BREAKING
Top Ad
Life

ශකිරාගේ වියෝ දුකට මෙසීගේ බිරිඳගෙන් ඉමෝජියක්

T

The Leader

January 7, 2023 • 12:54 PM

ශකිරාගේ වියෝ දුකට මෙසීගේ බිරිඳගෙන් ඉමෝජියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක ප්‍රකට පොප් තරුවක වන කොලොම්බියානු ගායිකා ශකිරා සහ සුපිරි පාපන්දු තරුවක වන බාර්සිලෝනා ක්‍රීඩක ජෙරාඩ් පීක් අතර පැවති වසර 12ක සබඳතාව ඉකුත් ජුනි මස දී නිමා වීමෙන් පසු, නව වසර ආරම්භයේ
  • උදාසීනත්වයට වඩා සංවේදනය ඇති මිනිසුන් වැඩිය.
  • අපව වඩාත් මිනිසුන් බවට පත් කරයි, එවිට සිත් වේදනාවෙන් පෙළෙන විට පවා අපට දිගට ම ආදරය කළ හැකියි.” යනුවෙන්.
  • ජෙරාඩ් ශකිරාව රවටා ඇති බවට කරන ප්‍රකාශයන් ගැන දෙදෙනා ම මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර නොමැති අතර ජෙරාඩ් පීක් වෙනත් කාන්තාවක් සමඟ සිටින ඡායාරූප ස්පාඤ්ඤ මාධ්‍ය ආයතනයක් වන සෝසියලයිට් (Socialite) විසින් නිකුත් කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

දී ම 'ශකිරා' සිය අනුගාමිකයන් මිලියන 72කට වඩා වැඩියෙන් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ජෙරාඩ් පික්ට එරෙහි සටහනක් තබා තිබෙනවා.


උණු කැවුම් මෙන් ලොව පුරා බෙදුණු මෙම සටහනේ තීව්‍රතාව තව තවත් වැඩි වූයේ ජෙරාඩ් පීක් සමග බාර්සිලෝනාව වෙනුවෙන් ක්‍රීඩා කළ ආර්ජන්ටිනාවේ සුපිරි තරුව වන ලියොනල් මෙසීගේ බිරිඳ එයට එකතු කළ ප්‍රතිචාරය නිසායි.

shakira post

zdfgfdh

ජෙරාඩ්ගෙන් වෙන්වීම ගැන ශකිරා තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ස්පාඤ්ඤ බසින් එක් කළ සටහනෙහි වූයේ, “මේ අලුත් අවුරුද්දේ දීත් අපගේ වෙන් වීමේ තුවාල තවමත් විවෘතව තිබුණත්, කාලයට ශල්‍ය වෛද්‍යවරයකුගේ හැකියාව තිබෙනවා.

 

 කවුරුන් හරි අපව පාවා දුන්න ද, අප අන් අයව විශ්වාස කළ යුතුයි. පිළිකුලට මුහුණ දෙන විට, ඔබ ඔබේ වටිනාකම දැන ගන්න. මොකද නරක අයට වඩා හොඳ මිනිස්සු වැඩියි. උදාසීනත්වයට වඩා සංවේදනය ඇති මිනිසුන් වැඩිය. සමහර අය අප හැර යනවා නමුත් බොහෝ අය රැඳෙනවා. අපේ ඇස්වලින් වැටෙන කඳුළු නිෂ්ඵල ඒවා නොවේ, ඒවා අපගේ අනාගතය නැමති පසට සැපයෙන ජලයයි. අපව වඩාත් මිනිසුන් බවට පත් කරයි, එවිට සිත් වේදනාවෙන් පෙළෙන විට පවා අපට දිගට ම ආදරය කළ හැකියි.” යනුවෙන්.

 

urt6767u

කෙසේ නමුත් ශකිරාගේ මෙම සංවේදී ලියවිල්ලට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු තරුව; ලයනල් මෙසීගේ බිරිඳ වන ඇන්ටොනෙලා රොකුසෝ (Antonela Roccuzzo) ප්‍රතිචාර දක්වා තිබුණේ රතු පැහැති ඉමෝජි තුනක් යොදමිනුයි.

ජෙරාඩ් ශකිරාව රවටා ඇති බවට කරන ප්‍රකාශයන් ගැන දෙදෙනා ම මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර නොමැති අතර ජෙරාඩ් පීක් වෙනත් කාන්තාවක් සමඟ සිටින ඡායාරූප ස්පාඤ්ඤ මාධ්‍ය ආයතනයක් වන සෝසියලයිට් (Socialite) විසින් නිකුත් කර තිබුණා.

cfhfgu76r

කෙසේ නමුත් ඉන් අනතුරුව ශකිරා ලෝක ප්‍රකට 'එල්ලෙ' (Elle) සඟරාවට පවසා තිබුණේ, “මම හිතන්නේ ඒ විස්තර කෙසේ හෝ බෙදා ගැනීමට නොහැකි තරම් පුද්ගලිකයි, අඩුම තරමින් මේ මොහොතේ පවා ඒවා සියල්ල අමු සහ අලුත් ඒවා. මට කියන්න පුළුවන් මට තිබුණු හැම දෙයක්ම මම මේ සම්බන්ධයට සහ මගේ පවුලට දැම්මා කියලා” යනුවෙන්.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් ශකිරා කියා සිටියේ,

“මෙය මගේ ජීවිතයේ අඳුරුතම පැය වෙන්න ඇති. නමුත් මම සිතන්නේ ලොව පුරා මෙවැනි දුෂ්කරතාවන්ට මුහුණ දෙන, මා වැනි සියලුම කාන්තාවන් ගැන යි. පවුල වැනි සාරධර්ම විශ්වාස කරන, සිහිනයක් තිබූ, සදාකාලික පවුලක් පිළිබඳ විශාල සිහිනයක් තිබූ මා වැනි එම කාන්තාවන්ට, එම සිහිනය බිඳී හෝ කැබලිවලට කැඩී යාම දැකීම වේදනාකාරී ම දෙයකි." යනුවෙන්.

dfgsert

කෙසේ නමුත් ජෙරාඩ්ගෙන් වෙන්වීම තම සාර්ථකත්වයෙන් හිනි පෙත්තේ සිටින ශකිරා විඳ දරා ගනිමින්, ජීවිතයට තවත් පන්නරයක් ඉන් එකතු කර ගන්නා බව පවසන අතරේ ඇය සමස්ත කාන්තාවන්ට ම පණිවිඩයක් දෙනවා. එහි දී ශකිරා අවසන් වශයෙන් පවසන්නේ

“මම හිතන්නේ කාන්තාවන් වන අපිට ඔරොත්තු දීමේ හැකියාව සහජයෙන්ම උරුමයි. අපෙන් යැපෙන අයව පෝෂණය කිරීමට සහ රැකබලා ගැනීමට අපි අදහස් කරමු.” යනුවෙන්.


(hirunews.lk) 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශකිරාගේ වියෝ දුකට මෙසීගේ බිරිඳගෙන් ඉමෝජියක් | The Leader