින් මතු වෙයි. සුපර්ණකා සහ ජානකී නිමල්ගේ පියවුරු පිස්සුවට එරෙහි වීමත් කංචුකා දේහධාරි පිරිමි ශරිර සිය නාටකයේ පුරුෂ චරිත වලට තෝරා ගැනීමත් නිමල් ඇයි මට කැමති නැත්තෙ මම රාමා වගේ නොවන හින්දද කියා සුපර්ණකාගෙන් ප්‍රශ්න කිරීමත් යට ඇත්තෙ මෙම අවිඥානික ඉව නොවේ ද?

 

නිමල්, ජානකී සහ සුපර්ණිකා පුරුෂ ස්ත්‍රි බෙදීම ඉවත් කළහොත් සොයා ගොස් ඇත්තෙ තමාව රැක බලා ගන්නා කිසිදිනක තෘප්තිමත් කළ නොහැකි ආරක්ෂාව උණුසුම රැකවරණය පිළිබඳ කාංසාව වටා විය හැක. මෙම සියලුම චරිත එම කාංසාවේ ගිලි යයි. සුපර්ණකා දඩුමොනරය ඉල්ලා සිටින්නෙ එම කාංසාවෙන් ගැලවී යාමට විය හැකිය. දඩු මොනරය කුමක්දැයි මම නොදනමි. සමහරක් විට අප යථාර්ථයට ගැට ගසන අප භීතියට පත් කරන පැවැත්මේ උභතෝකොටිකයෙන් ගැලවී යන යමක් විය හැක. එහෙත් එය රාවණාගේ දඩුමොනරයේ තිබුනේ ද නැද්ද යන්න නම් මට අදහසක් නැත.

 

nadeeka bandara

නාට්‍යවේදිනි නදීකා බණ්ඩාර

 

(නදීකා බණ්ඩාර ගේ මුහුණු පොතෙන් උපුටා ගැනුණි)

 

 

 

 

ඡායා : හේමන්ත අරුණසිරි


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...