BREAKING
Top Ad
Life

ගජමෑන් : ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය අද සිට රිදී තිරයේ

T

The Leader

January 20, 2023 • 12:39 AM

ගජමෑන් : ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය අද සිට රිදී තිරයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ජනප්‍රිය පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය අද (20) සිට ප්‍රේක්ෂකයාට දැකගැනීමට අවස්ථාව උදාවෙයි.
  • මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.
  • මෙරට අතිශය ජනප්‍රිය හඬ නළු නිළියන්ගේ හඬින් සැරසුණු 3D සිනමා නිර්මාණයන්ට ලොව භාවිතයට ගනු ලබන ඉහළම තාක්ෂණය වන Motion Capture නැත්නම් ”චලන ග්‍රහණය” යොදා ගජමෑන් චිත්‍රපටය නිර්මාණය කිරීමට වසර 10කට ආසන්න කාලයක් ගතවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සුවිශේෂී නිර්මාණයේ ප්‍රධානතම හඬකැවීම් ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය. ගජමෑන් චිත්‍රපටයේ තිර රචනය සිදුවන්නේද ඔවුන් දෙදෙනා අතිනි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

මෙරට අතිශය ජනප්‍රිය හඬ නළු නිළියන්ගේ හඬින් සැරසුණු 3D සිනමා නිර්මාණයන්ට ලොව භාවිතයට ගනු ලබන ඉහළම තාක්ෂණය වන Motion Capture නැත්නම් ”චලන ග්‍රහණය” යොදා ගජමෑන් චිත්‍රපටය නිර්මාණය කිරීමට වසර 10කට ආසන්න කාලයක් ගතවිය.

James Cameron විසින් නිෂ්පාදනය කරන ලද ලෝ පතළ Avatar සහ Steven Spielberg නිර්මාණය කළ The Adventures of Tintin චිත්‍රපට Motion Capture තාක්ෂණය භාවිත කර නිර්මාණය කර තිබේ.

'ගජමෑන්' චිත්‍රපටය ශ්‍රී ලාංකිකයින්ට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය.



1674123118 gajamana LFormatFactoryposter kamilasge gajaman 11 dimMV5BOWYxZmRhMTUtYjFiYS00NTMwLWJkZDUtZDU0ZTYxNzQ0ZjhhXkEyXkFqcGdeQXVyNzE4OTI5MzM. V1 670x353Gajaman 14 1024x540



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...