BREAKING
Top Ad
Life

සිංහල සංගීතයේ අනන්‍යතාව සොයා යෑම

T

The Leader

January 27, 2023 • 11:55 PM

 සිංහල සංගීතයේ අනන්‍යතාව සොයා යෑම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරාම එක් එක් භූගෝලීය කළාපයන් ට, එක් එක් ජන වර්ගයන් ට, එක් එක් සංස්කෘතීන් ට විශේෂිත වූ සංගීත අනන්‍යතාවයන් පවතී.
  • වෙසෙසින්ම 20 වන සියවසේ ආසියානු යටත්විජිත සමාජයන් වල සිදු වූ ගැඹුරු දේශපාලනික, සමාජ සංස්කෘතික, ඓතිහාසික පරිවර්තනයන් ගේ බලපෑමත් සමගම, ස්වදේශික උගතුන් විසින් මෙවන් පර්යේෂණයන් සිදු කරන්නට යෙදුණු බව පෙනේ.
  • එමෙන්ම 17 වන සියවසේ සිට යුරෝපියානු උගතුන් ද, සිලෝනියානු සමාජය විග්‍රහ කැර ගැනීමෙහි ලා, එහි වූ සංගීත අනන්‍යතාවන් බහු වෛෂයික පදනමකින් පර්යේෂණයට පාත්‍ර කළ අවස්ථා ද තිබේ.
  • මකුලොලුව මහතාගේ 101 වැනි ජන්ම දිනය නිමිති කරගෙන පැවැත්වෙන මෙම සංකථනයේදී අපගේ උත්සාහය වන්නේ කේවල අර්ථයකින් ඔහු මෙරට සංගීතයට කළ සේවය අගය කිරීම නොව පූළුල් සමාජ, දේශපාලන අවකාශයක් මත පිහිටා, බහු වෛෂයික ප්‍රවේශයකින් සිංහල සංගීතයේ අනන්‍යතාව විමසා බැලීමය.
අකුරු ප්‍රමාණය (Font Size):
දකුණු ආසියාවට පොදු සංගීත අනන්‍යතාවන් අතරින් ලංකාවට ප්‍රත්‍යෙක වූ සංගීත අනන්‍යතා ලක්‍ෂණ සොයා ගැනීම සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණයන් සහ ඥාණ විභාගයන් දුලබ නොවන්නේ නොවේ.

වෙසෙසින්ම 20 වන සියවසේ ආසියානු යටත්විජිත සමාජයන් වල සිදු වූ ගැඹුරු දේශපාලනික, සමාජ සංස්කෘතික, ඓතිහාසික පරිවර්තනයන් ගේ බලපෑමත් සමගම, ස්වදේශික උගතුන් විසින් මෙවන් පර්යේෂණයන් සිදු කරන්නට යෙදුණු බව පෙනේ. එමෙන්ම 17 වන සියවසේ සිට යුරෝපියානු උගතුන් ද, සිලෝනියානු සමාජය විග්‍රහ කැර ගැනීමෙහි ලා, එහි වූ සංගීත අනන්‍යතාවන් බහු වෛෂයික පදනමකින් පර්යේෂණයට පාත්‍ර කළ අවස්ථා ද තිබේ.

නූතන සිංහල සංගීත අනන්‍යතාවන් සම්බන්ධව කෙරෙන සොයා බැලීම් වල බහුලව දක්නට ලැබෙන පොදු ලක්ෂණය නම්, ඒවා මහා මූලාශ්‍ර මත පදනම් වීම හා ජනප්‍රියවාදී ආස්ථානයන්ට සීමා වීමය. ඩබ්. බී. මකුලොලුව මහතාගේ 101 වැනි ජන්ම දිනය නිමිති කරගෙන පැවැත්වෙන මෙම සංකථනයේදී අපගේ උත්සාහය වන්නේ කේවල අර්ථයකින් ඔහු මෙරට සංගීතයට කළ සේවය අගය කිරීම නොව පූළුල් සමාජ, දේශපාලන අවකාශයක් මත පිහිටා, බහු වෛෂයික ප්‍රවේශයකින් සිංහල සංගීතයේ අනන්‍යතාව විමසා බැලීමය.

මෙවැනි සංකථන කාලීනව පැවැත් වීම The MusiCulture පර්යේෂණ අංශයේ අදහසයි. (සංවාදයෙන් පසු ජන සංගීත වැඩසටහනක් ද පැවැත්වේ) ආරාධිතයන් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන උනන්දුව දක්වන සීමිත පිරිසකට ද විවෘත කිරීමට සංවිධායකයන් අදහස් කරයි. මෙම  අයදුම්පත සම්පූර්ණ කර ඔබේ අසුන වෙන්කර ගන්න.
 
326744813 566532478722566 1656636627097560711 n
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...